මේ වනවිට ලෝකයේම අවධානයට ලක්වෙමින් හදිසි ගොඩබෑමකට ලක් කළ TK733 තුර්කි ගුවන්යානය කටුනායක ජාත්‍යාන්තර ගුවන් තොටුපලිලන් යළි ඉස්තාන්බුල් නුවර බලා පිටත්ව ගොසිනි. මගීන් 202ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 10 දෙනෙක් සහිතව ඊයේ රාත්‍රියේ ගුවන් ගත වී යළි හදිසි ගොඩබෑමකට ලක් කළ යානයෙන් යළි පිටත් වී ගොස් තිබුණේ මගීන් 51ක් පමණි. යානය පස්වරු 5.41ට ගුවන්ගත වූ තුර්කිය බලා පියාසර කළේය.
ලෝකයේම අවධානයට ලක් වූ සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය. ඊයේ රාත්‍රියේ TK733 ගුවන් යානය පැය 7යි විනාඩි 30කින් තුර්කියේ ස්ථානබූල් තෙක් ගමන් කිරීම අරමුණු කරගත් දීර්ඝ චාරිකාවක් සඳහා ගුවන්ගත වූයේය. මෙම එයාර්බස් A330 යානය කටුනායක ගුවන් තොටුපලින් ගුවන්ගත වන්නේ රාත්‍රී 10:00 ට පමණය. ගුවන් සැරියට එක්වන මගීන් සහ කාර්යමණ්ඩලයේ මුළු සංඛ්‍යාව 212 කි.
ගුවන්ගත වී ඉතාම ස්වල්ප වේලාවකින් යානයේ සිදුවෙමින් ඇති බරපතල කාර්මික දෝෂයක් ගුවන් නියමුවරුන් නිරීක්ෂණය කළේය. එය සිදුවන්නේ යානය ගුවන් ගත වීමෙන් මිනිත්තු කිහිපයක් ඇතුළත ගොඩබෑමේ රෝද නිසි ආකාරයෙන් ක්‍රියාත්මකවන ගියර් පද්ධතියේ අක්‍රමිකතාවයක් හඳුනා ගැනීමෙනි. ඉන් අනතුරුව එළඹෙන්නේ ආරක්ෂිතව ගොඩබෑම සඳහා සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක විය යුතු තීරණාත්මක අංගයකි.
තත්වයේ බරපතලකම හඳුනා ගනිමින් ප්‍රධාන ගුවන් ගුවන් ගමන අත් හැර දැඩි ආරක්ෂක විධිවිධාන අනුගමනය කිරීමට තීරණය කළේය. වහාම ඔහු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ අමතා යානය ආපසු හැරවීම සඳහා තීරණාත්මක ඉල්ලීමක් කළේය. මේ වනවිට යානයේ ගුවන් යානා ඉන්ධන ලීටර 97000ක් ගබඩා කර තිබිණි. සම්මත හදිසි ක්‍රියා පටිපාටිවල කොටසක් ලෙස හදිසි ගොඩබෑමකට පෙර අතිරික්ත ඉන්ධන දහනය කිරීම අවශ්‍යය. මූලිකම අරමුණ ගොඩබෑමේ බර අඩු කිරීමය. මේ අභිලාෂය සහිතව ඉන් අනතුරුව යානය හලාවත මුහුදට ඉහළින් ශ්‍රී ලංකා ගුවන් අවකාශයේ රවුම් වශයෙන් ගමන් කරන්නට විය.

මේ වනවිට ගුවන් තොටුපළ බලධාරීන් ඕනෑම සිදුවීමක් සඳහා සූදානම්ව සිටියේය. ගිනි නිවන භටයින්, ගිලන් රථ, වෛද්‍ය කණ්ඩායම් සහ ගලවා ගැනීමේ නිලධාරීන් සමඟ ධාවන පථය සම්පූර්ණ හදිසි සූදානමකින් සකසා තිබිනි. මුහුදු තීරයේ ද ගලවා ගැනීමේ යාත්‍රා යොදවා තිබිණි.
ගුවන්ගත වී පැය දෙක හමාරකට පසු, එනම් අද අළුයම 12:28 ට පමණ, ගුවන් යානය බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ ධාවන පථයට ආරක්ෂිතව ගොඩ බැස්සේය. එක් මගියෙකුට හෝ කාර්ය මණ්ඩලයට සීරීමේ තුවාලයක් සිදුවූයේ නැත. වෘත්තීමය ශික්ෂණය, පීඩනය අභිමුව ඇතිවන තත්ත්වයන් කළමනාකරණය කරගැනීමේ පරිචය, නොසැලෙන විශ්වාසය සහ තීව්‍ර විනයගරුක ස්වරූපය මහා ව්‍යසනයන් වෙනස් කරන ආකාරය අප ඇස් පනාපිට දුටුවේය.
ගොඩබෑමේ ගියර් අක්‍රියතාවයට නිශ්චිත හේතුව තීරණය කිරීම සඳහා පරීක්ෂණ ආරම්භ විය. ලෝකයේම ගුවන් සේවා නිලධාරීන් යානයේ ගුවන් කාර්ය මණ්ඩලයේ ක්‍රියාවන්ට ප්‍රශංසා කරන්නට වූයේය.
ගෙඩබැසීමෙන් පසු මගීන්ට සහාය වීමට සත්කාරක කණ්ඩායම් ඉදිරිපත් වී තිබිනි. මගින් වෙනුවෙන් නවාතැන් සහ ගමන් විකල්ප සම්පාදනය සිදුවිය. . ගුවන් තොටුපළ මෙහෙයුම් අවම බාධාවකින් අඛණ්ඩව සිදුවිය.
මේ විශිෂ්ට ගුවන් නියමුවාගේ නම මේ අවස්ථාවේ බලධාරීන් විසින් නිකුත් කර නැත. නමුත් ඔහු සහ ඔහුගේ කාර්ය මණ්ඩලය වේගයෙන් හා සංයමයෙන් තීරණ ගනිමින් ආතති සහගත මොහොතක් කළමනාකරණය කළ වෘත්තීයභාවය පිළිබඳ කතාවක් ඉතිරිපත් කර ඇත.





