සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

තවමත් මළල ක්‍රීඩාව අත් නොහල අපේ නෙට්බෝල් රැජණ… ගයාංජලී අමරවංශ කියන කතාව..

by editor
සැප්තැම්බර් 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ආසියාවේ දැල්පන්දු රැජණියන් පෙරහර කළ පිළිගනු ලැබූහ. ඔවුන් පිටපිටම ආසියානු දැල්පන්දු ශූරතාවය දිනා තිබුණහ. එහෙත් මෙවැනි ගෞරවණීය අත්දැකීමක් ඔවුන් ලැබ තිබුණේ නැත.

ලංකාවේ මිනිස්සු සිටියේ හාමතේය.  කුසගින්නේ වැටෙන මිනිස්සුන්ට ජයග්‍රහණ හීනය. ආත්ම ගෞරවය මෙන්ම පෞරුෂය ද සිඳීගිය ජාතියක උරුමය පරාජය බව අපි කල්පනා කළෙමු.

නෙට්බෝල් කෙල්ලන් ආසියාව දිනාගෙන ආවේ ඒ අතරය. ක්‍රිකට් ආසියානු ශූරතාවයේ මහෝඝයෙන් වැසී ගිය ද ඒ නිසාම ගෞරවණීය පිළිගැනීමකට පදනම වැටුණු නෙට්බෝල් ක්‍රීඩිකාවන් ජනාධිපතිවරයාගේත් විශේෂ ඇගයීමකට ලක් විය.

ගයන්ජලී අමරවංශ

නායකයින් 05 දෙනෙක් ක්‍රීඩා කළ අත්දැකීම් බහුල ශ්‍රී ලංකා කණ්ඩායමේ වත්මන් නායිකාව ගයාංජලී අමරවංශය. ගයාංජලී ඒ අත්දැකීම ලෝකය සමග බෙදා ගන්නේ මෙසේය. මේ ඒ කතාවය.

මගේ ගම නුවර, කටුගස්තොට. පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, අක්කයි, මමයි. මම පාසල් ගියේ මහනුවර උසස් බාලිකා විදුහලට.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

තුන් වැනි ශ්‍රේණියේ පටන් තමයි නෙට්බෝල් ක්‍රීඩාවට යොමු වුණේ. නමුත් මගේ ආරම්භය වෙන්නෙ මලල ක්‍රීඩා. මීටර සියය, දෙසීය සහ දුර පැනීම යන තරග වලින් ජයග්‍රහණ රැසක් ලබාගෙන තියෙනව.

මම නෙට් බෝල් ක්‍රීඩාවට යොමුවෙන්නෙ මගේ අක්කා නිසා. ඇය නෙට්බෝල් ක්‍රීඩිකාවක්. එයා තරග කරනව දැකල ඇති වුණ ආසාව නිසා තමයි මම නෙට්බෝල් ක්‍රීඩාවට යොමු වෙන්නෙ.

අද ඇය ඉන්නෙ ඔස්ට්‍රේලියාවෙ. අපේ තරගය බලන්නත් ආව. ඒක මට ලොකු ශක්තියක්. මේ ලබපු ජයග්‍රහණය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.

මොකද නෙට්බෝල් ක්‍රීඩාවට මේ වගේ පිළිගැනීමක් කවදාවත් ලැබිල නැහැ. මේ පළමු වැනි වතාව. මෙතනදි විශේෂයෙන්ම ඩයලොග් ආයතනයට ස්තූති කරන්න ඕන අපි වෙනුවෙන් මෙවැනි ඉහළ පෙළේ පිළිගැනීමේ උත්සවයක් සංවිධානය කිරීම ගැන. මේ මගින් ලංකාව තුළ නෙට්බෝල් ක්‍රීඩාව පිළිබඳව උනන්දුවක් ඇතිවෙන්නත්, ප්‍රචලිත වෙන්නත් ලොකු අවස්ථාවක් ඇති වෙනව.

