සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපති තමන්ගෙ මැතිවරණ ව්‍යාපාරය විතරක් නෙමෙයි මුලු යුඑන්පී එකම නඩත්තු කරන්නේ මහජනයගේ බදු සල්ලි වලින්… ලැජජා නැති දේශපාලනය ගැන අනුර කියයි!

by editor
අගෝස්තු 22, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා සතු ව්‍යවස්ථාපිත වගකීමක් වූ රටේ පොලිස්පති පත්කිරීම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් ලෙස කළ නොහැකි බවත් එය සදාචාරය සම්බන්ධ ප්‍රශ්නයක් වනු ඇති බවත් කී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරණයට දින 30කට පෙර නව ඇමතිවරුන් දෙදෙනෙක් පත්ගෙන රාජ්‍ය මුදල් සහ රාජ්‍ය දේපල තම මැතිවරණ ව්‍යාපාරයට මුලුමනින්ම පොම්ප කරමින් මැතිවරණ ව්‍යාපාරය පමණක් නොව මුළු එක්සත් ජාතික පක්ෂයම ආණ්ඩුවෙන් නඩත්තු කරන අලජ්ජී දේශපාලනය යෙදෙන ආකාරය ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක හෙළි කළේය

අනුර කුමාර දිසානායක මේ බව පැවසුවේ ඊයේ (21) පැවති ජාතික ජන බලවේගයේ අකුරණ රැලිය අමතමිනි. එම රැළිය අමතමින් ඔහු මෙසේ ද පැවසුවේය.

අපේ මෙතෙක් කල් ආණ්ඩු හැදුණේ අනෙකාට විරුද්ධව. උතුරට එරෙහි දකුණේ ආණ්ඩු, මුස්ලිම් ජනයාට එරෙහි ආණ්ඩු හැදුවා. 2019 මැතිවරණ ව්‍යාපාරය දියත් වුණේ මුස්ලිම් ජනයාට එරෙහිව. මහනුවර දිස්ත්‍රික්කයේ කවර පක්ෂයක් පාර්ලිමේන්තු මැතිවරණයට අපේක්ෂක ලැයිස්තුවක් ඉදිරිපත් කළත් අකුරණ, හාරිස්පත්තුව, මහනුවර ප්‍රදේශ නියෝජනය කරමින් මුස්ලිම් අපේක්ෂකයන් ඉදිරිපත් කරනවා. ගිය සැරේ පොහොට්ටුවේ අපේක්ෂක ලැයිස්තුවේ මුස්ලිම් අපේක්ෂකයන් හිටියේ නැහැ. මුස්ලිම් ජනතාවට එරෙහිව ඔවුන් ඡන්ද ව්‍යාපාරය දියත් කළා. කළුතර හා කොළඹ ලැයිස්තුවලත් නැහැ. ඔවුන් ඡන්ද ව්‍යාපාර දියත් කළේ අනෙකාට එරෙහිවයි.

අනෙකාට එරෙහිව ආණ්ඩු හදලා රටේ සමගිය හදන්න බැහැ. ඒ නිසා ලංකාවේ පළමු වැනි වතාවට සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාවගේ සමගි සම්පන්න ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝගෙම බහුතරය දිනාගත් ආණ්ඩුවක් හදන්න ඕනෑ. මේ හැමෝම සහයෝගය දෙනවා නම් එතන තමයි ජාතික සමගිය ගොඩනැගීමේ ආරම්භය.

RelatedPosts

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

අපේ මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා, ගම්මාන මට්ටමෙන් සංවිධාන යාන්ත්‍රණය එළලා, සමාජයේ විවිධ කණ්ඩායම් බලවේග විදිහට පෙළගස්වලා, ශක්තිමත් මැතිවරණ ව්‍යාපාරයක් දියත් කොට තිබෙනවා. මේ ජනාධිපතිවරණයේදී ශක්තිමත්ව, ක්‍රමවත්ව, පිළිවෙළකට මැතිවරණ ව්‍යාපාරය දියත් කොට තිබෙන්නේ ජාතික ජන බලවේගයේ අපියි. ජනතාවට තීන්දු ගන්න මේ මැතිවරණ ව්‍යාපාරය දෙස බැලුවත් ඇති.

මැතිවරණ ව්‍යාපාරය ආරම්භ කරලා මේ වෙනකම් රනිල් පවත්වලා තිබෙන්නේ එක රැස්වීමයි. ඒකත් රටෙන්ම ඇදලා. ජනතාව ආමන්ත්‍රණය කිරීමක් ඔහුගේ මැතිවරණ ව්‍යාපාරයේ නැහැ. රනිල්ගේ මැතිවරණ ව්‍යාපාරය තුළ සම්පූර්ණයෙන්ම රාජ්‍ය දේපළ, රාජ්‍ය මුදල් මුළුමනින්ම මැතිවරණ ව්‍යාපාරයට යොදවනවා. මුළු එක්සත් ජාතික පක්ෂයම නඩත්තු වෙන්නේ ආණ්ඩුවෙන්. රනිල් ආණ්ඩුවෙන් නඩත්තු වුණාට කමක් නැහැ. හැබැයි ජනාධිපති උපදේශක සාගල, පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන, ජනාධිපති උපදේශකයෙක් වන අකිල විරාජ් ඇතුළු මේ සියලු දෙනාට ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව ඔක්කෝම ආණ්ඩුවෙන්.

