සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 තමන්ගේ පැවැත්මට පාර්ලිමේන්තුව අවභාවිතා කරන ජනාධිපතිව රටේ මිනිසුන් විසින්  ප්‍රශ්න කළ යුතුයි!   පැෆරල් කියයි…

මැතිවරණය සඳහා මුදල් නැති ආණ්ඩුව ජන සංගණනයට රුපියල්  කෝටි 300 ක් වියදම් කරනවා...

by editor
අගෝස්තු 6, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ජනතාව විසින් පාර්ලිමේන්තුවට පත්කර යවන මහජන නියෝජිතයින් මහජන මතයට පටහැනිව තමන් ගේ දේශපාලන බල පැවැත්ම පිණිස පාර්ලිමේන්තුව අවභාවිත කරන බවක්  මෑත කාලිනව දක්නට ලැබෙන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි පවසයි.

විධායකයට අවශ්‍යය ලෙස පාර්ලිමේන්තුව හැසිරවීමක් පෙනෙන්නට  තිබෙන බවත්  මේ වනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය විධායකයට ලැබී තිබෙන බැවින් ඒ බලය හරහා පාර්ලිමේන්තුව තමන්ට වුවමනා ලෙස ජනපතිවරයා විසින් හසුරවිමින් සිටින බවත් ඔහු කීවේය.

මාර්තු 12 ව්‍යාපාරයේ මහනුවර  දිස්ත්‍රික් සමුළුව අමතමින් විධායක අධ්‍යක්ෂවරයා ඊයේ  (05) මේ බව ප්‍රකාශ කළේය. මහනුවර සර්වෝදය ශාලාවේ දී පැවැති සමුළුව අමතමින් වැඩි දුරටත් අදහස් දැක්වූ   ඔහු මෙසේද කීවේය.

“මහජන මතයට එරෙහිව නීති සම්පාදනය කිරීම්  පාර්ලිමේන්තුවේ සිද්ධ වෙමින් තිබෙනවා.  මේ රටේ බලය තිබෙන්නේ පර්ලිමේන්තුවට බවත් මූල්‍ය බලය ඇත්තේ ව්‍යවස්ථායකයට බවත් පිළිගන්නා ජනපතිවරයා පසුගිය අයවැය මගින්  පළාත් පාලන මැතිවරණයට මුදල් වෙන් කර තිබිය දී  එම මුදල් වියදම් කරන්න මුදල් ඇමැතිවරයා ලෙස   අවස්ථාව ලබා දුන්නේ නැහැ. තමන්ට ඕන වෙලාවට පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවයත් මූල්‍ය බලයත් සම්බන්ධව කතා කළාට භාවිතාවේ  දී තමන් ගේ දේශාපලන බලව්‍යුහයට අවශ්‍යය විදිහට තමයි ඔහු ව්‍යවස්ථාදායකය හසුරුවමින් සිටින්නේ. මේවා සම්බන්ධව මේ රටේ පුරවැසියා ප්‍රශ්න කරන තැනකට යායුතුයි. “

“ඡන්දදායකයා හැටියට තමන් ගේ ඡන්දය පාවිච්චි කිරීමේ භුමිකාවෙන්  ඔබ්බට ගොස් දේශපාලනඥයා හා  රාජ්‍ය යාන්ත්‍රණය ප්‍රශ්න කරමින්  තමන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින පුරවැසියා නිර්මාණය කිරීම අප ගේ අරමුණයි.  මහජන බලය තමයි ප්‍රධාන වෙන්නේ කියලා ජනපතිවරයා දින දෙකකට පෙර ප්‍රකාශ කළා . ඒ වගේම ඔහු පැවසුවා මේ රටේ ව්‍යවස්ථාදායකය තමයි ප්‍රමුඛ වෙන්නේ කියලත්. මේ ප්‍රමුඛ ව්‍යවස්ථාදායකයට බලය ලබා දෙන්නේ මේ රටේ පුරවැසියා යි. ඒ නිසා පුරවැසියා ශක්තිමත් කිරීම අපේ වගකීමක්. ජනාධිපතිවරයා එක පැත්තකින් පුරවැසියා ගේ අයිතිය ක්‍රියාත්මක කරන පාර්ලිමේන්තුව බලවත් කියත් දී අනෙක් පැත්තෙන් ඒ බලවත් භාවය ඔවුන්ට ලබාදෙන ඡන්දය පුරවැසියා වෙතින් උදුරා ගනිමින් සිටිනවා. පළාත් සභා, පළාත් පාලන මැතිවරණ පමණක් නොව ජනාධිපතිවරණය හා පාර්ලිමේන්තු මැතිවරණය පවා අවිනිශ්චිත තත්ත්වයකට අද පත්ව තිබෙනවා. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“අල්ලස, දූෂණය, නාස්තිය නිසා මෙතරම් ආර්ථික ආගාධයකට රට වැටී තිබුණත් මේ මොහොතේත්  අල්ලස, දූෂණය, නාස්තිය ප්‍රබලව සිදු වෙනවා. රුපියල් පන්සීයට ගන්න තිබුණු බෙහෙත් පෙත්ත මහනුවර ජාතික රෝහල මගින්  රුපියල් 5000 කට  ගත්ත බව පසුගිය දිනවල මාධ්‍ය වාර්තා කර තිබුණා. තවමත් අපට ලැබෙන විදේශ ණය ආධාර වලින් මේ රටේ දේශපාලනඥයින් හා නිලධාරීන් අල්ලස් හා කොමිස් ගන්නවා නම් ඒක බරපතල තත්ත්වයක්. මහජනයා මේවා සම්බන්ධව ප්‍රශ්න නොකරන නිසා තමයි ඒ අයට මේවා කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. “

