ගෑස් පුපුරන අයුරින් ආණ්ඩුවත් පුපුරනු ඇති නමුත් යළිත් එය යළි පෑස්සීමට කටයුතු කරනු ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා පවසයි.
අද පැවැති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් ඔහුගෙන් විමසා සිටියේ ගෑස්, පොහොර මෙන්ම ආණ්ඩුව පුපුරාවිද යන්න ය.
ඊට පිළිතුරු දෙමින් එස්.බී.දිසානායක මන්ත්‍රීවරයා මේ බව කීය.
“ආණ්ඩුවත් පුපුරයි හැබැයි ආයෙ පාස්සගනියි. පෙරමුණු රජයක් ආවොත් පුපුරනවා හැබැයි ආයෙ එකතු වෙනවා
අවුලක් තියෙනවා ඒ නිසා අපි වැඩියා පාර්ලිමේන්තු යනවත් ටිකක් අඩුයි. ගියත් ඉක්මනින් එනවා. මහින්ද රාජපක්ෂට එහා පැත්තේ ඉන්නෝන මං. ඔහුට පස්සේ පාර්ලිමේන්තුවේ ඉන්න ඊළඟ ජ්‍යේෂ්ඨයා මං. දේශපාලනය කියන්නෙ එහෙම තමයි. ඉවසීමෙන් ඉන්නෝන. එලියට ගිහින් කෑගහන එක නෙවෙයි. අපි වගකියන්න ඕන විශාල පිරිසක් ඉන්නවානේ. අපේ පෞද්ගලික දේවල් වැඩක් නෑ. ආණ්ඩුව කරන ඉතා හොඳ වැඩ කියාගන්න තේරෙන්නෙ නෑ.”