රටින් පිටවීම සදහා සිදුකළ පීසීආර් පරික්ෂාව මගින් ඔහු ඔමික්‍රෝන් ආසාදිතයෙකු බවට තහවුරු කර තිබියදී රටින් පිටවූයේ කෙසේද යන්න ගැටලුවක් යැයි විද්වත් වෘත්තීන්ගේ සංගමයේ සභාපති රවී කුමුදේශ් සදහන් කරයි.
ගුවන්තොටුපල රසායනාගාරය මගින් අදාල වාර්තාව සියලුම සෞඛ්‍ය බළධාරීන්ට දන්වා තිබියදී ඔහු රටින් පිටව යාම විමතිය දනවන්නක් යැයි ඔහු පෙන්වාදේ.
ආසාධිතව සිටියදී රටින් පිටව යාමට ඉඩහැරීම රටක් ලෙස වසංගතය පාලනය කිරීම වගකීම් පැහැර හැර ඇති අතර එමගින් විශාල සංඛ්‍යාවකට සහ රටවල් ගණනාවකට ඔමික්‍රෝන් සම්ප්‍රේක්ෂණය කරවීමේ අවදානමක් නිර්මාණය කර ඇතැයිද හෙතෙම අවධාරණය කරයි.
මේ පිලිබදව විධිමත් පරික්ෂනයක් කරන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද විද්වත් සංගමය සඳහන් කරයි.
මේ අනුව රටට ඇතුළු වන සියලුම ගුවන් මගීන් පීසීආර් පරික්ෂාවටලක් කිරිම හා විධිමත්ව ප්‍රභේද පරික්ෂාවන් සිදුකිරිමට නියෝග කරන මෙන්ද ඔහු ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියි.








Bum Boom