“රටක මැතිවණ පැවැත්විය යුත්තේ පාලකයාට අවශ්‍යය වෙලාවට නොව මැතිවරණ සිතියමට අනුවයි. ලෝකයේ දියුණු රටවල දකින්න ලැබෙන තත්ත්වයක් ඒකයි. අපේ රටේ අවාසනාවකට මැතිවරණ පවත්වන්නේ පාලකයාට ඕන වෙලාවටයි. මැතිවණ කොමිසමට මැතිවරණ පැවැත්වීම සඳහා ස්වාධීන බලයක් නැහැ. දැනට  මැතිවරණ කොමිසමට පත් කරලා තියෙන්නේ සාමාජිකයෝ තුන් දෙනෙක් පමණයි. ඉතිරි සාමාජිකයින් පත් කරන්න පාලකයින් තවමත් ක්‍රියා කරලා නැහැ. මේ කොමිසමට මැතිවරණ පවත්වන්න අවශ්‍යය මූල්‍ය ස්වාධීන භාවය ලබා දී නැහැ. “

“බලයේ සිටින පාලකයාට අවශ්‍යය වෙලාවට  මැතිවරණ පවත්වන එක ප්‍රජාතන්ත්‍රවාද ය නොවෙයි. මේ මොහොත් අපට පේන්නේ බලයේ ඉන්න පක්ෂයට වඩා තනි පුද්ගලයෙකුට ඕන ආකාරයට මේ රටේ මැතිවරණ කැලැන්ඩරය හසුරවමින් ඉන්නා බවයි. පළාත් පාලන මැතිවණය මෙන්ම පළාත් සභා මැතිවරණයත් අකුලා දමා අවසානයි. පාර්ලිමේන්තු මැතිවරණය හෝ ජනපතිවරණය නියමිත කාලයේදී පවත්වයි කියලා අපිට විශ්වාසයක් නැහැ. මේ රටේ  පුරවැසියා පෙළ ගැසුනොත් පාලකයින්ට අවශ්‍යය විදිහට  මැතිවරණ සිතියම වෙනස් කරන්න බැහැ. පාලකයා තමන්ට වාසි මැතිවරණයක් එනතුරු මැතිවරණයක් නොපවත්වා සිටීම ප්‍රජාතන්ත්‍රවාදයට විශාල තර්ජනයක්. “

“මැතිවරණය සඳහා මුදල් නැති ආණ්ඩුව ජන සංගණනයට රුපියල්  කෝටි 300 ක පමණ මුදලක්  වියදම් කරනවා. තමන්ට  අවශ්‍යය මැතිවරණය එනතෙක් මේ රටේ ජනතාවට  ඡන්ද අයිතිය නොදී ඉන්න තමයි මේ අය උත්සහ කරන්නේ. අද රට පත්ව තිබෙන තත්ත්වට සම්බන්ධයෙන් දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරු අති බහුතරයක්  වගකිය යුතුයි. “

‘මේ පාර්ලිමේන්තුවේ 50 % කට වැඩි පිරිසක් අවුරුදු 15 කට වඩා කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කළ අයයි. වත්මන් ජනපතිවරයාගේ පාර්ලිමේන්තු දිවියට  වසර 40 ක්. විපක්ෂනායකවරයාත් දශක කිහිපයක් තිස්සේ පාර්ලිමේන්තුව නියෝජනය කරනවා. රටේ ආර්ථික බිඳ වැටීම සම්බන්ධයෙන් මේ අය වග කියන්න ඕන.”

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

එක් පාසල් සිසුවෙකුට දිනකට ජලය ලීටර 20ක් පමණයි…

Next Post

අවුරා ලංකා තාබුගල අත් අඩංගුවට නොගන්නේ ඇයි ?

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.