fbpx
බ්‍රහස්පතින්දා, ජූනි 8, 2023
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතිවාදී දේශපාලකයින්ගේ විරෝධතා මැද තිස්ස විහාරයේ වෙසක් සැමරෙයි!

by editor
මැයි 6, 2023
in පුවත්
616 6
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ පෞරාණික බෞද්ධ උරුමයක් වූ  යාපනය, කන්කසන්තුර, තිස්ස රජමහා විහාරයේ නව දාගැබ්වහන්සේ ගේ කොත නිරාවරණයට විරුද්ධව අඛණ්ඩව දින 04 ක් තිස්සේ උතුරේ ප්‍රධාන දේශපාලන නායකයින්ගේ පෙළඹවීම මත ආරම්භ කර ඇති විරෝධතාවය නොසලකා   විහාරස්ථානයේදී වෙසක් සැමරුම  පැවැත්වීමට විහාරස්ථ දායක සභාව කටයුතු කර තිබේ.

ඉතාම සාහසික ලෙස ආගමික සහ වාර්ගික ගිනි අවුලුවමින් දේශපාලනය කරන උතුරේ දේශපාලකයින් මේ මතු කරමින් ඇත්තේ ඉතාම අනවශ්‍ය ආගම්වාදී ගැටලුවක් බව වාර්තා වේ.

දිවා රාත්‍රී විරෝධතාවය…

අවසන් වරට 1986 තෙක්   ආරාම භූමියක් සේ නඩත්තු වුන මේ භූමියට , දෙවැනි පෑතිස් රජ දවස තෙක් දිවෙන ඉතිහාසයක් සහිත බව පැහැදිලි ලේඛනගත සාධක  සහිතව ඉදිරිපත් වී තිබෙද්දී යුද්ධයෙන් අනතුරු කාලයේ යළි මෙම භූමිය ප්‍රතිසංස්කරණයට එරෙහිව දෙමළ දේශපාලකයින්  උක්ත විරෝධතාවය කුළුගන්වා ඇතැයි දැනගන්නට ඇත.

කන්කසන්තුරය තිස්ස රජමහා විහාරයේ නව දාගැබේ කොත නිරාවරණය කිරීම නවතා දමන ලෙසට හා යාපනයේ නව බෞද්ධ විහාර ඉදිකිරීම නවතාලන ලෙසට ඉල්ලීම් කරමින් සමස්ත ලංකා දෙමළ කොංග්‍රසය නියෝජිනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වසා ගජේන්ද්‍රන් ඇතුළු පිරිසක් අඛණ්ඩ විරෝධතාවයක නිරතව වන්නේ පසුගිය 02 වැනිදා සිටයඅ.

පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වසා ගජේන්ද්‍රන්ගේ විරෝධතාවයට සහයෝගය පළ කිරීමට ඔහගේ ආධාරකරුවන්  පිරිසක්ද ඊයේ එම ස්ථානයට පැමිණ ඇත.

RelatedPosts

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ඓතිහාසික තිස්ස විහාරය දෙවන පෑතිස් රජ දවස දක්වා දිවෙන ඓතිහාසික පුදබිමකි.  මහාවංශය ප්‍රකාරව සංඝමිත්තා තෙරණිය ශ්‍රී මහා බෝධිය වැඩමවාගෙන දඹකොල පටුනින් ගොඩබැස යළි අනුරාධපුරය කරා යන ගමනේ දී දෙවන පෑතිස් රජ ප්‍රමුඛ සේනාවන්හි රැකවරණය සහිතව තෙදිනක් ගිමන් හළ භූමියේ තිස්ස විහාරය පිහිටුවීය. ඒ දෙවන පෑතිස් රජ දවසමය.

මේ භූමියේ වර්ෂ 1956 දක්වා පන්සලක් පැවතිනි. මේ අවට අනුරාධපුර යුගයට අයත් යැයි සැලකෙන පුරාණ නටබුන් ප්‍රමාණයක් විසිරී ඇති අයුරු අදත් දැක ගත හැකිය.

