ජනාධිපතිවරණය සඳහා රිපබ්ලිකන් ප්‍රාථමික තරඟවලදී ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව තරඟ කිරීමට සූදානම්ව සිටින ඉන්දියානු ඇමරිකානු නීති සම්පාදක විවේක් රාමස්වාමි ‘පොරොන්දු ඉටු කරන අපේක්ෂකයෙකු” බව පවසමින් එලොන් මස්ක් ප්‍රශංසා කර තිබේ.
ජනප්‍රිය මාධ්‍යවේදී ටකර් කාල්සන් සමඟ රාමස්වාමිගේ, සම්මුඛ සාකච්ඡාවක් ගැන සඳහන් කරමින් ඔහු මේ බව සඳහන් කර ඇත.
මේ අතර රාමස්වාමි තරමක් සෘජු, සිය න්‍යාය පත්‍රය සමඟින් මැතිවරණ ව්‍යාපාරය සඳහා එක් වී සිටින බව ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ වාර්තා කරයි. එක්සත් ජනපදයට ඇති ‘විශාලතම තර්ජනය’ චීනය බවට ඔහු සඳහන් කර ඇති අතර තමන් බලයට පත් වුවහොත් බීජිං ‘සම්පූර්ණයෙන්ම විසංයෝජනය’ කරන බව ද ප්‍රකාශ කර තිබේ.
රිපබ්ලිකන් නායකයා පවසා ඇත්තේ පැසිෆික් සාගරයේ වෙළඳාමට සම්පූර්ණයෙන්ම නැවත පිවිසීමටත් ඉන්දියාව, ජපානය සහ දකුණු කොරියාව වැනි රටවල් සමඟ වෙළඳ සබඳතාවලට එළඹීමත් තම ඉලක්කය බවයි.