ලංකාවට පහසුකම් සහිත අලි රෝහලක් ලබාදීම ගැන තායි රජයේ අවධානය යොමු කරන බව ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති Poj Hornpol ඊයේ (20) හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න හමුවී පවසා ඇත.
මුතු රාජා ගෙනගියේද නිසි ප්රතිකාර නොලැබුණු නිසා බවත් නිසි ප්රතිකාර සිදුකළේනම් මුතු රාජා ඇතා ලංකාවේම රඳවාගැනිමට හැකිව තිබුණ බවත් ශ්රී ලංකාවේ තායිලන්ත තානාපති Poj Hornpol හිටපු දියවඩන නිලමේ නෙරංජන් විජයරත්න හමුවිමෙන් පසු පවසා තිබේ.
රඹුක්කන පිහිටි හිටපු දියවඩන නිලමේවරයාගේ නිවසට ගොස් පැය තුනක පමණ කාලයක් එහි රැඳී සිටි තානාපතිවරයා ලංකාව හා තායිලන්තය අතර ඇති මිත්රත්වය ගැන විශේෂයෙන් කතාබහ කර ඇත.
මුතු ඇතා හිටපු ජනාධිපතිනිය විසින් කන්දේ විහාරයට ලබාදි ඇතැයිද එම ඇතා දළදා මාලිගාවට දුන්නානම් මෙවැනි කරදරයක් සිදුනොවන බවද මෙහිදි හිටපු දියවඩන නිලමේවරයා තානාපතිවරයාට පවසා තිබේ.
මුතු රාජා යනු ලංකාවට ලැබුණු රාජ්ය තාන්ත්රික තෑග්ගක් නිසා මුතු රාජා ගැන මීට වඩා ලංකා රජයේ අවධානය යොමුකිරීමට තිබුණු බව තායිලන්ත තානාපතිවරයා පවසා ඇත.