1956” ශ්‍රී කෝලාහලයේ දී “ හිමිවරු පන්සල අත්හැර තාවකාලිකව දකුණට වැඩියහ.  වර්ෂ 1971 දී මනින ලද සිතියම් ප්‍රකාරව අක්කර 10කට ආසන්න භූමියක් මෙම පන්සල වෙනුවෙන් වෙන් වී තිබිණි. පන්සල ලකුණු වී තිබිණි.  යළි මේ පන්සල අත්හැරෙන්නේ වර්ෂ 1987 දී ය. ඒ වනතුරු මේ භූමියේ පෞරාණික පන්සලක් ඇති ආකාරය සිතියම්වල සලකුණු වී තිබිණි.

මේ දත්ත හා සාක්ෂි මත පදනම් කරගෙන මේ භූමියේ යළි පන්සල පිහිටුවන්නේ වර්ෂ 2019 දී ය.

විහාරස්ථානයේ නව දාගැබේ කොත පැළඳවීමේ උත්සවය පසුගියදා  පැවැත්විනි. කොත නිරාවරණය  කිරීම වෙසක් පුණු පොහොය දා යෙදී තිබුණත්   විරෝධතා හේතුවෙන් එය සිදුකිරීමට නොහැකි වූයේය.

මේ කිසිම අවස්ථාවක උද්ඝෝෂණ සදහා ගම්වැසියන් අතලොස්සක් හැර අති බහුතරයක් සහභාගී නොවුන බව වාර්තා වී තිබේ.

Tags: නවතම
Share98Tweet62
Previous Post

Fcode Labs ආසියාවේ හොඳම සේවා  ස්ථාන අතර 35 වැනි ස්ථානයට

Next Post

බෙලිහුල් ඔයේ දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක් මරුට… 12 හැවිරිදි දරුවෙක් අතුරුදහන්…

Related Posts

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...
පුවත්

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

ජූනි 7, 2023
පුවත්

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

ජූනි 7, 2023
පුවත්

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

ජූනි 7, 2023
Next Post

බෙලිහුල් ඔයේ දිය නාමින් සිටි 13 හැවිරිදි දැරියක් මරුට... 12 හැවිරිදි දරුවෙක් අතුරුදහන්...

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

Advertisement

නවතම ලිපි

රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි...

ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…

by editor
ජූනි 7, 2023
0

මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  

by editor
ජූනි 7, 2023
0

අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

by editor
ජූනි 7, 2023
0

වකුගඩු රෝගීන් සදහා සිදුකරන රුධිර කාන්දු පෙරණ ප්‍රතිකාර අඩපණ වෙයි!

by editor
ජූනි 7, 2023
0

ගජේන්ද්‍ර කුමාර්ට ඇප!

by editor
ජූනි 7, 2023
0

Advertisement

ටැග

= Latest Sri Lanka කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විදෙස් විශේෂ සපුකුමාර
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

නැවුම් පුවත්

  • ඇෆ්ගන් සුපිරි ක්‍රිකට් තරු වූ රෂීඩ් ඛාන් සහ යමින් අහමඩ්සායි රසට උයා දසුන්ලාටත් පිළිගැන්වූ අපූරු භෝජනය…
  • මිලියන 270 ක වියදමින් ඉන්සියුලින් කුප්පි ලක්ෂ  4.5 ක තොගයක හදිසි මිලදී ගැනීමේ උත්සාහය  සැක සහිතයි!  
  • අල්ලස් ගැනීමේ දී අත් අඩංගුවට ගත් සූරියවැව ප්‍රාදේශීය සභා ලේකම් 21 දා තෙක් රිමාන්ඩ්!

Category

  • LPL
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2023 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2023 Lankasara.com.

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist