fbpx
ලංකාසර
  • EnglishEnglish
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජලාශ තවත් හිඳෙයි!  විදුලි අර්බුදය තවත් දරුණු වෙයි!

මාස 2ක් ago
in පුවත්
452 4
0
Share on FacebookShare on Twitter

ලංකා විදුලිබල මණ්ඩලයට අයත් ජල විදුලි බලාගාර ආශ්‍රිත ජලාශයන්හි ජල මට්ටම මේ වනවිට ඉතාමත් අවම මට්ටමක පැවතීම හේතුවෙන්, ජල විදුලි උත්පාදනයට තවදුරටත් බාධා පැමිණෙනු ඇතැයි විදුලිබල අමාත්‍යාංශය අවධාරණය කරයි. මේවනවිට දිවයිනටම බලපා තිබෙන දැඩි වියළි කාලගුණික තත්ත්වයන් මත විදුලිබලය උත්පාදනය සදහා යොදාගනු ලබන ජලාශයන්හි ජල මට්ටම තවත් සීඝ්‍රයෙන් පහත බසිමින් පවතී.

කාසල්රි ජලාශය ;  ව කාසල්රි ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 15.34 දක්වා පහළ බැස ඇති අතර උපරිම වශයෙන් ජලමට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 19.0 වනතෙක් පමණි. මෙම ඉතිරිව ඇති ජල පරිමාවෙන් ජනනය කළහැකි විදුලි ඒකක ප්‍රමාණය ගිගා වොට් පැය 07.3ක් වන අතර එය කාසල්රි ජලාශයේ සමස්ත ධාරිතාවයෙන් 07.7% කි.

මාඋස්සාකැලේ ජලාශය : මාඋස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 13.69 දක්වා පහත බැස ඇති අතර උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 22.4 වනතෙක් පමණි. ඒ අනුව මා උස්සාකැලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 77.7 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 27.4%කි.

සමනල වැව ජලාශය : සමනල වැව ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 25.20 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 31 වනතෙක් පමණි. ඒ අනුව සමනල වැව ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 15.2ක් වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 11.4% කි.

එමෙන්ම විදුලිබල උත්පාදනය කිරීම සදහා මහවැලි සංකීර්ණයට අයත් ප්‍රධාන ජලාශවල මේවනවිට පවතින ජලමට්ටම් මෙසේ වේ.

කොත්මලේ ජලාශය : කොත්මලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමේ සිට මීටර් 24.97 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකළ හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 38 වන තෙක් පමණි. ඒ අනුව කොත්මලේ ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළ හැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 29.0 වන අතර එය සමස්ත ධාරිතාවයෙන් 20.3%කි.

වික්ටෝරියා ජලාශය : වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම පිටාර මටට්මේ සිට මිටර් 27.49 දක්වා පහත බැස ඇති අතර ජලාශයේ උපරිම වශයෙන් ජල මට්ටම අඩුකල හැක්කේ පිටාර මට්ටමේ සිට මීටර් 68 වන තෙක් පමණි. ඒ අනුව වික්ටෝරියා ජලාශයේ ජල පරිමාවෙන් විදුලිය ජනනය කළහැක්කේ විදුලි ඒකක ගිගාවොට් පැය 133.3 වන අතර  එය සමස්ත ධාරිතාවයෙන් 30.1කි.

මෙම මහවැලි ජලාශ වලින් රටේ පානිය ජල අවශ්‍යතාවය සහ කෘෂිකාර්මික කටයුතුවලටද ප්‍රමුඛතාවයකින් ජලය මුදාහැරීම සිදුකළ යුතු බැවින් ඉහත ජලාශ වලින් ජල විදුලි බලය ජනනය කිරීම  සදහා ජලය  මුදා හැරීමද සීමා කළයුතුව ඇත. එබැවින් විදුලිය අරපිරිමැස්මෙන් පරිහරණය කරන මෙන් විදුලිබල අමාත්‍යාංශය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Join @lankasara on Telegram Channel
Tags: නවතම
Previous Post

