සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජිනීවා එක්සත් ජාතීන්ගේ මූලස්ථාන පිවිසුමේ ඇති කකුල් තුනේ පුටුවේ කතාව

by editor
පෙබරවාරි 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

මංජුල හේරත්  

කකුලක් බට්ටෙකුට ‍යනවා කියන එක අපේ සමාජයට සාමාන්‍ය  දෙයක් බවට පත් වෙලා තිබුණු කාලයක් තිබුණා…  එහෙම  කකුලක් නැතිව  ආබාධිත වුණේ, බිම්බෝම්බ සහ පැති බෝම්බ නිසා අසරණ  වුනේ හමුදා සොල්දාදුවන් පමණක්ම නෙමෙයි … ලෝකය පුරාම ගැහැණු මිනිස්සු, දරුවන් මේ බිම්බෝම්බ සහ පැතිබෝම්බ වලට ගොදුරු  වුණා… ලක්ෂ  ගානක් මිනිසුන් මේ විඳවන විඳවිල්ලට පිළිතුරක් හොයන්න ගත්ත වෙහෙස  මේ සිද්ද වෙන  හානිය  අවම කරන්න  කකුලක් කැඩුණු පුටුවක් තනියම  ලෝකේටම පේන්න අවුරුදු 24 ක් කාලයක් තිස්සේම  උද්ඝෝෂණයක් කරනවා.

කකුලක් කැඩුණු පුටුවක් ලෝකයේ ඉදිරි පරම්පරාවන් බිම්බෝම්බ සහ පැති බෝම්බවලින් ආබාධිත බවට පත්වීම වලක්වන්නට  කරන සංකේතාත්මක ප්‍රකාශනය පිළිබඳ කතාව මෙසේ පෙළ ගැසෙනවා.

මේ කකුල කැඩුණු පුටුව ලෝකයේ අවධානය දිනාගත් සංකේතයක්. ඒ සංකේතය ප්‍රදර්ශනය වන්නේ ඔබ අපි කවුරුත් දන්නා ජිනීවා එක්සත් ජාතීන්ගේ ප්‍රධාන පිවිසුම් දොරටුව අභිමුව ඇති එළිමහන් පෙදෙසේ.   මෙම පුටුව අසල එළිමහන් බිම් පෙදෙස හැමවිටම යොදා ගන්නේ පොදු විරෝධතා දැක්වීම සඳහා යි.
“දෙමළ ඩයස් පෝරාවට එරෙහි ශ්‍රී ලංකා විරෝධතාව හෙට… පුටුව ළඟට එන්න ” යනුවෙන් දැක්වෙන දැන්වීමක දී “පුටුව” කුමක්දැයි සියලු දෙනා හොඳින් දන්නවා. ඒ මේ කකුල කැඩුණු පුටුව යි.

මෙම පුටුවෙන් සංකේතවත් වන්නේ ලොව පුරා සිටින බිම් බෝම්බ නිසා පාද අහිමිවූවන්. එය සියලු දෙනාට සංකේතවත් ගැඹුරු මතක් කිරීමක් ලෙස මිස මෙය සැරසිල්ලක් නම්  නොවෙයි.
ස්විස්ටර්ලන්ත නිර්මාණ ශිල්පියකු වූ Daniel Berset ගේ අදහස ට අනුව Louis Geneve විසින් බරින් කිලෝ 5500ක් හා උසින් අඩි 39ක් වූ මේ පුටුව නිර්මාණය කර තිබෙනවා.
කැඩුණු කකුලක් සහිතවම මෙම පුටුව නිර්මාණය කිරීමේ මුල් අදහස ස්විස්ටර්ලන්ත අබාධිත ජාත්‍යන්තර සංවිධානය පිහිටු වීමෙහිලා පුරෝගාමීව කටයුතු කළ එහි අධ්‍යක්ෂ වරයා වූ Paul Wermeulen ගේයි. 1997 වර්ෂයේ සම්මත කර ගැනීමට නියමිතව තිබූ බිම් බෝම්බ, පැති බෝම්බ භාවිතය, නිෂ්පාදනය  බෙදාහැරීමට එරෙහි ඔටාවා සම්මුතිය සඳහා විශාල ජනතා පෙළඹවීමක්, අවධානයක්, බලකිරීමක් ජාත්‍යන්තර දේශපාලන නායකයන් වෙත සිදු කිරීමට අවශ්‍යය වුණා.

