සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

“ටුවරිසම්” වලින් ගොඩයන්න හිතන රටට අබ සරණයි… දෙදිනක් තුළ සංචාරකයින්ට එරෙහි අපරාධ වාර්තා 04ක්…

by editor
අප්‍රේල් 9, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ලිංගික අතරවරයක් කිරීමට ගිය ත්‍රී රෝද රථ රියදුරෙකුගේ ජඩ හැසිරීම සජීවීව ඉන්ස්ටග්‍රෑම් ඔස්සේ විකාශය කරන බවට අනතුරු අඟවා ඒ  අපරාධය වළක්වා ගැනීමට හැකි වූ කැනේඩියානු ජාතික 19 හැවිරිදි සරසවි සිසුවියක් තමන් මහත් වූ ආදරෙයෙන් හා භක්තියෙන් පැමිණි ශ්‍රී ලංකාව තුළ   තමන් මේ මොහොත ගත කරන්නේ බෙහෙවින්ම තැති ගැනීමෙන් බව ලංකාසර අමතා ප්‍රකාශ කළාය.

ජෙනියේව් ටලෙක් (Guenievre Talec ) නැමැති  මේ තරුණිය අහංගම ප්‍රදේශයේ  රාත්‍රී භෝජනයකට හා සාදයකට සහභාගී ඊයේ (08) අළුයම 2.30ට පමණ ඇය ත්‍රී රෝද රථයක් ගෙන ඇත්තේ තමන් රැඳී සිටි වැලිගම සංචාරක හෝටලය වෙත ගමන් කිරීම සඳහාය.

ඒ යන අතරතුර අඳුරු තැනක ත්‍රීවිල් රථය නරත කළ රියදුරා ඇයට ලිංගික අතරවරයක් කිරීමට උත්සාහ කිරීමේ දී සජීවීවව සිද්ධිය ඉන්ස්ටග්‍රෑම් සමාජ ජාලාවේ මේ මොහොතේ සිට විකාශය වන බැවින් වහාම වැලිගම හෝටලයට තමන් ඇරලවන ලෙස ඇය ප්‍රකාශකරන අතර සිද්ධියේ කොටසක් වීඩියෝ කරගැනීමට සමත් වී ඇත.

 

මේ සිද්ධිය සම්බන්ධව අදහස් දක්වමින් අදාළ හෝටල් කළමනාකාරිත්වය ප්‍රකාශ කළේ සිද්ධිය සම්බන්ධව ඇය සමාජ මාධ්‍ය ඔස්සේ කරන්නට ගිය ප්‍රකාශයෙන් රටට සිදුවන්නට ගිය හානිය  වළක්වා ගැනීමට තමන්ට දැඩි ආයාසයක් දැරීමට සිදු වූ බවය.

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සිද්ධියෙන් පසු තරුණිය හෝටල් කාමරයෙන් පිටතට නොපැමිණ දැඩි තැතිගැනීමකින් සිටි බවත් මේ සංචාරයේ අරමුණ ස්වකීය අධ්‍යයන කටයුත්තක් බැවින් තවත් දින කීපයක් රැඳී සිටීමට සිදුවන නිසා ආරක්ෂාව පිළිබඳ ඇති සැකය හේතුවෙන් පොලිසිය වෙත පැමිණිලි කිරීම සම්බන්ධව විශ්වාසයක් නැති බව දැන්වූ බවත් හෝටල් කළමණාකාරිත්වය අප සමග පැවසුවේය.

පොලිසියට වාර්තා නොවන මෙවැනි සිද්ධි සුලභ බව පවසන ඔවුන් මේ රටේ අභිප්‍රාය සංචාරක ව්‍යාපාරය  ප්‍රවර්ධනය හරහා විදේශ විනිමය උපයා ගැනීම නම් ඒ සම්බන්ධව සැණකෙළි පැවැත්වීමට වඩා සංචාරක ව්‍යාපාරය ඉලක්ක කරගත් නීති පද්ධතිය දැඩි කර අභ්‍යන්තර විනය ආරක්ෂා කරගැනීම ඉතා වැදගත් බවය.

මේ වනවිට පසුගිය දින දෙක තුළ සංචාරකයින්ට එරෙහි බරපතල අපරාධ 03ක් පොලිසියට වාර්තා වී ඇත. අද රුසියානු ජාතික කාන්තාවකගේ මළ සිරුරක් හික්කඩුව මොලපු ඔයේ තොටගමුව පාළම අසලින් ඊයේ (08) හමුවී තිබූ අතර පොලිසිය සැකකරන්නේ ඒ පසුපස අපරාධයක් සිදුවී ඇති බවය.

මෙම කාන්තාව මාස තුනකට ආසන්න කාලයක් ශ්‍රී ලංකාවේ නවාතැන් ගෙන සිටි කාන්තාවකි.

සැක කටයුතු ලෙස මිය ගිය රුසියානු කාන්තාව…

පෙරේදා (07) චෙක් ජාතික කාන්තාවක්  පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ අනුරාධපුරයේ සිට සීගිරිය බලා යද්දී සිය බෑගයේ තිබූ යුරෝ 480ක් සමග මුදල් පසුම්බිය සොරකම් කරගෙන ගොස් ඇති බවය.

මිදිගම වෙරළේ  නාන ඇඳුමින් සැරසී විවේකීව සිටි රුසියානු ජාතික 26 හැවිරිදි තරුණයෙකුගේ පසෙක තබා තිබූ කලිසම  ඩොලර් 600ක් සහ වටිනා ජංගම දුරකථනයක් සමග ඊයේ (08) සොරාකම් කරගෙන ගොස් ඇත.

සංචාරකයින්ට එරෙහි අපරාධ සම්බන්ධව දැඩි නීති පද්ධතියක් සම්පාදනය කර රටේ විනය ආරක්ෂා නොකරන්නේ නම් සංචාරක ව්‍යාපාරයේ ඉදිරි අනාගතය බෙහෙවින්ම අස්ථාවර වනු ඇති බවට අප කළ විමසුමක දී සංචාරක ක්ෂේත්‍රයේ නිරත ව්‍යාපාරික ප්‍රජාව පැවසූහ.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සත්‍ය වෙනුවෙන් ජයග්‍රහණය තෙක් සටන් කිරීම ක්‍රිස්තියානි ධර්මයයි… පාස්කු දේව මෙහෙයේ දී කාදිනල් තුමෝ කියති!

Next Post

ඉන්දියානු ඖෂධ ගේන්න ගිය සෞඛ්‍ය අමාත්‍යංශයේ නීති විරෝධී වෑයම ශ්‍රේෂ්ඨාධිකරණයෙන්  අත්හිටුවයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.