ජාතික ජන බලවේගය රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා දැඩිව විවේචනය කිරීම විශාල අර්බුදයක් බවත්, බැවින් එම පක්ෂයේ සහයෝගය යළිත් ලබාදීමට කටයුතු කරන ලෙසත් මලික් සමරවික්‍රමගෙන් ජනාධිපතිවරයා ඉල්ලා ඇතැයි විශ්වාසකටයුතු දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
පසුගිය යහපාලන රජය සමයේ ජනතා විමුක්ති පෙරමුණ සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වාගෙන ගිය හිටපු එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයකු වන මලික් සමරවික්‍රම මේ සඳහා සිය එකඟතාව පළ කර ඇතැයි මෙම ආරංචි මාර්ග අනාවරණය කළේය.
පසුගිය සමයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ සමීපතම මිතුරකුද වූ මලික් සමරවික්‍රම පසුගිය කාලය තුළ සමගි ජන බලවේගයට සහය දෙමින් සජිත් ප්‍රේමදාසට හිතවත් ව කටයුතු කළේය.
මෙහිදී මලික් සමරවික්‍රම ජනාධිපතිවරයාට පවසා ඇත්තේ පවසා ඇත්තේ තමාට ජාතික ජනබලවේගයේ නායකයා සමග නැවත කතා කිරීමට හැකි බවත් ජනාධිපතිවරයාට සමීපව කටයුතු කරන දෙදෙනකුගේ ක්‍රියාකාරකම් හේතුවෙන් ජාතික ජන බලවේගයට ජනාධිපතිවරයා සම්බන්ධයෙන් විශාල කලකිරීමක් පවතින බවත්ය.
මෙහිදී මලික් සමරවික්‍රම සහ ජනාධිපතිවරයා පවතින දේශපාලන තත්ත්වය පිළිබඳවද කතා බහක නිරත වූ බවත් ජාතික ජන බලවේග ප්‍රබලයින් දෙදෙනකු වන ලාල් කාන්ත සහ සුනිල් හඳුන්නෙත්ති සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව ඉදිරියේ සිදු කෙරුණු විරෝධතාත් පවතින චෝදනා සහ ඔවුන් අත්අඩංගුවට ගන්නා බවට පළ වූ කතා බහ පිළිබඳවද සාකච්ඡා වී ඇතැයි මෙම ආරංචි මාර්ග ලංකාසරට ප්‍රකාශ කළේය.







