හදිසි නීතිය ක්‍රියාත්මකව නොපවතින අවස්ථාවක පවතින වාතාවරණය අනුව ජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සේවය ලබා ගැනීමට ජනපතිවරයාට අවකාශ තිබෙන බවත් අදාළ ගැසට් නිවේදනය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය මගින් ඇතැම් පිරිස් ජනතාව නොමග යවන සුළු ආකාරයේ ප්‍රචාර ගෙන ගිය බවත් ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා පවසයි.
මෙය පසුගිය කාලය තුළ මෙය සාමාන්‍ය ක්‍රියාවලියක් ලෙස මාසිකව පවත්වාගෙන පැමිණ තිබෙන බව ද ඔහු පෙන්වා දෙයි.
ආරක්ෂක ලේකම් ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු දළදා සමිඳුන් වැඳපුදා ආශිර්වාද ලබා ගැනීමට ඊයේ (28) මහනුවරට පැමිණි අවස්ථාවේ මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා පැවසුවේ ජනපතිවරයා විසින් ලබා දුන් ඉතා භාරදූර වගකීමේ ස්වභාවය නිවැරදිව හඳුනාගෙන තමන් රාජකාරි කටයුතු භාරගත් බවය.
රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන සියලුම වර්ගයේ තර්ජන අපි හඳුනාගෙන ඇති බවත්, මහජනතාව අපහසුතාවට පත්වන සියලුම මාදිලියේ සම්ප්‍රදායික නොවන තර්ජන සමනය කිරීම සදහා ජනපති උපදෙස් මත සැළසුම් කර ඇති බවත් ඔහු පෙන්වා දුන්නේය.







