හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ මහජන සම්බන්ධතා අධ්යක්ෂ ජනරාල් මෙන්ම ලොතරැයි මණ්ඩලයේ හිටපු ක්‍රියාකාරී අධ්යක්ෂ තුසිත හල්ලොලුව ගමන් ගත් වාහනයට අද (17) රාත්‍රියේ නාරාහේන්පිට ප්‍රදේශයේ දී වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිසිය පවසයි.
මෑතක දී තුසිත හල්ලොලුව වඩාත් අවධානයට ලක් වන්නේ ජනාධිපති අනුර කුමාර දිසානායක සම්බන්ධව අවමන් සහගත ප්‍රකාශයක් සිදුකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවීමෙන් අනතුරුවය. ඊයේ අපරාධ පරී්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි තුසිත හල්ලොලුවගෙන් පැය 07ක දීර්ඝ ප්‍රකාශයක් ලබාගෙන තිබිණි.
මෙම වෙඩි තැබීම සිදුකරන අවස්ථාවේදී තුසිත හල්ලොලුවගේ මෝටර් රථයේ රියදුරු සහ නීතිඥවරයා සිට ඇති බව පොලීසිය පවසයි. ලංකා නිවුස් වෙබ් වාර්තා කරන්නේ ඔහුගේ නීතිඥවරයා ලෙස ඒ අවස්ථාවේ දී වාහනය තුළ සිට ඇත්තේ දිනේෂ් දොඩංගොඩ බවය.
ඔවුන් දෙදෙනා ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්නගේ නිල මැදිරියේ සිට ආපසු එමින් සිටියදී නාරාහේන්පිට දාබරේ මාවතේදී ඔවුන්ගේ වාහනයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව එම වෙබ් අඩවිය වාර්තා කර ඇත්තේ වින්දිතයින් දෙදෙනාට කතා කර තහවුරු කරගැනීමෙන් අනතුරුව බව සඳහන්ය.
වෙඩිතැබූ ගිනිඅවිය හිරවී ඇති ඇති බවත් එහිදී දිනේෂ් දොඩන්ගොඩ සහ තුසිත හල්ලොලුව වාහනයේ දොරවල් ඇරගෙන පිටතට පැන දිවගොස් ඇති බවත් වින්දිතයින් ප්‍රකාශ කළ බව ලංකාව නාව්සු වෙබ් සඳහන් කරයි. වෙඩික්කරුවන් එම වාහනයේ තිබුණු ලිපිගොනුවක් පැහැරගෙන පළාගොස් ඇති බව ද වින්දිතයින් පවසා ඇත.
එම වෙඩිතැබීමෙන් කිසිවෙකුටත් හානියක් සිදුව නැති බව වාර්තා වෙයි.
වෙඩි තැබීම සිදුකළ පුද්ගලයින් පළාගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග උපුටා දක්වමින් අද දෙරණ වාර්තා කරයි.







