සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මෝදි – රනිල් එකඟ වුන ඉන්දු ශ්‍රී ලංකා හවුල්කාරිත්ව දැක්ම මෙන්න…

by editor
ජූලි 21, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ශක්තිමත් ඉන්දු – ලංකා සබඳතාවක් වෙනුවෙන් දෙරට අතර පුළුල් ආර්ථික හවුල්කාරිත්ව දැක්මක් ප්‍රකාශයට පත් කර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

ඉන්දියාවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ  සහ ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි   අතර අද (21)   පෙරවරුවේ නවදිල්ලි නුවරදී පැවැත්වූ සාකච්ඡා  ඉතා සාර්ථක සහ ඵලදායී අන්දමින් පැවති බවත් එම සාකච්ඡාවෙන් අනතුරුව  දෙරට අතර ඉන්දු – ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම එළිදැක්වූ බවත් එම අංශය නිවේදනය කරයි.

සමුද්‍රීය කටයුතු, ගුවන් සබඳතා, බලශක්ති සහ විදුලිබල සබඳතා, වෙළෙඳ, ආර්ථික සහ මූල්‍ය සබඳතා, පුද්ගල සබඳතා යන ක්ෂේත්‍ර 05ක් ඔස්සේ  ප්‍රකාශයට පත් වූ   මෙම හවුල්කාරිත්ව දැක්ම මෙසේය.

ඉන්දු-ශ්‍රී ලංකා ආර්ථික හවුල්කාරිත්ව දැක්ම

1. ඉන්දීය අග්‍රාමාත්‍ය ශ්‍රී නරේන්ද්‍ර මෝදි මහතා සහ ශ්‍රී ලංකා ජනාධිපති ගරු රනිල් වික්‍රමසිංහ මහතා 2023 ජූලි 21 වැනි දින නවදිල්ලි නුවරදී ඔවුන්ගේ හමුවීම අතරතුර ඵලදායී සහ සාර්ථක සාකච්ඡාවක් පැවැත්වීය. ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික දුෂ්කරතා මඟහරවා ගැනීම සඳහා ඉන්දු – ශ්‍රී ලංකා හවුල්කාරිත්වය ශක්තියක් වූ බව නායකයන් පිළිගත් අතර ශ්‍රී ලංකා ජනාධිපතිවරයා විසින් ශ්‍රී ලංකාවේ රජයට සහ ජනතාවට ඉන්දියානු රජය සහ ජනතාව විසින් දක්වන ලද කාලෝචිත, පෙර නොවූ විරූ සහ තීරණාත්මක සහයෝගය විශේෂයෙන් අගය කළේය.

2. නායකයන් දෙදෙනාම ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය, ස්ථාවරත්වය සහ ආර්ථික ප්‍රකෘතිය සඳහා ඔවුන්ගේ දැඩි කැපවීම සහ විශ්වාසය යළිත් අවධාරණය කළ අතර, රට තුළ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම මඟින් ශ්‍රී ලාංකීය සමාජයේ සියලුම කොටස්වලට ප්‍රතිලාභ සැලසෙන සමානාත්මතාවයකින් යුතු සහ ස්ථාවර වර්ධනයක් අත්කර ගැනීම සඳහා ඉන්දියාවේ අඛණ්ඩ සහයෝගය සහ ආයෝජනවල වැදගත්කම ද මෙහිදි අවධාරණය කෙරිණි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

3. ඉන්දියාවේ තිරසාර හා වේගවත් ආර්ථික වර්ධනය සහ තාක්‍ෂණික දියුණුවත්, ශ්‍රී ලංකාවේ වත්මන් ස්ථාවරත්වය හා ආර්ථික ප්‍රකෘතිය, ප්‍රතිසංස්කරණ සහ වර්ධනය යන කරුණු ඉන්දියානු සාගර කලාපයේ වර්ධනය වැඩි දියුණු කරමින් දෙරට අතර සමීප සහ ගැඹුරු ද්විපාර්ශ්වික ආර්ථික හවුල්කාරිත්වයක් ඇති කර ගැනීමට සුවිශේෂී අවස්ථාවක් සපයන බවට නායක දෙපළ එකඟ වූහ.