“සාගතය ද ? ජීවිතය ද?“ ගොවි ජන රැළිය පොලොන්නරුවේ දී ඇරඹෙයි…

Next Post

ලෝකයේ උද්ධමන වගුවේ ලංකාව 06 වැනි තැනට… ඇෆ්ගනිස්තානයත් අපට පහළින්…

Related Posts

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

මැයි 18, 2022

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

මැයි 18, 2022
Dan and Saman

මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට

මැයි 18, 2022

Discussion about this post

No Result
View All Result

නවතම ලිපි

  • සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.
  • අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….
  • මොරටුවේ සමන්ලාල් හා ඩෑන් ප්‍රියසාද් අත්අඩංගුවට
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

ජනප්‍රිය පුවත්

  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටුවන් නිරුවත් කළ පොලිස්පතිගේ වාර්තාව මෙන්න!

    379 shares
    Share 152 Tweet 95
  • පොලිස්පතිට තිත්ත කතා කී පොහොට්ටු මන්ත්‍රීවරු නිරුත්තර කළ පොලිස්පතිගේ හෙළිදරව්ව…

    3565 shares
    Share 1426 Tweet 891
  • මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

    172 shares
    Share 69 Tweet 43
  • පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

    172 shares
    Share 69 Tweet 43
  • පොහොට්ටු මැරයන්ගේ ගෝල් ෆේස් ගමන වලකනු එපා යැයි  DIG චන්ද්‍රකුමාරට ඉහළින් දුරකථන ඇමතුමක්!..

    172 shares
    Share 69 Tweet 43
  • කැබිනට් මණ්ඩලය 18යි… ඉතිරි 14 දෙනා අද දිවුරුම් දෙයි?!

    176 shares
    Share 70 Tweet 44

Highlights

පොලිසිය දේශපාලනීකරණය වූ හැටි කී පොලිස්පතිවරයාට අමාත්‍යාංශයෙන් ලැබුණු සුපිරි උත්තරේ !

මහින්ද නාමල් එක්කම පාර්ලිමේන්තු ඇවිත්…

සමාවෙන්න හෙටත් පෙට්‍රල් නෑ – ඇමති කියයි

කාලගුණය හරට හිටී…. ගෑස් බෑම නවතී… පෝලිම්වල නොසිට ගෙවල්වලට යන්නැයි ලිට්‍රෝ කියයි!

ලංකාවේ අසරණ දෙමළ ජනතාවට  තමිල්නාඩුවෙන් වියලි ආහාර ද්‍රව්‍ය පාර්සල් කෝටි 04ක්..

මැයි 09 අපරාධය ගැන පොහොට්ටු මන්ත්‍රීවරු 06ක ගෙන් විමසන්න   CID ය අද පාර්ලිමේන්තුවට…

ටැග

= Latest කඳුබොඩ කොවිඩ්-19 කොවිඩ්-දිවුලපිටිය නවතම පාළුකඩවල වැව යාපනය විශ්ව විද්‍යාලය ලෙව්කේ මැදුර විශේෂ සපුකුමාර
ලංකාසර

We at Lankasara are dedicated around the clock to provide news and information close to the lives of Sri Lankans living in every corner of the world and also to those interested in Sri Lanka.

Latest News

සූරියවැව ගොවීන් තෙල් පෝලිමට ආ හැටි.

by editor
මැයි 18, 2022
0

යල කන්නය සඳහා වලව කලාපයේ ගොවීන්ට ...

අරගලකරුවන්ට ගැසූ සනත් නිශාන්ත මිලාන් ජයතිලක 25 දක්වා රිමාන්ඩ්….

by editor
මැයි 18, 2022
0

ගෝල්ෆේස් සහ අරලියගහමන්දිරය ඉදිරිපිට සාමකාමී අරගලකරුවන්ට...

© 2020 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 ලංකාසර.කොම්

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist