අඟහරුවාදා, ජූනි 23, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩොලර් බි.175ක් ගෙවන්න කී චීනයට ඩොලරයක්වත් නොදී ගොඩින් බේරගත් හැටි පාඨලී කියයි

by Lanka Sara Editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

තමා පෝට් සිටිය භාරව සිටින කාලයේ එම ව්‍යාපෘතිය මාස 21 ක් වසා තැබීම නිසා ඩොලර් බිලියයන 175ක් ගෙවන ලෙස චීනය තමාට ලිපියයක් එවූ නමුත් එක් ඩොලරයක් හෝ නොගෙවා රාජ්‍ය තාන්ත්‍රික ගැටුම් හෝ බැංකු අසාදුලේඛනගත නොකරගෙන විසඳා ගත් ආකාරය පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා අද හෙළි කළේය.

මහනගර හා බස්නාහිර සංවර්ධන හිටපු අමාත්‍යවරයා වූ ඔහු කියාසිටියේ එය විසඳන ලද්දේ ‘නාමල් බේබිට ෆෝමියුලා වන් රේස් පදින්න තිබ්බ පාර පෝට් සිටි සැලසුමෙන් අයින් කළ එක පමණක්’ වන බවයි.

අතීතයේ මෙන් වාමාංශික වාග් ප්‍රහාර සිදුකොට රටවල් තරහා කරගැනීම වර්තමානයේ කළ නොහැකි බව ඔහු කියාසිටී.

විශේෂයෙන්ම චීනය කෝපගැන්වීම අතිශය භයානක බවත් ලංකාවේ විදේශීය ණයවලින් 50%ක්ම ඇත්තේ චීනයට බවත් ඔහු අවධාරණය කළේ මෙසේය.

RelatedPosts

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

“අපි අපේ ප්‍රමාණය දැනගෙන ජාත්‍යන්තර දේශපාලනයේ හැසිරෙන්න ඕනෑ. මේක අතීත යුගයේ නෙමෙයි. දේශපාලන වාග් ප්‍රහාරවලට යුගය කාලය නෙමෙයි. අපේ තරම දැනගෙන ප්‍රවේශම දැනගෙන අපි කටයුතු කළ යුතුයි. මොකද මෙවැනි මෝඩ තීරණ කාරණා නිසා අපි හොඳට බැට කාපු රටක්. දොස්තර මහත්තුරුත් කිව්වනෙ අර 1990 ත් RAW කියලා. ඒක නේපාලයෙත් ක්‍රියාත්මකයි. CIA එකට එහෙම මං දැන් මෙතන කතා කරන දේ උඩ ඉඳන් අහගෙන ඉන්න පුළුවන්. එහෙම ප්‍රශ්නයක් නෑ ලෝකයේ අද ඒ විදියට ගිහින් ඉවරයි. අපි මෝඩ වාමාංශික උද්වේගකර සටන් පාඨවල කටයුතු කරලා වැඩක් නෑ. මේ කොවිඩ් වසංගත කාලේ අපේ හැම දරුවෙකුටම 5G එකට යන්න පුළුවන් ඒ මාවත ඇහිරුවේ මේ මෝඩ සටන් පාඨ නිසා. කිසි කෙනෙක් තරහා කරගන්න හොඳ නෑ අනවශ්‍ය උද්වේගකර වැඩ කරන්න හොඳ නෑ. අනවශ්‍ය ආකාරයට විදේශ ගැටුම්වලට මැදිහත් වෙන්න යන්න හොඳ නෑ. ඒවායින් අපට භයානක ප්‍රතිලාභ ලැබෙනවා.