තවද, දෙරටේ ජනතාව අතර ශිෂ්ඨාචාරමය බැඳීම්, භූගෝලීය සමීපත්වය, සංස්කෘතික සබඳතාව සහ වසර දහස් ගණනක සුහදතාවය මගින් ලබා දෙන අසමසම වාසි නායකයින් විසින් අවධාරණය කරන ලද අතර හවුල් සහ තිරසාර ආර්ථික සමෘද්ධියක් ගෙන එන ආකාරයෙන් පවත්නා සහසම්බන්ධතා සහ අනුපූරකතා උපයෝගී කර ගැනීමේ ඔවුන්ගේ උත්සාහය යළි තහවුරු කළහ.

මේ සඳහා, දෙරටෙහි සියලු මානයන්හි සම්බන්ධතාවය ප්‍රවර්ධනය කිරීමේ සහ ශක්තිමත් කිරීමේ ප්‍රධාන වැදගත්කම නායකයින් විසින් අවධාරණය කරන ලදී.
ඒ අනුව නායකයන් දෙදෙනාම මෙලෙස එකඟතාවයන්ට පැමිණ ඇත.

1. සමුද්‍රීය සම්බන්ධතාවය:

a. අන්‍යෝන්‍ය අවබෝධය පරිදි කලාපීය සැපයුම් සහ නාවික කටයුතු ඒකාබද්ධ කිරීමේ අරමුණින් කොළඹ, ත්‍රිකුණාමලය සහ කන්කසන්තුරේ වරාය සහ සැපයුම් යටිතල පහසුකම් සංවර්ධනය සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම;

b. ඉන්දියාවේ නාගපට්ටිනම් සහ ශ්‍රී ලංකාවේ කන්කසන්තුරේ අතර මගී බෝට්ටු සේවා නැවත ආරම්භ කිරීම සහ රාමේෂ්වරම්, තලෙයිමන්නාරම හා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ අනෙකුත් ස්ථාන අතර මගී බෝට්ටු සේවා කඩිනමින් නැවත ආරම්භ කිරීමට කටයුතු කිරීම.

II ගුවන් සම්බන්ධතාවය:

a. යාපනය සහ චෙන්නායි අතර ගුවන් ගමන් නැවත ආරම්භ කිරීම මගින් දෙරටේ ජනතාව අතර සබඳතා වැඩිදියුණු කර ඇති අතර, එය කොළඹ දක්වා තවදුරටත් පුළුල් කිරීමට මෙන්ම චෙන්නායි සහ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ගමනාන්ත අතර සම්බන්ධතා ගවේෂණය කිරීමට එකඟ වී ඇත.

b. ජනතාවට වැඩි ආර්ථික ප්‍රතිලාභ ලබා දීම සඳහා පලාලි ගුවන් තොටුපළේ යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම ඇතුළුව සිවිල් ගුවන් සේවා සඳහා ආයෝජන සහ සහයෝගීතාව දිරිමත් කිරීම සහ ශක්තිමත් කිරීම;

III. බලශක්ති සහ විදුලිබල සම්බන්ධතාවය:

a. පුනර්ජනනීය බලශක්ති සංවර්ධනය කිරීමේ සහයෝගීතාව පිළිබඳ අවබෝධතා ගිවිසුමේ නිගමනයන්ට අනුව සුළං සහ සූර්ය බලය ඇතුළුව ශ්‍රී ලංකාවේ සැලකිය යුතු පුනර්ජනනීය බලශක්ති විභවයන් වර්ධනය වනු ඇති අතර එමඟින් 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ජනනය කිරීමේ ඉලක්කය සපුරා ගැනීමට ශ්‍රී ලංකාවට හැකි වේ.

b. ශ්‍රී ලංකාව සහ BBIN (බංගලාදේශය, භූතානය, ඉන්දියාව සහ නේපාලය) රටවල් ඇතුළු අනෙකුත් කලාපීය රටවල් අතර ද්විපාර්ශ්වික විදුලිබල වෙළඳපොළ සක්‍රීය කිරීම සඳහා ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ඉහළ ධාරිතාවකින් යුත් බලශක්ති ජාල අන්තර් සම්බන්ධතාවයක් ඇති කිරීම, ශ්‍රී ලංකාවේ විදුලිබල පිරිවැය අඩු කිරීමට පමණක් නොව ශ්‍රී ලංකාව සඳහා වටිනා සහ විශ්වාසනීය විදේශ විනිමය මූලාශ්‍රයක් නිර්මාණය කිරීමට උපකාර කිරීමටද එමගින් හැකියාව ඇත.

