දිනසේන රතුගමගේ-
කැනඩාවේ පිකරිං ප්‍රදේශයේ සිදු වූ මිනීමැරුම් සිද්ධියක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික දෙමළ තරුණයින් දෙදෙනෙකුට එරෙහිව චෝදනා ගොනු කර තිබේ.
කැනඩාවේ මාර්කම්හි පදිංචි කෝකිලන් බාලමුරලි (24) සහ ටොරොන්ටෝහි පදිංචි බ්‍රැනන් බාලසේකර් ( 24) යන දෙදෙනා පසුගිය 7 සහ 8 වන දෙදින තුළ ඝාතන කුමන්ත්‍රණයකට සම්බන්ධ බවට චෝදනා කරමින් ඔවුන් අත්අඩංගුවට ගෙන තිබිණි.
පළමුව, ඔවුන් දෙදෙනාම මාර්තු 8 වන දින මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගන්නා ලදී.
ඒ අවස්ථාවේදී, ටොරොන්ටෝ පොලිසිය මේ පුද්ගලයින් දෙදෙනා සම්බන්ධව පිකරිං හි පරීක්ෂණයක් පවත්වන්නේ මන්දැයි මහජනතාවට පැහැදිලි කළේ නැත.
මේ සතියේ අඟහරුවාදා ඔවුන් අධිකරණයේ පෙනී සිටි විට, මිනීමැරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනා තුනක් සහ දේපළ සොරකම් කිරීමේ චෝදනා දෙකක් සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව චෝදනා ගොනු කිරීමට පොලිසිය කටයුතු කළේය.
අත් අඩංගුවට පත් වූ දෙදෙනා යාපනයේ පදිංචිව සිට රැකියාවලට කැනඩාවට ගොස් එහි පදිංචි වී සිටිති.
ඔවුන් චෝදනා ලැබ සිටින ඝාතන දෙකෙන් එකක් සිදු කොට ඇත්තේ අවන්හලක රැකියා කිරීමේදී පැන නැගුණු වැටුප් සම්බන්ධ ප්‍රශ්නයක් මත බවද විදෙස් මාධ්‍ය අනාවරණය කරයි.
අපරාධයෙන් පසුව පොලීසිය අවට පිහිටි සී.සී.ටීවී කැමරා පද්ධති පරීක්ෂා කොට බලා සැකකරුවන්ගේ දළ මුහුණුවර සිතුවම් කොට පළාතේ සෑම ස්ථානයකම ප්‍රදර්ශනය කිරීමෙන් පසුව ලද තොරතුරු වලට අනුව සැකකරුවන් දෙදෙනා අත් අඩංගුවට ගැනීමට හැකි වී තිබේ.
කෝකිලන් පලමුරලේ සහ බ්‍රැනන් බාලසේකර් අප්‍රේල් 11 වන දින නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.







