වසර 25 කාලයක් මින්නේරිය හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන නිජභූමිය කරගනිමින් ජාතියේ වන ජීවී සම්පත සැරසූ ‘කෝලිය’ ඇතා අභිරහස් ලෙස මිය ගොස් තිබේ.
කෝලිය ඇතා මියගොස් සිට ඇත්තේ මින්නේරිය රොටවැව ඇල රක්ෂිත කලාපයේ ය.
ප්‍රදේශවාසියෙක් ප්‍රදේශයේ ඉතා දුගධක් ඇති බවට ලබා දුන් තොරතුරක් මත මින්නේරිය වනජීවී නිළධාරීන්ට විසින් මෙම මිය ගොස් සිටි ඇතාගේ සිරුර රක්ෂිතය තුළදී සොයා ගෙන තිබුණි.
වයස අවුරුදු 25 ක් වන මෙම ඇතාගේ උස අඩි 08 ක් පමණ වේ. එක් දළයක් දිග අඩි 04 යි අගල් 04ක් පමණවේ. කෝලිය ඇතා මියයාමට හේතුව මෙතෙක් හෙළිව නොමැත.
අනාගත ඇත් රජෙකු වනු ඇති බවට ජාතියක් අපේක්ෂා කළ කෝලිය සම්බන්ධව අවස්ථා දෙකක දී සිත සසල කරවන පුවත් වාර්තා විය. කෝලිය හස්ථියා දෙවරක්ම මිය ගොස් ඇති බවට සැක කළ හස්ථියෙකි. පසුගිය වසරෙ මැයි 19 වන දින එනම් 2023.05.19 වන දින හබරණ , පලුගස්වැව , ආසිරිගම ප්‍රදේශයේ දී හිසට තැබූ වෙඩි පහරකින් ඝාතනය කොට දල යුවලද කපාගෙන ගොස් තිබිය දී ඇත් පැටවෙකුගේ ශරීරය හමුවිය. සියල්ලන්ම සැක කලේ ඒ කෝලිය ඇත් පැටවා බවය. නමුත් පසු කාලයේදී කෝලිය දැකගැනීනට ලැබුනු පසු, ඒ ඝාතනය වී ඇත්තේ වෙනත් ඇත් පැටවෙකු බව හෙලි විය. ඊට පෙරද ඝාතනය වී තිබූ තවත් පැටවෙකුට ද කෝලිය යැයි රැවටී පසුව කෝලිය වාර්තා වූ පසු එය නිවැරදි විය. එහෙත් මෙවර මේ ඇත් තරණයා සදහටම දෙනෙත් පියාගෙන ඇත.
මේ වාර්තාවන ඇත් මරණ මේ රටේ සංචාරක කර්මාන්තයට මෙන්ම ජාතියේ අභිමානයට ද මහත් ව්‍යසන හදන බව කිව යුතුව තිබේ.







