2022 විසර්ජන පනත් කෙටුම්පත තුන්වැනි වර කියවීම අද (10) සංශෝධන සහිතව වැඩි ඡන්ද 93 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය.
මන්ත්‍රීවරුන් 157 දෙනෙකු පක්ෂව ඡන්දය ප්‍රකාශ කළ අතර විපක්ෂව ඡන්ද 64ක් ලැබුණි.
පසුව පාර්ලිමේන්තුව 2022 ජනවාරි 11 දක්වා කල් තැබිණි.
2022 විසර්ජන පනත් කෙටුම්පත ඔක්තෝබර් 07 වැනි දින මුදල් අමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
මෙය නිදහස් ශ්‍රී ලංකාවේ 76 වැනි අයවැයයි. එය වත්මන් රජයේ දෙවන අයවැය වන අතර මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කරන ලද පළමු අයවැය ද වේ.