සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

 ජිවිතයේ මහා කම්පන දරා ගන්න බුදුන් සරණ සොයා ගිය  බටහිර පොප් රැජන…

by editor
මැයි 26, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඒමන්ති මාරඹේ –

“බුදු දහමේ එන  ගාථා වැඩියෙන් කියන විට මනස වැඩියෙන් නිදහස් වෙනවා. බුදු දහමේ ඉගැන්වීම් මගේ ජීවිතයේ සැබැ වෙනසක් සිදු කළා” අභාවප්‍රාප්ත  බටහිර  පොප් ගීත රැජන වන  ටීනා ටර්නර්  ඇමරිකා එක්සත් ජනපදයේ පුවත්පතක් සමග පැවැති සම්මුඛ සාකච්ජාවකදී විටෙක පැවසුවාය.

සිය පලමු විවාහයේදී සැමියා  වු අයික් ටර්නර් වෙතින් එල්ල වු  ශාරිරික හිංසනයන් දරාගත නොහැකිව මානසිකව ඇද වැටී සිටි ටීනා වරෙක සිය දිවි නසා ගැනිමට තැත් කළාය. ඒ   බටහිර බෙහෙත් වර්ගයකින් වැඩි මාත්‍රාවක් ලබා  ගැනිමෙනි. තමාට ඒ  මොහොතේ  පිහිට සිටියේ බුදු. දහමේ ඉගැන්විම් බව ටිනා අවධාරනය කලාය.

.”මට බුදු දහම හඳුන්වා දුන් පසු “අයික් “(සැමියා) කෙරෙහි මුලින් තිබු බිය නැතිව ගියා. මට  මගේ ජීවිතය ගැන දැඩි විශ්වාසයක්  ඇති වුනා. ජීවිතයේ වෙනසක් විය යුතු බව තේරුම් ගියා “ටීනා කියා තිබේ.

බටහිර වේග රිද්ම රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජිණ ලෙස සැළකෙන ජනප්‍රිය ප්‍රවීණ  ඇමරිකානු පොප් ගායිකා ටීනා ටර්නර් පෙරේදා (24දා ) ස්විට්සර්ලන්තයේදී මිය ගියාය . මිය යන විට 83 වැනි වියෙහි පසු වූ ටීනා කලක් තිස්සේ පිළිකාවකින් හා වකුගඩු අකර්මණ්‍ය තත්ත්වයෙන් පෙළෙමින් සිට ඇති  අතර ස්විට්සර්ලන්තයේ සුරිච් නගරය ආසන්නයේ පිහිටි  කුස්නච්ට් ප්‍රදේශයේ පිහිටි ඇයගේ නිවසේදී සාමකාමිව අවසන් හුස්ම හෙළු බව ඇයගේ පවුලේ සාමාජිකයන්  පවසා තිබිණි.

1939 වසරේ නොවැම්බර් 26 වැනිදා ඇනා මේ බුලොක් නමින් ඇමරිකා එක්සත් ජනපදයේ ටෙනසී ප්‍රාන්තයේ බ්‍රවුන්ස්විල් ප්‍රදේශයේ උපත ලබා ඇති ටීනා ගායිකාවක් , ගීත රචකාවියක්  ,නර්තන ශිල්පිණියක් හා  නිළියක්ද  වන අතර 1958 වසරේදී “බොක්ස්ටොප් ” නමින් සිය ප්‍රථම ගීත ඇල්බමය නිකුත් කර තිබේ . 1960 වසරේදී ටීනා ටර්නර් යනුවෙන් සිය නම වෙනස් කර ගැනීමෙන් අනතුරුව ඇය ගායනා කරන ලද “අ ෆුල් ඉන් ලව් ” ගීතය අතිශයින් ජනප්‍රියත්වයට පත් වූ අතර අනතුරුව ඇය විසින් ගායනා කරන ලද සැම ගීතයක්ම පාහේ   රසිකයන්  අතර ඉමහත් ජනප්‍රියත්වයට පත් විය.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

වේග රිද්මයේ ගීත වැඩි වශයෙන් ගායනා කළ ටීනා විසින් ගායනා කරන ලද ජනප්‍රිය ගීත අතර “ප්‍රවුඩ් මේරි “,”වට්ස් ලව් ගොට් ටු ඩු විත් ඉට් “,”අ සෙකන්ඩ් හෑන්ඩ් ඉමෝෂන් “,”සිම්ප්ලි ද බෙස්ට් “,”අයි ඩෝන්ට් වෝන්ට් ටු ලූස් යු “,”නට්බුෂ් සිටි ලිමිට්ස් “,”ප්‍රයිවෙට් ඩාන්සර් “,ප්‍රධාන වේ .

Teena-Terner

1980 දශකය වන විට බටහිර වේග රිද්ම රොක් ඇන්ඩ් රෝල් සංගීතයේ රැජිණ වුයේ ටීනා වන අතර ඇය විසින් ගායනා කරන ලද ගීත වෙනුවෙන් ග්රෑමි ” සම්මාන 08ක් හිමිව තිබිණි. එම සම්මාන 08න් 06ක්ම ඇයට හිමි වුයේ 80- දශකයේදීය.

