ශ්‍රියානි විජේසිංහ –
පාසල්වලට ලබා දී තිබෙන පානීය ජල පද්ධතියෙන් පිහිනුම් තටාකවලට නිල නිවාස හා ඉදිකිරීම් සඳහා ජලය සපයා ගැනිම අත්හිටුවීමේ චක්‍රලේඛයක් නිකුත් කිරිමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර ඇත.
අධ්‍යාපන අමාත්‍යංශය ජලාපවහන මණ්ඩලය සහ මහා භාණ්ඩාගාරය එක්ව සාකච්ඡා කිරීමෙන් පසුව මෙම තීරණය ගෙන ඇත .
මේ අනුව පාසලක එක් සිසුවෙක් සඳහා දෛනිකව ජලය ලීටර් 20ක් පමණක් ලබාදීමට ජාතික ජල පවාහන මණ්ඩලය තීරණය කර ඇති අතර ඒ සදහා යන වියදම මහා භාණ්ඩාගාරය දැරීමට එකගඟ වී ඇත.
අදාළ ජලප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් පාසලේ පරිහරණය කරන්නේ නම් එය පාසල් සංවර්ධන සමිතිය විසින් ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට ගෙවිය යුතු බව මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරීවරයා පවසා සිටියි.