c. සාම්පූර් සූර්ය බලශක්ති ව්‍යාපෘතිය සහ ද්‍රවීකෘත ස්වභාවික වායු (LNG) යටිතල පහසුකම් පිළිබඳව ඇතිකරගත් එකඟතාව ක්‍රියාවට නැංවීම කඩිනම් කිරීම සහ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්‍රය තුළ පුනර්ජනනීය බලශක්ති මිශ්‍රණයන් උත්පාදනය ඉහළ නැංවීමේ අරමුණින් නව්‍ය තාක්ෂණයන් භාවිතයෙන් හරිත හයිඩ්‍රජන් සහ හරිත ඇමෝනියා ගවේෂණය.

d. ත්‍රිකුණාමලයේ වැව් ගොවිපළ සංවර්ධනය කිරීමේ අඛණ්ඩ සහයෝගීතාවය එම ප්‍රදේශයේ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගිතා ව්‍යාපෘති සංවර්ධනය කිරීමේ දෙරටේ උත්සාහයේ පිළිබිඹුවක් වන අතර අන්‍යෝන්‍ය අවබෝධය මත කර්මාන්ත, බලශක්ති සහ ආර්ථික ක්‍රියාකාරකම්වල ජාතික හා කලාපීය කේන්ද්‍රස්ථානයක් ලෙස ත්‍රිකුණාමලය තවදුරටත් සංවර්ධනය කිරීමට එකඟ විය.

e. ශ්‍රී ලංකාවට දැරිය හැකි සහ විශ්වාසදායක බලශක්ති ප්‍රභවයන් සැපයීම සහතික කිරීමේ අරමුණින් ඉන්දියාවේ දකුණු ප්‍රදේශයේ සිට ශ්‍රී ලංකාව දක්වා බහු නිෂ්පාදන ඛනිජ තෙල් නල මාර්ගයක් (multi-product petroleum pipeline) ඉදිකිරීම සඳහා සහයෝගයෙන් කටයුතු කිරීම;

f. ශ්‍රී ලංකාවේ වර්ධනය වන ඛනිජ තෙල් ක්ෂේත්‍රය සංවර්ධනය කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ අක්වෙරළ ද්‍රෝණිවල හයිඩ්‍රොකාබන් නිෂ්පාදනය සඳහා අන්‍යෝන්‍ය වශයෙන් එකඟ වූ ඒකාබද්ධ ගවේෂණයක් සිදු කිරීම.

IV. වෙළඳ, ආර්ථික සහ මූල්‍ය සම්බන්ධතා:

a. ශ්‍රී ලංකාවේ කොවිඩ් වසංගතය සහ ආර්ථික අර්බුදය ද්විපාර්ශ්වික වෙළෙඳාම සහ ආර්ථික ක්‍රියාකාරකම්වල වැදගත්කම අවධාරණය කළ අතර ප්‍රතිපත්ති අනුකූලතාව, ව්‍යාපාර කිරීමේ පහසුව ප්‍රවර්ධනය කිරීම සහ එකිනෙකාගේ ආයෝජකයින්ට සාධාරණ ලෙස සැලකීම තුළින් අන්‍යෝන්‍ය ආයෝජන සඳහා තවදුරටත් පහසුකම් සැලසීමට එකඟ විය.

b. ශ්‍රී ලංකා රජය සතු ව්‍යවසායන් සහ ශ්‍රී ලංකාවේ විවිධ ක්ෂේත්‍රවල නිෂ්පාදන/ආර්ථික කලාපවල ඉන්දියාවෙන් කෙරෙන ආයෝජන සඳහා පහසුකම් සැලසීම

c. නව සහ ප්‍රමුඛතා ක්ෂේත්‍රවල ද්විපාර්ශ්වික වෙළඳාම සහ ආයෝජන පුළුල් ලෙස වැඩිදියුණු කිරීමේ අරමුණින් ආර්ථික හා තාක්ෂණ සහයෝගීතා ගිවිසුම පිළිබඳ සාකච්ඡා කිරීම;

d. දෙරට අතර වෙළඳ ගනුදෙණු පියවීම් සඳහා මුදල් ඒකකයක් ලෙස ඉන්දියානු රුපියල (INR) නම් කිරීමට ගත් තීරණය වඩාත් ශක්තිමත් සහ අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක වාණිජ සම්බන්ධතා ඇති කර ඇති අතර, ව්‍යාපාර සහ සාමාන්‍ය ජනතාව අතර වෙළඳාම සහ ගනුදෙනු තවදුරටත් වැඩිදියුණු කිරීම සඳහා Unified Payments Interface (UPI) පදනම් කරගත් ඩිජිටල් ගෙවීම් ක්‍රියාත්මක කිරීමට එකඟ විය.

e. සීඝ්‍ර ඩිජිටල්කරණය ඉන්දියාවේ ආර්ථික සංවර්ධනය සහ පාලනය යන දෙඅංශයේම සිදුවෙමින් පවතින පරිවර්තනීය වෙනස්කම් සඳහා වැදගත් බලවේගයක් වන අතර, ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ පුරවැසි කේන්ද්‍රීය සේවාවන් ජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව සැපයීම සඳහා ප්‍රමුඛතාවයන් අනුව ඉන්දියාවේ ඩිජිටල් පොදු යටිතල පහසුකම් ප්‍රයෝජනයට ගැනීමට එකඟ විය.

