ශ්‍රියානි විජේසිංහ –
වෛද්‍යවරුන් විශ්‍රාම යායුතු වයස අවුරුදු 63 දක්වා දීර්ඝ කරමින් අභියාචනාධිකරණය 2023.12.15 වන දින ලබා දුන් තීන්දුවට අනුව අදාළ චක්‍රලේඛය මේ වසරේ දෙසැම්බර් 31 වනදාට පෙර නිකුත් කිරිමට රාජ්‍ය පරිපාන අමාත්‍යංශය කටයුතු නොකළහොත් වෛද්‍යවරුන් 1000ට ආසන්න සංඛ්‍යාවක් දෙසැම්බර් 31 වන දිනට විශ්‍රාම යන බව වාර්තා වේ.
මේසේ වෛද්‍යවරුන් 1000ට ආසන්න සංඛ්‍යාවක් එකවර විශ්‍රාම ගියහොත් රෝහල් සේවාවන් පවත්වාගන යාම ඉතා අසීරු බැවින් අභියාචනාධිකරණය අවසර ලබා දුන් චක්‍රලේඛ්‍ය වහාම නිකුත් කරන්නැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගම දිනයේදි රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම්වරයාට ඊයේ (06) ලිඛිතව දැනුම් දී ඇත.
පසුගිය කාලයේදී රටතුළ ඇති වූ දැඩි ආර්ථික ගැටලු හේතුවෙන් වෛද්‍යවරුන් විශාල පිරිසක් රට හැරගොස් ඇති මොහොතක මෙසේ එකවර වෛද්‍යවරුන් 1000ක පිරිසක් විශ්‍රාම ගැන්වීම රෝහල් පද්ධතියට දරාගත නොහැකි බවද සංගමය පවසා සිටියි.
මේ වසර තුළ ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය පැවැත් වූ බැවින් චක්‍රලේඛණය නිකුත් කිරිම ප්‍රමාද වූවේ නම් ඒ සඳහා දැන් කාලය තිබෙන බවද සංගමය පෙන්වාදේ.