අපේ කණ්ඩායමේ සියලුම දෙනා එකා වගේ මාත් එක්ක හිටිය. ඒ එකමුතුකම, සමගිය නිසාම තමයි මේ ජයග්‍රහණය ලබන්න පුළුවන් වුණේ. මගේ පවුලේ අය හැමදාමත් මට ආශීර්වාද කළේ ජයග්‍රහණය කරන්න කියල.

ඒ වගේම මගේ රටේ ජනතාවගෙත් පැතුම වුණේ අපේ ජයග්‍රහණය. අපි රටින් පිටවෙනකොට හිතාගත්ත කොහොම හරි කප් එක අපේ රටට ගේනව කියල. 2018 වසරේ අපි ලබපු ජයග්‍රහණයේ ගෞරවය පිට පිට දෙවැනි වතාවටත් රැකගැනීමේ අවශ්‍යතාව අපිට දැඩිව තිබුණ වගේම අපි හොඳ සහයෝගෙ කින් හිටිය. එකම අරමුණයි තිබුණෙ, ඒ ජයග්‍රහණය පමණයි.

අපි කිසිම රටක් සුළුකොට තැකුවෙ නැහැ. හැම රටක්ම අභියෝගයක් කියලයි හිතුවෙ. ඇත්තටම කිව්වොත් තරගාවලියට සහභාගී වෙනකොට අපිට ලොකු පීඩනයක් තිබුණා. මොකද 2018 වසරේ පැවැත් වුණ ආසියානු කුසලාන තරගාවලියේ ශූරියන් වුණෙත් අපි. ඒ නිසා අපේ තැන, අපේ ගෞරවය රැකගැනීමේ ලොකු වගකීමක් අපිට තිබුණ. කණ්ඩායමේ උපනායිකා දුලංගි වන්නිතිලක වගේම නායිකාවන් හැටියට කටයුතු කළ හතර දෙනෙක් කණ්ඩායමේ හිටියා. ඒ ගයානි දිසානායක, චතුරංගි ජයසූරිය, තර්ජනී ශිවලිගම් සහ සෙමිනි අල්විස්. මේ හතරදෙනාගේ අත්දැකීම් සහ ඒ අය දුන්න සහයෝග යත් එක්ක කණ්ඩායම ම එකා වගේ එකතුවෙලා අපිට තිබුණ පීඩනය අවම කරගෙන තරගය ජයග්‍රහණය කළා.

ලෝක කුසලාන තරගය පැවැත්වෙන්නෙ දෙදහස් විසි තුන වසරෙ. ඒකට අනිවාර්යයෙන්ම අපිට හොඳ පුහුණුවීමක් වගේම හොඳ සැළසුමක් අවශ්‍යයි. මං හිතන්නෙ දැල්පන්දු සම්මේලනය මේ වන විටත් තීරණය කරල තියෙනව මොනවද අවශ්‍ය සැළසුම් කියල. ඒ අනුව අපි ක්‍රීඩිකාවන් විදිහට අපේ පැත්තෙන් කරන්න පුළුවන් උපරිම දේ කරන් අපි සූදානමින් ඉන්නව.

අපි මේ ජයග්‍රහණය ලබන්න කලින් අපේ ක්‍රිකට් කණ්ඩායම ජයග්‍රහණය කරනව. අපිට ඒ ආරංචිය අහන්න විතරයි ලැබුණෙ. තරගය නරඹන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ. කණ්ඩායම් දෙකේම ජයග්‍රහණය සමග එකටම උපන් බිමට එන්න ලැබුණ එක ගැන ලොකු ආඩම්බරයක් වගේම ලොකු සතුටක් තියෙනව.

අපේ ජයග්‍රහණය සංචාරක අතින් පවා ගොඩක් වැදගත් වෙනව. මොකද ආසියාවම එක තැනකට ආව තරග කරන්න. ඒ හැමෝම අපේ රටේ වාතාවරණය ගැන දන්නව. මේ තරම් බාධක මැද අපි ලබපු ජයග්‍රහණය ගැන ඔවුන්ගෙ න් පවා ලොකු අගැයීමක් ලැබුණ. දුෂ්කර කාලෙක එකවර ජයග්‍රහණ දෙකක් ලැබීම ගැන අපිට දැනුණ දේම අපේ රටේ ජනතාවටත් දැනෙන්න ඇති.

