සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඩේසි ආච්චිගේ මැණික් මල්ල සිහි කරමින් හිරේ ඉන්න පොලිස්පති CID ට දුන් ඉල ඇදෙන කට උත්තරය…

by editor
මාර්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ලොකු කුමා විසිනි –

හිරේ ඉන්න පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ගෙන් සීඅයිඩීය කට උත්තර ලබා ගෙන ඇතැයි වාර්තා වේ. අනාවරණය වෙන ආකාරය⁣ට ඔහු ලබා දී ඇති කට උත්තරය මරේ මරුය. එය බඩ කොරවන තරමට හිනා යන කට උත්තරයකි. එසේම එම කට උත්තරය ගැන අපට ලැබී ඇති විශ්වාසදායක තොරතුරු අනුව ⁣මේ ආකාරයෙන් ගලපා ගන්නට පුළුවන.

“…මා මට අයිති හෝකන්දර ගෙදර හිටියා. මම හිටියේ තනියෙන්. ඒ දවසෙ නෝනාවත් පුතාවත් ගෙදර හිටියෙ නෑ
රෑ මට දැඩි ආතතියක් දැනුනා. මට මොනව වුනාද කියල මට මතක නෑ. මම මගේ මහගෙදර ගියා. ත්‍රීවිල් එකකින්.

ඒ ගෙදර කවුරුත් හි⁣ටියෙ නෑ. ඉස්සරහ ගේට්ටුව වහපු නිසා මම තාප්පයෙන් පැනල ජනේලයකින් ගෙට ඇතුළු වුනා. පස්සෙ මම තනියෙන් එහෙ හිටියා. ටවුම⁣ට ගිහිල්ල කෑම ගෙනැල්ල කෑවා. ත්‍රීවිල් වලින් එහෙට මෙහෙට ගියෙ. පස්සෙ මට ආරංචි වුනා මට වරෙන්තු කරල කියලා. මම මගේ ටයි කෝට් සිලි බෑග් එකක දාගෙන ත්‍රීවීල් එකක මාතරට ආවා. ඇවිල්ල හෝටලයකට ගිහිල්ලා ඒවා ඇඳගෙන උසාවියට ඇවිල්ලා බංකුවෙ වාඩි වෙලා හිටියා. ආගිය තැන් අහාර ගත් හෝටල් ගමන් බිමන් ගිය ත්‍රීවිල් මොනවාදයි කියන්නට මට මතක නෑ. මට කීමට ඇත්තේ එපමණය…”

දහ අතේ දිවුරන්නට ඕනෑ නැත.
මේ එම කට උත්ත⁣රයේ සංක්ෂිප්තයකි.

මුළු කට උත්තරයේම ඇත්තේ මේ ආකාරයේ විස්තරයකි. හිරේ ඉන්න පොලිස්පති දී ඇති කට උත්තරය ඩේසි ආච්චි ගල්කිස්ස උසාවියේ සාක්ෂි දෙමින් පැවසු මැණික් මල්ලේ කතන්දරයේ දෙවන කොටස බවට සිතා ගන්නට පුළුවන. එසේත් නැතිනම් මේ කට උත්තරය දුමින්ද සිල්වාගේ “මට මොනවත් මතක නෑ” කට උත්තරයේම දිගුවක් විය හැකිය.

RelatedPosts

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

කට උත්තර ගත්තේ සීඅයිඩී එකෙනි. හිරේ ඉන්න පොලිස්පතිවරයා පවසන දේ ලියා ගන්නවා හැරෙන්නට හරස් ප්‍රශ්න අසා ⁣ඔහුව වෙහෙසවන්නට සී.අයි.ඩී නිලධාරීන් කැමති නැත. අනෙක් අතට තොරතුරුවල සත්‍ය අසත්‍ය බව තහවුරු කරගන්නට අවශ්‍ය ප්‍රශ්න කිරීම් කළ හැකි තරමේ කොඳු නාරටියක් තවමත් සීඅයිඩී එකේ නිළධාරීන්ට නැත. ඒ බැරියාවට හේතු දෙක තුනක් ති⁣බේ. තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පාලනය වන්නේ රාජපක්ෂලාගේ අදෘශ්‍යමාන හස්තයක් වීම ඉන් එක හේතුවකි. අනෙක් හේතුව වන්නේ NPP ආණ්ඩුවට මේ යන විදිය⁣ට ආයුෂ⁣යක් නැති බව සීඅයිඩී මහත්වරුන්ගේ ඔළුවේ තියෙන නිසා වන්ටත් පුළුවන. ඒ නිසා ආණ්ඩුවට කඩේ ගොස් ඊළඟ ආණ්ඩුවෙන් පරිප්පු කනවාට වඩා තවමත් පොලිස්පති ධූරයෙන් ඉවත් කර නැති දේශබන්දු ලොක්කා පවසන දේ ලියා ගැනීම හොඳ බව පොලිසිය සිතීමත් පිළිගත හැකිය.

මහජන ආරක්ෂක අමාත්‍යංශයේ ඇමති ඩබලද පොලීසියට කැමති විදියට රාජකාරි කරගන්නට ඉඩ දී ඇති බව අමතක නොකළ යුතුය.

හිටපු පොලිස් ඇමතිගේ සෙවනැල්ල තවමත් පොලිස් කාරයන්ගේ රාජකාරිය බිය වද්දාගෙන සිටින අයුරු පෙනේ. ඔහුට එරෙහිව මේ ආණ්ඩුව කිසිදු ක්‍රියා මාර්ගයක් නොගන්නා බවට මේ වන විට මුළු රට පුරාම පැල වී ඇති අදහසකි. ඒ නිසාම සීඅයිඩීයේ මහත්වරු පමණක් නොව, පොලීසි⁣යේ සුනඛ අංශයේ බල්ලන් පවා හිටපු පොලිස් ඇමතිට විරුද්ධව කටේ කෙල බිඳුවක් බිම දාන්ටත් බය ය. ඔහුගේ ආරක්ෂාවට තවමත් ඡ්‍යෙෂ්‍ඨ පොලිස් අධිකාරීවරයකු ඇතුළු දහ අටදෙනෙක් යොදවා ඇති බව අපට කියෙන්නේ පොලිසියේම ඇත්තන්ය.

හිරේ ඉන්න පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් වැලිගම W 15 හෝටලය⁣ වැටලීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාශයේ මිනීමරුවන් කණ්ඩායමක් යවන ලද්දේ කාගේ ඕනෑ කම නිසා බව දැන් මුළු රටම දනී. එහි තවත් හංඟන්නට දෙයක් නැත. එහෙව් අවස්ථාවකත් නිරුපද්‍රිතව ඉන්නට තරම් බලසම්පන්න දුෂ්චරිත සමග හැප්පෙන්නට තරම් මොළේ අමාරුවක් සීඅයිඩි ඇත්තන්ට නැත. ආණ්ඩුවට අවශ්‍ය නැති දේ ඔවුන් කරන්නේ අහවල් දෙයකට දැයි අප අපෙන්ම විමසා ගත යුතුය.

පුරවැසියන් ලෙස අපට තිබෙන්නේ සුරංගනා කතා බඳු කටඋත්තර අසා ඉන් වින්දනයක් ලැබීමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යෝෂිතගේ නයිට් ක්ලබ් මැරයින් 4ක් පොලිසියට භාර වෙයි!

Next Post

යාපනයෙන් කැනඩාවට ගොස් කැනඩාවේ දී මිනී මැරූ තරුණයින් 02ක් අත් අඩංගුවට…

Related Posts

පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!
  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.