අපි තේරුම් ගන්න ඕන චීනය මොකද කළේ කියලා ඩොලර් බිලියන 6 කට. මේ රටේ ප්‍රධාන බැංකුවක් වෙච්ච මහජන බැංකුව බ්ලැක්ලිස්ට් කරපු එක. ඒක භයානක සංඥාවක්. මේ චීනය අපේ පෝට් සිටිය මම කරන කාලේ මට එව්වා ඩොලර් බිලියන 175 ක් ගෙවන්න කියලා. ලියුමක්. මාස විසි එකක් පෝට් සිටිය නවත්තලා තිබ්බා කියලා. අපි ගෙව්වද එක ඩොලර් එකක්? නෑ. මම බොහොම පැහැදිලිව කිව්වා එක සතයක් අපි ගෙවන්නේ නෑ. විකල්ප තියෙනවා නම් යෝජනා කරන්න. අපිට ආවා විකල්ප තුනක්. රටට හොඳම විකල්පය අපි තෝරා ගත්තා. අපි කොහොමද ඒක ගෙව්වේ? රාජ්‍ය තාන්ත්‍රිකව චීන අපට විරුද්ධව එක වචනයක් වත් කිව්වේ නැහැ. අපේ බැංකු blacklist කරන්න ගියේ නැහැ. අපේ අමාත්‍යාංශයට විරුද්ධව කටයුතු කළේ නෑ. අපි සතයක්වත් ගෙව්වේ නෑ ඔය අර පොහොර නැවට ගෙව්වා වගේ. මොකක්ද අපි කළේ නාමල් බේබිට formula one රේස් යන්න හදපු පාර, පෝර්ට් සිටි සැලසුමෙන් අයින් කරා. අයින් කරලා අද ඔබ හැමටම ඇතුළු වෙන්න පුළුවන් දැවැන්ත නාගරික උද්‍යානයක් හැදුවා. උද්‍යානයේ දෙපස ඇති වෙච්ච ඉඩම් අපි දෙගොල්ලො බෙදාගත්තා. ඔවුන්ට හැටයි අපිට හතලිහයි (60% – 40%) ප්‍රශ්නයක් නෑ නේ. අද ලක්ෂ 200කට යන්න පුළුවන් උද්‍යානයකුත් තියෙනවා. ඩොලර් බිලියන 175 ගෙව්වෙත් නෑ. රාජ්‍ය තාන්ත්‍රික ගැටුමක් ඇති වුණෙත් නෑ. ඒ නිසා ප්‍රශ්නයක් ඇතිවුණේ නෑ. මේ ආකාරයට මොලේ කල්පනා කරලා අපි වැඩ නොකලොත් චීනය උනත් අපිට දැන් එරෙහිව නැගී සිටින ප්‍රමාණය බැලුවොත් අතිශය බරපතලයි. මොකද අපේ ණයවලින් සියයට 50ක් චීනයට තියෙන්නෙ. ඒ නිසා මේ ආකාරයේ මෝඩ ගැටුම් අපි ඇතිකර ගැනීමෙන් වැළකී සිටිය යුතුමයි.” යැයි ද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා කීය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දින 05ක් තිස්සේ කටුනායක ඇති – ආ ගිය අයෙක් දන්නෙ නැති, සුඛොපභෝගී ජෙට් යානා දෙක….

Next Post

 GMOA අද  අගමැති සමග සාකච්ඡාවක!

Related Posts

පුවත්

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara
පුවත්

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death
පුවත්

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!

ජූනි 23, 2026
Galagoda Aththe Gnanasara

ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!

ජූනි 23, 2026
death

මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

ජූනි 23, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • අම්පාරේ භෞත චිකිත්සකවරියගේ ජීවිත සිහිනය ඛේදවාචකයක් වී තෙල්දෙණියෙන් කෙළවර වූ හැටි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ලංකාවේ ඩෙංගු තත්ත්වය දරුණු අතට… මර්දනයට ත්‍රිවිධ හමුදාව කැඳවයි!
  • ඥානසාර හිමියන්ගේ මාස 09ක සිරදඬුවම මහාධිකරණය ස්ථිර කරයි!
  • මන්නාරම පාලම යට මුරපොලේදී ගිනිඅවියක් ඉබේ ක්‍රියාත්මක වී හමුදා නිලධාරියෙක් මියයයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.