ඇයගේ දශක හයකට අධික කාලයක් දිවෙන සංගීත දිවිය තුළ ඇය වඩාත් ජනප්‍රියත්වයට පත් වුයේ ඇයගේ පළමු සැමියා වන අයික් ටර්නර් සමග නිර්මාණය කර ගායනා කරන ලද ගීත  වන අතර ඇයගේ සංගීත දිවියට අලෝකයක් වූ ගිටාර් වාදකයෙකු වන අයික් ටර්නර් සමග දශක දෙකක පමණ කාලයක් ඇය විවාහ වී සිටියාය .

ටීනා සිය සැමියා විසින් නිවසේදී මෙන්ම සංගීත සංදර්ශන අතරතුරද තමාට කායිකව හිංසා කළ බවට  පසුව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ අතර සිය විවාහ දිවිය තුළදී මෙන්ම සංගීත ප්‍රසංගවලදී ද සැමියාගේ පහර දීම හේතුවෙන් බොහෝ අවස්ථාවලදී  තැළුණු ඇස්, කැඩුණු තොල්, කැඩුණු හකු සහ වෙනත් තුවාල සහිතව තමාව රෝහල්වල   හදිසි ප්‍රතිකාර ඒකකයට ගෙන ගිය  බව මාධ්‍යයට ප්‍රකාශ කර තිබිණි.

සිය විවාහ සංස්ථාවේ ඇති වූ ශාරීරික හිංසනයන් ඉවසා දරා ගැනීමට නොහැකිව   1978 වසරේදී ටීනා  සිය සැමියාගෙන් දික්කසාද වූ අතර වන අයික් ටර්නර් 2007 වසරේදී මිය ගියේය.

පසුකාලීනව ජර්මන් ජාතික සංගීත විධායක නිලධාරිවරයෙකු වූ අර්වින් බැක් සමග විවාහ වූ ටීනා ඔහු සමග ස්විට්සර්ලන්තයේ පදිංචි වුවාය. ටීනාගේ අවසන් කාලය ඇයට ඒ තරම් පහසු වූයේ නැත. ඇයගේ පුතුන් දෙදෙනාම 2018 හා 2022 වසරවලදී හදිසි අනතුරුවලින් මිය ගියහ. ඇය ඉන් දැඩි කම්පනයට පත් වී සිටියාය.  ටීනා  මිය යන විට ඇය ලඟ සිට ඇත්තේ ඇයගේ දෙවැනි සැමියා වන බැක් හා  දරුකමට හදා ගත් සිය පළමු සැමියාගේ පුතුන් දෙදෙනා බව වාර්තා වේ.

ටීනාගේ  සංගීත දිවිය තුළ ඇයගේ ගීත තැටි මිලියන 200කට අධික සංඛ්‍යාවක් ලොව පුරා අළෙවි කර තිබු අතර චිත්‍රපට කිහිපයක්ද  ඇය විසින් රඟපා තිබිණි. චිත්‍රපට ගණනාවකම පසුබිම් ගායනයටද සම්බන්ධ වූ ටීනා පසුකාලීනව බුද්ධාගම වැළඳ ගත්තාය.

ඇය විසින් සිය ප්‍රථම සැමියාගේ හිංසාවන් ඉවසා දරා ගැනීමට නොහැකිව බෙහෙත් වර්ගයක් අධිමාත්‍රාවකින් ලබා ගැනීමෙන් සිය දිවි  නසා ගැනීමට තැත් කළ අවස්ථාවේදී ඇයගේ ජීවිතය බේරා ගත්තේ බෞද්ධ දර්ශනය බව ටීනා “යු එස් ඒ ටුඩේ ” පුවත්පතට 2020 වසරේදී පවසා තිබිණි .

ඈය මිය යන තෙක්ම ඇදහු ආගම වුයේ බුදු දහමය.   ජපානයේ පවතින මහායාන බුදු දහමට අයත් නිකායක් වන නිසා නිචිරෙන්  බුදු දහමේ එන ගාථා ගායනා කරමින් තමාට එම,දහම දැඩි ප්‍රීතියක් ගෙන දුන් බව ටීනා නිතර පුන පුනා පැවසු දෙයක් විය.

ඇය විසින් ඉකුත් දශකයක කාලයේදි  බුදු දහම හා ක්‍රිස්තියානි ආගමට අදාල ආගමික ගීත තැටි   නිකුත් කිරීමෙහි නිරතව සිට තිබේ.

ටීනාගේ  අවසන් කටයුතු පිළිබඳව පසුව දැනුම් දීමට නියමිතව ඇති අතර ටීනා ටර්නර් මිය ගිය පුවත සැළ වීමත් සමගම ලොව පුරා වෙසෙන ප්‍රකට බටහිර සංගීත ශිල්පින් මෙන්ම මිලියන ගණනක් වන ඇයගේ රසික රසිකාවියන් සමාජ  මාධ්‍ය ජාල ඔස්සේ ඇයගේ මරණය සම්බන්ධයෙන් සිය ශෝකය පළ කර තිබේ.

එසේ ශෝක පණිවිඩ නිකුත් කළ පිරිස අතර ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්ද සිටි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ෂාෆ්ටර්ගේ දෙවැනි මරණ පරීක්ෂණය ඇරඹෙයි…

Next Post

QR කේතයට ලබා දෙන ඉන්ධන කෝටාව වැඩි වෙයි!

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.