අපේ ලොකුම බලාපොරොත්තුව වුණේ තර්ජනී ශිවලිංගම්. ඇය අපිට වගේම අපේ රටට වටිනාම වස්තුවක්. අපි ලංකාවෙන් පිටත් වෙන දවසෙම ඇයත් ඔස්ට්‍රේලියාවෙන් පිටත්වෙලා සිංගප්පූරුවට ආව. මොකද ඇය ඕස්ට්‍රේලායවේ  ක්‍රීඩා සමාජ තරග වලට සහභාගී වෙලා හිටියෙ. අපි යන දවසෙම තමයි ඒ තරග අවසන් කරල ඇය රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න ආවෙ.

එදා ඉඳන් අපි එකටම තමයි හිටියෙ. මේ අවස්ථාවෙ තර්ජනීගෙන් කණ්ඩායමට ලැබුණ සහයෝගය කියල නිම කරන්න බැහැ.

මම අදටත් වෙළෙඳ සේවා මලල ක්‍රීඩා තරග වලට වගේම නෙට්බෝල් තරගවලටත් සහභාගි වෙනව. ලංකාවේ  කාන්තාවන්ට තියෙන ජනප්‍රියම ක්‍රීඩාව වෙන්නෙ නෙට් බෝල්. ලොකුවට පිළිගැනීමක් නැති වුණත් ක්‍රිකට්වලට පස්සෙ ලෝක කුසලානයකට කණ්ඩායමක් විදිහට යන එකම ක්‍රීඩාව වෙන්නෙත් නෙට් බෝල්.

නෙට්බෝල්  ගොඩක් දියුණු කරන්න පුළුවන් ක්‍රීඩාවක්. හැකියාවක් තියෙන අයගෙන් ආදරයෙන් ඉල්ලනව මේ ක්‍රීඩාව දියුණු කරන් හැකි අයුරින් අත දෙන්න කියල.

ඒ වගේම නෙට්බෝල් කියන්නෙ කණ්ඩායම් හැඟීම උපරිමව තිබිය යුතු ක්‍රීඩාවක්. ඒකෙන් අනෙක් අය ගැන ගොඩක් හිතන්න පුරුදු වෙනව. මොනම වෙලාවකවත් අතහරින්න හොඳ නැහැ. මොකද කවුරුවත් ජාතික මට්ටමට එකවරම එන්නෙ නැහැනෙ. ස්වයං විනය වගේම කැපවීමත් උපරිමව තියෙන්න ඕන. මේ දේවල් තියෙනව නම් ජාතික මට්ටම දක්වා ක්‍රීඩා කරල ජයග්‍රහණය ලබන්න පුළුවන්.

මම සේවය කරන හැටන් නැෂනල් බැංකුව මේ මොහොතේ මතක් කරන්නම ඕන. අපේ කණ්ඩායමේ ක්‍රීඩිකාවන් හතර දෙනෙක්ම සේවය කරන්නෙ හැටන් නැෂනල් බැංකුවේ. කණ්ඩායමට නොයෙක් අයුරින් අනුග්‍රහය දක්වන ගමන් රට වෙනුවෙන් ක්‍රීඩා කරන්න මාස ගණනාවක් රාජකාරී නිවාඩු ලබාදීල අපිව නිදහස් කළේ නැත්නම් අද අපිට මේ තැනට එන්න ලැබෙන්නෙ නැහැ.

දිවයින –

Tags: නවතම
Share69Tweet43
Previous Post

විස හාල්  බොරුවක්… අරුණ මව්බිම පුවත්පත්වලට එරෙහි සීඅයිඩී පැමිණිල්ලක්… ජනපති මාධ්‍ය අංශය..

Next Post

වතුරට ලක්ෂ 32ක් පොලු තබා මන්ත්‍රිවරු 15ක් මිය ගිහින්…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.