විමුක්ති එස් රුද්‍රිගු –
-
සියයට 14.2 තිබූ උද්ධමනය සියයට 55 වෙලා… අපට ඉහළින් ඉන්නෙ වෙනිසියුලාව, සිම්බාබ්වේ, ලෙබනන්, තුර්කි සහ සුඩානය පමණයි… ජෝන් හොප්කින්ස් සරසවිය කියයි….
ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් වන ස්ටීව් හැන්කිගේ නවතම උද්ධමන වගුවට අනූව ශ්‍රී ලංකාව ලෝකයේ හයවෙනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත.
ස්ටීව් හැන්කි ගේ උද්ධමන වගුවට අනූව 14.2% ක් ව තිබූ ශ්‍රී ලංකාවේ උද්ධමනය 55% දක්වා වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇත.
මහාචාර්ය ස්ටීව්ට අනූව ශ්‍රී ලංකාව තුළ 1884 සිට 1950 දක්වා මුදල් මණ්ඩලයක් ක්‍රියාත්මක කිරීම තුළින් ශ්‍රී ලංකාවේ තිබෙන ඉහළ උද්ධමනයට කදිම විසඳුමක් සොයාගත හැකි බව පෙන්වා දෙයි.
විශේෂ කාරණය නම් මීට පෙර මහාචාර්ය හැන්කි ගේ උද්ධමන වගුවට ශ්‍රී ලංකාව ඇතුළත් වී නොතිබීම සහ මෙවර එම උද්ධමන වගුවට ශ්‍රී ලංකාව හයවෙනි ස්ථානය දක්වා ඉහළ ගොස් ඇතුළත් වී තිබිමය.