ඒ අනුව මුලින්ම 1997.08.18 දින එක්සත් ජාතීන් ගේ ප්‍රධාන දොරටුව අභිමුව මේ පුටුව ස්ථාපිත කළේ ඔටාවා සම්මුතියේ සංකේතයක් ලෙස මාස තුනක කාලයක් සඳහා පමණයි. එනම් 1997 දෙසැම්බර් එම සම්මුතිය අත්සන් කරන තෙක් පමණයි. ඔටාවා සම්මුතිය  රටවල් 40කගේ අත්සනින් යුතුව අනුමත වී   1999 මාර්තු 01 සිට එම සම්මුතිය වලංගු ජාත්‍යන්තර සම්මුතියක් බවට පත්වුණා. එහෙත් මුල් වටයේදී  අත්සන් කරන ලද්දේ රටවල් 40ක් පමණක් නිසා අනෙකුත් රටවල්ද මේ සඳහා අත්සන් කිරීමට එම රටවල නායකයින්  පොළඹවා ගන්න අවශ්‍ය වුණා. එබැවින් අත්සන් නොකරන ලද රටවලට බල කිරීමටත්, මහජන පෙළඹවීමක් ඇති කර ගැනීම සඳහාත් එම පුටුව 2005 වසර තෙක්ම එම ස්ථානයේ තැබුවා.

RelatedPosts

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

පසුව කකුල කැඩුණු පුටුව 2005 දි එය එම ස්ථානයෙන් ඉවත් කළා.  නැවත 2007 පෙබරවාරි 26 එය   එම ස්ථානයේ ම ස්ථාපිත කළා.  2004 වර්ෂය දක්වාම මෙම නිර්මාණයේ අයිතිය නිර්මාණ ශිල්පියා සතු වූ අතර 2004 දී නිර්මාණකරු විසින් ම එය ආබාධිත ජාත්‍යන්තර සංවිධානය වෙත පරිත්‍යාග කරනු ලැබුවා.

මේ පුටුව දකින සෑම මොහොතක ම බෝහෝ දෙනා ඩයනා කුමරිය සිහි කරන්නේ ඔටාවා සම්මුතිය වෙනුවෙන් ඇයගේ කැපවීම සහ ක්‍රියාකාරීත්වය  ඔටාවා සම්මුතිය  අත්සන් කිරීමට බලවත් රටවල් පෙලඹවීමට බලපෑ ප්‍රධානම සාධකයක් ලෙසයි.
ඇය ඇත්තෙන්ම ආබාධිත ජාත්‍යන්තරයේ සන්නාම තානාපතිවරියක මෙන් ලෝකය පුරා බිම්බෝම්බ සහ පැතිබෝම්බ නිසා  ආබාධිත වූවන් දැක ගන්න ගියා. ඔවුන්ව සියැසින් දැකගෙන ඔවුන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන්  විශාල ව්‍යාපෘති ගණනාවක් කළා.
එහෙත් ඇයට එම සම්මුතියේ ප්‍රතිඵල අත් විඳින්නට පෙර මෙලොවින් සමුගැනීමට සිදු වුණා.
Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දිනයේ තවත් කොවිඩ් මරණ 08ක්… සමස්ථ මරණ ගණන 430ක්

Next Post

මුලතිව් කුරැඳුමලේ ස්ථූපය මත ශිව කෝවිලක් හදන්න අවසර ඉල්ලයි…

Related Posts

පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • ප්‍රසන්න රණතුංගට නියම කළ ලක්ෂ 100ක වන්දි මුදල ගෙවීමට කොළඹ මහාධිකරණයෙන් 2027 ජූලි දක්වා කල් දෙයි: පැහැර හැරියොත් වසර 9ක සිරදඬුවමක්!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.