ජාතික සංවිධායක, සබරගමුවේ සංවිධායක, නවීන් දිසානායක, ආණ්ඩුවෙන් ගෙවල්, පඩි, වාහන, තෙල්, සල්ලි. ආශු මාරසිංහ තවත් ජනාධිපති උපදේශක කෙනෙක්. ආණ්ඩුවෙන් පඩි, වාහන, තෙල්, ආරක්ෂාව. හරීන් ප්‍රනන්දු, මනුෂ නානායක්කාර දෙන්නා අමාත්‍ය ධුර හෙබවූයේ ආණ්ඩුවේ වාහන, සල්ලි, තෙල්, ආරක්ෂාව, ඇතිව. ආණ්ඩුවේ සල්ලිවලින් සංගීත සංදර්ශන තියනවා, විදේශ සේවා නියුක්ති කාර්යාංශය ගිහින් තරුණ තරුණියන් එකතු කරනවා. නඩු තීන්දුවකින් මන්ත්‍රීකම නැතිවුණා. ඒ එක්කම ඇමතිකමත් නැති වුණා. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු දැන් ජනාධිපති උපදේශකවරුන්. මේ තරම් උපදේශකවරු ඉන්නෙ රනිල් මෝඩයෙක්ද? මේ කරන්නේ ආණ්ඩුවේ මුදල් වියදම් කිරීම සඳහා උපදේශක තනතුරු දෙනවා.

ඒ විතරක් නොවෙයි. ජනාධිපති ඡන්දෙට තව දවස් 30යි. ඒ කාලෙටත් ඇමතිකම් දෙකක් දෙනවා. සුරේෂ් වඩිවෙල්ට, අලි සහීබ් මවුලානාට රාජ්‍ය ඇමතිකම් දෙනවා. මේ මොකටද, ආණ්ඩුවෙන් වාහන, තෙල්, පඩි, ලැබෙනවා, ඒ වගේම ඡන්දෙට ආණ්ඩුවේ ව්‍යාපෘති කරන්න පුළුවන්.

රනිල් වික්‍රමසිංහ කියනවා පොලිස්පති පත්කරන්න බැහැ. එම පත්කිරීම මැතිවරණ කාලේ වැරදියි කියලා. හැබැයි මව්ලානා, සුරේෂ වඩිවේල් පත් කරන්න පුවළුන්. මනුෂ නානායක්කාර, හරීන් ප්‍රනාන්දු උපදේශකවරුන් ලෙස පත් කරන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහගේ මුළු කැම්පේන් එක තිබෙන්නේ ආණ්ඩුවේ සල්ලි, වාහන, තෙල්, ආරක්ෂාව මත.

ඡන්දයකදි අපේක්ෂකයන්ට සමාන ලෙස තරග වදින්න ඉඩ තියෙන්න ඕනෑ. රනිල් වික්‍රමසිංහ තරග වදින්නේ ආණ්ඩුවේ භාණ්ගාරයේ සල්ලිවලින්. අපි තරග වදින්නේ ජාතික ජන බලවේගයෙන්. සජිත් ප්‍රේමදාසගේ මැතිවරණ ව්‍යාපාරයේ එක පැත්තකින් අවලාද. අනෙක් පැත්තෙන් ෆොටෝ එකක්. ඡායාරූපයක් ගන්නවා, වීඩියෝ එකක් ගහනවා, බ්රේකින් නිව්ස් එකක් ගහනවා.

එක උස මෑන් කෙනෙක් හැමතැනටම ගිහින් යන්න තැනක් නැතිව අවසානේ සජබයට ගියා. නගර සභාවේ කුණු ලොරියට ගියා. කිසි මතයක්, ප්‍රතිපත්තියක් තිබෙන කඳවුරක් නොවෙයි. ක්‍රිකට් බෝඩ් එකට සූදුව ගෙනාවේ, ක්‍රිකට් බෝඩ් එකේ සල්ලි විනාශ කළේ ෂම්මි සිල්වලා පස්සේ ඉන්න තිලංග සුමතිපාල කියලා කෑ ගැහුවා. ක්‍රිකට් බෝඩ් ඒකෙ ආරක්ෂකයා අර්ජුන රණතුංග කිවුවා. ඒ තිලංගයි, අර්ජුනයි දෙන්නාම සජිත්ලා ගාව. ක්‍රිකට් බෝඩ් එක විනාශ කළ කෙනයි, එය ආරක්ෂා කරනවා කියන කෙනයි දෙන්නාම එකම තැනක. මේ දේශපාලනය මොකක්ද? ඒගොල්ලන්ට තිබෙන්නේ එහෙන් මෙහෙන් කට්ටිය එකතු කරන දේශපාලනය විතරයි. ඔය ගොඩක් අය සජිත් ගාවට ළඟට යන්න කලින් අපේ දොරටත් තට්ටු කළා.

