සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජාතික ආරක්ෂාව අනතුරට හෙලූ බවට චෝදනා කළ මිලේනියම් සිටි නඩුවෙන් හිටපු ASP කුලසිරි උඩුගම්පල නිදොස්කොට නිදහස්…

by editor
මාර්තු 27, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

2002 වසරේ අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය විසින් පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත්කොට ජාතික ආරක්‍ෂාව අනතුරේ හෙළීමට කටයුතු කළේ චෝදනා කරමින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළට එරෙහිව ගොනුකර තිබූ චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

පුරා වසර විස්සකට ආසන්න කාලයක් පැවති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.  මෙම නඩුව ගොනුවත්ම  කුලසිරි උඩුකම්පොල  අනිවාර්ය නිවාඩු යවා තිබිණි.

2002 වසරේ ජනවාරි මස 02 වනදා අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණය තුළ පවත්වාගෙන ගිය ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශයට අයත් ආරක්ෂක නිවස්නයක් වටලා එහි සිටි හමුදා බුද්ධි අංශ නිලධාරීන් සහ ඔවුන්ගේ මෙහෙයුම් පිළිබඳ තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් රටේ භෞමික අඛණ්ඩතාවයට සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කර රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් මහනුවර හිටපු සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළට එරෙහිව මෙම අධිචෝදනා ගොනුකර තිබුණි.

අතීත කතාව

මෙම නඩුවේ අධි චෝදනා ගොනුවන්නේ  2005 වසරේ මාර්තු 29 වැනි දා ය. මිලේනියම් සිටිහි පවත්වාගෙන ගිය ආරක්ෂක නිවස්නයක් පිළිබද හෙළිදරවු කර ජාතික ආරක්ෂාවට තර්ජනය කළ බව කී සහකාර පොලිස් අධිකාරී කුලසිරි උඩුගම්පොළට මහනුවර මහාධිකරණයේදී චෝදනා 19ක් යටතේ නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනු කෙරුවේය.

සතුරන්ට ප්‍රයෝජනවත් රාජ්‍ය රහස් හෙළි කිරීම, නිල රහස් පනත උල්ලංඝනය කිරීම, හමුදා නිලධාරීන් හත් දෙනෙකු දින තුනක් අත්අඩංගුවට ගෙන රඳවා තබා ගැනීම සහ ඔවුන්ට සහ තවත් බොහෝ දෙනෙකුට එරෙහිව බොරු චෝදනා එල්ල කිරීම යන චෝදනා මෙම චෝදනා අතරවිය.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

එවකට මහනුවර මහාධිකරණ විනිසුරු ඩී.එස්.සි ලේකම්වසම්ය. ඔහු විත්තිකරු රුපියල් 10,000 ක ඇපයක් සහ රුපියල් 100,000 ක ශරීර ඇප දෙකක් මත මුදා හැරියේය.

සහකාර පොලිස් අධිකාරීවරයාගේ ඇඟිලි සලකුණු ලබා ගන්නා ලෙස විනිසුරුවරයා පොලිසියට නියෝග කළ අතර විදේශ ගමන් තහනම් කළේය.

ආරක්ෂිත නිවස වැටලීම

මිලේනියම්සිටි නිවාස සංකීරණයේ මෙම ප්‍රශ්නගත වැටලීම එක්සත් ජාතික පෙරමුණ (එජාප) රජය බලයට පත්වීමෙන් ටික කලකට පසු 2002 ජනවාරි 02 වන දින සිදුවිය.

වැටලීම සම්බන්ධව විමර්ශනය ආරම්භ කිරීමෙන් පසු පොලිස්පතිවරයාගේ නියෝග මත කුලසිරි උඩුගම්පොල අත්අඩංගුවට ගන්නා ලදී. පසුව මහනුවර මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂ 5 ක පුද්ගලික ඇපයක් මත ඔහුව නිදහස් කළේය.

පොලිස්පතිත් හමුදා සහ පොලිස් නිලධාරීනුත් ඇතුළත් කළ පැමිණිල්ලේ සාක්ෂිකරුවන් 70 දෙනෙකු පැමිණිල්ල විසින් ලැයිස්තුගත කර තිබුණි.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

යාපනයෙන් කැනඩාවට ගොස් කැනඩාවේ දී මිනී මැරූ තරුණයින් 02ක් අත් අඩංගුවට…

Next Post

කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න ක්‍රිෂ් නඩුවෙන් ඉවත් වෙයි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.