කොවිඩ් ආසාදිත පුද්ගල මරණ 18ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අද (10) තහවුරු කළේය.
ඒ සමඟ මෙරටින් නිල වශයෙන් තහවුරු කර වාර්තා කරන ලද සමස්ථ කොවිඩ් අසාදිත පුද්ගල මරණ ආ සංඛ්‍යාව 14,573 දක්වා ඉහළ ගියේය.
මිය ගිය අය අතර වයස අවුරුදු 60 ට වැඩි 15 දෙනකු සහ අවුරුදු 30 ත් 59 ත් අතර 3 දෙනක් වෙති.
එමෙන්ම පිරිමි අය 9 දෙනකු සහ කාන්තාවන් 9 දෙනකු මියගිය පිරිසට ඇතුළත් බව ද එම වාර්තාවේ සඳහන් වේ.