ඉන්දියානු ත්‍රිවිධ හමුදා ප්‍රධානී ජෙනරාල් බිපින් රාවට් අද අවසන් ගමන් ගියේය. ඔහුගේ සහ ඔහුගේ ප්‍රිය බිරිය මධුලිකා රාවට්ගේ දේහ එකම චිතකයක් මත හොවා තිබිණි
ඉන්දියානු ධජයෙන් ආවරණය කරන ලද පෙට්ටියක බහා මලින් පිරවූ දෙන කාලතුවක්කු සහිත කරත්තයක තබා එය සන්නාහ සන්ද්ධ රථයකින් ඇදගෙන වීථි සංචාරය කළ අයුරු විදෙස් මාධය වාර්තා කළේය.
පසුගිය බදාදා (08) සිදුවූ ගුවන් අනතුරින් යානයේ ගමන් ගත් 63 හැවිරිදි ජෙනරාල් බිපින් රාවට්, ඔහුගේ බිරිය වූ මධුලිකා රාවට් සහ හමුදා නිලධාරීන් 11 දෙනෙක් මිය ගියේය. රුසියාවේ නිශ්පාදිත එම්.අයි. 17 හෙළිකොප්ටරයක ඔවුහු ගමන් කරමින් සිටියහ.
ජෙනරාල් රාවට් සහ ඔහුගේ බිරිය එකම චිතකයක් මත එකට ආදාහනය කරීම සඳහා ඔහුගේ දියණියන් එය චිතකය දල්වන විට කාලතුවක්කු 17 කින් වෙඩි මුර තබා ආචාර පුද කර තිබිණි.

ඉන්දියාවේ ප්‍රථම ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා වූ යේ රාවට්ය එම තනතුර නිර්මාණය කරන ලද්දේ ඔහු වෙනුවෙනි. අගමැති නරේන්ද්‍ර මෝදිට සමීප ලෙස සැලකෙන හමුදා නිලධාරියා ඔහුය.







