පසුගිය 13 වැනිදා සිය පෙම්වතා තමන් ජීවත්වන රන්දිය උයන මහල් නිවාසයෙන් පහළට වැටී මිය ගිය බව පවසා 19 හැවිරිදි පෙම්වතිය විසින් කොළඹ ජාතික රෝහලට රැගෙන පැමිණි 23 හැවිරිදි තරුණයාගේ මරණය ඝාතනයක් බවත් එම තරුණියත් එම තරුණිය සමග මේ වනවිට ජීවත් වෙමින් ඇති ඇයගේ මස්සිනාත් එක්ව මෙම ඝාතනය කර ඇති බවත් පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබේ.
ඒ අනුව සිද්ධියට සම්බන්ධව මෙම 19 හැවිරිදි තරුණිය සහ ඇය සමග ජීවත් වෙමින් සිටි ඇයගේ සොයුරියගේ සැමියා පොලිස් අත් අඩංගුවටගෙන ඇත.
මහා සමාජ සංකීර්ණයක් වූ එම සිද්ධිය වාර්තාවන අයුරින් මෙසේය. සිද්ධිය හෙළි වන්නේ මෙම මරණකරුගේ පෙම්වතිය බව කී 19 හැවිරිදි තරුණිය විසින් සිදුකළ පාපොච්චාරණය අනුවය.
රන්දිය උයන මහල් නිවාස සංකීර්ණයේ පදිංචි 19 හැවිරිදි තරුණියක පසුගිය 13 වැනිදා ජේ.මධුසංක නැමැති තරුණයෙකු කොළඹ ජාතික රෝහලට රැගෙන ආවාය. ඒ සිය පෙම්වතා බව කියමිනි. ඔහු උඩුමහලින් පහළට ඇද වැටුණු බව ඇය කීවාය.
මෙම මරණයේ පශ්චාත් මරණ පරීක්ෂණයේ දී සැකයක් ඉදිරිපත් නොවීම නිසා සිරුර ඥාතීන්ට භාර දී තිබිණි.
එහෙත් මිය ගිය තරුණයාගේ ඥාති මාමා කෙනෙකුට මෙම මරණය ගැන සැකයක් ඇති වී තිබිණි. ඒ තරුණයාගේ පෙම්වතිය සමගත් ඇයගේ වැඩිමල් සොයුරිය සමග ජීවත් වෙමින් සිටිනු ලබන බව කී පුද්ගලයෙක් ගැනය.
මියගිය තරුණයාගේ මාමා තමන්ගේ සැකය පොලිසියට පැමිණ මේ සම්බන්ධව පැමිණිල්ලක් කළේය
ඒ අනුව මිය ගිය තරුණයාගේ පෙම්වතිය වූ 19 හැවිරිදි තරුණිය අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම ආරම්භ කර කළේය. පොලිසියට හෙළි වූයේ මහා සංකිර්ණ කතාවකි.
මෙම තරුණිය රන්දිය සෙවන නිවාස සංකීර්ණයේ 10 වැනි මහලේ නිවාසයක ජීවත් වෙමින් සිට ඇත්තේ සිය වැඩිමල් සහෝදරිය සහ බාල සොයුරිය සමගය. තරුණියගේ අක්කාට වයස අවුරුදු 23කි. තරුණියට අවුරුදු 19කි. ඇයගෙ නැගනියට අවුරුදු 18කි. තරුණියන් තිදෙනාම අයිස් මත්ද්‍රව්‍යය පාවිච්චි කරන්නියන්ය.
ඇයගේ වැඩිමල් සොයුරිය ජීවත් වී ඇත්තේ ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ පදිංචි නිෆ්ලාන් නැමැති 26 හැවිරිදි තරුණයෙක් සමගය. ඔහුත් මත්ද්‍රව්‍ය වෙත ඇබ්බැහි වූ අයෙකි. ඔහු මේ තිදෙනා සමග මහල් නිවාසයේ ජීවත් වී ඇත.
නිෆ්ලාන් සමග ජීවත් වීම අපහසු බව කියමින් තරුණියනියගේ වැඩිමල් සොයුරිය විදෙස්ගත වන්නේ මේ අතරය. ඉන් පසු නිෆ්ලාන් සිය බිරයගේ තරුණ සොයුරියන් දෙදෙනා සමගම ජීවත් වෙමින් එම මහල් නිවාසයේ ගත කර ඇත.
මේ අතර 18 හැවිරිදි බාල සහෝදරිය ගැබ් ගෙන ඇති බව හෙළි වී ඇත. මෙම 19 හැවිරිදි තරුණිය මිය ගිය පෙම්වතා බව කී මධුසංඛ නැමැති තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවයක් ඇති කරගන්නේ සිය මස්සිනා සමග ජීවත් වෙමින් සිටිනා අතරමය.
මේ සම්බන්ධතාවය ගොඩනගා ගැනීමට නිෆ්ලාන් විසින් එරෙහි වී ඇත. මේ තරුණියන් දෙදෙනා පිළිබඳව ලිංගික ආධිපත්‍ය ඔහු විසින් පවත්වාගෙන ගොස් තිබේ.
පසුගිය 13 වැනිදා මධුසංක නැමැති තරුණයා සිය පෙම්වතිය ජීවත් වූ නිවසට පැමිණ තිබෙන්නේ මේ වටපිටාවේ දී ය. ඒ අවස්ථාවේ සිය පෙම්වතිය නිෆ්ලාන් සමග යහන්ගත වී සිටින ආකාරය ඔහු දැක ඇත.
එයින් උරණ වූ මධුසංක සිය පෙම්වතියට පහර දිමට උත්සාහ කර ඇත. එහිදී නිෆ්ලාන් මෙම තරුණයාට බිම පෙරළාගෙන පහර දී රෙදි කැබැල්ලකින් ගෙල සිරකර මරා දමා 19 හැවිරිදි පෙම්වතිය හා එක්ව උඩුමහලින් බිමට තල්ලු කර ඇත. අනතුරුව ඇය සිය පෙම්වතා උඩුමහලින් බිම්‍ට වැටුණු බව කියමින් ඔහු රෝහල වෙත රැගෙන ගොස් තිබේ.
මේ වනවිට ඝාතනයට ප්‍රධාන චූදිතයා වූ ග්‍රෑන්ඩ්පාස් වැලිගොඩ ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි නිෆ්ලාන් අත් අඩංගුවට ගෙන ඇත.
මෘත දේහය ලබන සඳුදා මහේස්ත්‍රාත් ඉදිරියේ ගොඩගැනීමට නියමිතව තිබේ.