V. පුද්ගල -පුද්ගල සම්බන්ධතාවය:

a. සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම සඳහා දඹදිව වන්දනා චාරිකාව සහ රාමායණ චාරිකාව මෙන්ම ශ්‍රී ලංකාවේ පුරාණ බෞද්ධ, හින්දු සහ අනෙකුත් ආගමික සිද්ධස්ථාන පිළිබඳව දැනුවත් කිරීම සහ ප්‍රචලිත කිරීම;

b. ශ්‍රී ලංකාවේ අවශ්‍යතා සහ ප්‍රමුඛතා අනුව ශ්‍රී ලංකාව තුළ නව උසස් අධ්‍යාපන සහ නිපුණතා මණ්ඩප (Skilled Campus) පිහිටුවීම ඇතුළුව දෙරටේ අධ්‍යාපන ආයතන අතර සහයෝගීතාව ගවේෂණය කිරීම;

c. කෘෂිකර්මය, ජලජීවී වගාව, තොරතුරු තාක්ෂණ, ව්‍යාපාර, මූල්‍ය සහ කළමනාකරණය, සෞඛ්‍ය හා වෛද්‍ය විද්‍යාව, පෘථිවි හා සමුද්‍ර විද්‍යාව, සාගර විද්‍යාව, අභ්‍යවකාශ යෙදුම් යන ක්ෂේත්‍රයන් මෙන්ම ඉතිහාසය, සංස්කෘතිය, භාෂා, සාහිත්‍යය, ආගමික අධ්‍යයන සහ අනෙකුත් මානව ශාස්ත්‍ර වැනි අන්‍යෝන්‍ය අවශ්‍යතා ඇති ක්ෂේත්‍රවල ද පර්යේෂණ සහ අධ්‍යයන ආයතන අතර අන්තර් සහයෝගීතාව පුළුල් කිරීම; සහ

d. ඉන්දියාවේ සිට ත්‍රිකුණාමලය සහ කොළඹ වරායන් වෙත ගොඩබිම් ප්‍රවේශ මාර්ග සංවර්ධනය කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම මඟින් ශ්‍රී ලංකාව සහ ඉන්දියාව යන දෙරටෙහි ආර්ථික වර්ධනය සහ සෞභාග්‍යය ඇති කිරීම වෙනුවෙන් වසර දහස් ගණනාවක් පැරණි සබඳතා ඉවහල් ඇත. එවැනි ගොඩබිම් සම්බන්ධතාවයක් ඇති කිරීම සඳහා ශක්‍යතා අධ්‍යයනයක් ඉදිරි කාලයේදී සිදුකරනු ලැබේ.

රටවල් දෙක අතර කලාපයේ පුළුල් වර්ධනය හා සමෘද්ධිය අරමුණු කර ගනිමින් දිගුකාලීන දිශානතියක් සහ සැලකිය යුතු ගම්‍යතාවයක් ලබා දෙමින් වැඩිදියුණු කරන ලද අන්‍යෝන්‍ය අවබෝධය සහ විශ්වාසය මත පදනම් වූ ගතික ඉන්දු ශ්‍රී ලංකා සම්බන්ධතාවයක අනාගත දිශානතිය සකසන මෙම හවුල්කාරිත්ව දැක්මේ කඩිනම් ප්‍රගතියක් අත්කර ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස නායකයන් දෙපළ අදාළ නිලධාරීන්ට උපදෙස් දුන්හ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

තායිලන්තයේ මෙන් අලි රෝහලක් ලංකාවට ලබාදෙන්න අවධානය යොමුකරනවා – තායිලන්ත තානාපති!

Next Post

බිරියට ජොබ් එක ගන්න පුද්ගලයෙක් අපරාධයකට පටලවන ගේමක් ගහලා… ගම්පල ක්‍රයිම් ඕඅයිසීට චෝදනාවක්..

Related Posts

පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.