අපට එහෙම ඕන නැහැ. අපට තිබෙන්නේ ප්‍රතිපත්තිගරුක දේශපාලනයක්. අපේ මේ වේදිකාවේ ඉන්න හැමදෙනාම යම් ප්‍රතිපත්තියකට එකඟ වූ, අවංක, අදූෂිත අය. ඒ වගේම මේ රටත්, ජාතියටත් අසීමිත ලෙස ආදරය කරන අය. ඒ ගොල්ලන්ගේ වේදිකාවේ ඉන්නේ කොහොම හරි ඇමතිකමක් ගන්න බලාගෙන ඉන්න අය. මේ මැතිවරණය දිහා බැලුවත් ඇති දිනවන්න ජාතික ජල බලවේගය දිනවන්න ඕනෑ කියන තීන්දුව ගන්න.

තිස්ස අත්තනායක පසුගිය දා ප්‍රකාශයක් කරනවා, “නුවර පෙරහැර නතර කරනවා කියලා” හරිනි සහෝදරිය කිවුවා කියලා. තිස්ස කියන්නේ 2015 මෛත්‍රීගෙ පිලයි, සම්බන්ධන්ලාගේ පිලයි රට බෙදන්න ගිවිසුමක් ගහලා කියලා කූට ලේඛන හදලා හිරේ ගියපු කෙනා. ඒකට තිස්ස අත්තනායක සමාව ගත්තේ නැත්නම් ආපහු තිස්ස අත්තනායක හමුවෙන්නේ අධිකරණයේදි. මේ බොරු, අසත්‍ය අවලාද ගහන්න අපි ඉඩ දෙන්නේ නැහැ.

චරිත හේරත් කුරුණෑගල ගිහින් කියනවා අපි අවහම අත්කඳ විහාරයේ පෙරහැර නතර කරනවාලු. මීට සති දෙක තුනකට පෙර චරිත හේරත් අපිට කොළ එළිය දමමින් හිටියා. අපි ගත්තේ නැහැ. මේවා කියන්නේ ඒ ගොල්ලන්ගේ ක්‍රියාව වෙලා තිබෙන්නේ අවලාද නිසා. දැන් රාවුෆ් හකීම් මුස්ලිම් ජනතාව කේන්ද්‍ර කරගෙන අවලාද පටන්ගෙන තිබෙනවා. අපි කිව්වාලු, “සහරාන්ලා, ත්‍රස්තවාදීන් බිහි වෙන්නේ මුස්ලිම් අම්මාගේ ගර්භාෂයෙන්” කියලා. වට්ස්ඇප්වල යනවා. හකීම් තැන තැන කියමින් යනවා.

සහරාන්ගේ සිද්ධිය සිදුවුණාට පස්සේ පාර්ලිමේන්තුවේ මම කළ කතාවක් තිබෙනවා. ඒක බලන්න මම කිව්වේ මොකක්ද කියලා. මම කිවුවා “මේ ත්‍රස්තවාදය, සිංහල, දෙමළ, මුස්ලිම් ප්‍රචණ්ඩ ක්‍රියා, ත්‍රස්තවාදී ගැටුම්, ඇති වන්නේ අන්තවාදීන්ගේ ගර්භාෂයෙන්” කියලා. හකීම්ට සමහර විට මම කිවුව වචනය තේරුනේ නැද්ද දන්නේ නැහැ.

දිගනට, අලුත්ගමට පහර දෙන්නේ පොදු සිංහල ජනයා නොවෙයි. අන්තවාදී, සිංහල ජාතිවාදී ගර්භාෂය තුළ ගොඩනැගුණු ප්‍රචණ්ඩත්වය. ප්‍රභාකරන්ලා බිහි වෙන්නේ දෙමළ ජාතිවාදී ගර්භාෂයේ. සහරාන්ලා බිහි වුණෙත් මුස්ලිම් අන්තවාදී ගර්භාෂයේ. ජාතික ජන බලවේගයේ අපි මොනතරම් අසීරු අවස්ථාවලදිවත් ජාතිවාදයට නොවැටුණු අයයි. මේ රට පත්වෙලා තිබෙන විපත්තියේ සිංහල, දෙමළ, මුස්ලිම් අපි ඔක්කෝම වින්දිතයන් වෙලා තියෙනවා. ඒ නිසා අපේ ඔක්කෝගෙම වගකීමක් තමයි මේ විපත්තියෙන් මේ රට මුදා ගැනීම. ඒ මුදා ගැනීම සඳහා තිබෙන ආරම්භක අවස්ථාව තමයි සැප්තැම්බර් 21 දවස. ජාතික ජන බලවේගය අතට දේශපාලන බලය මාරු කර ගැනීම.

අපි පළමුවෙන්ම දේශපාලකයා ආදර්ශය දෙන්න පටන් ගන්නවා. ඇමතිවරයා මහජනයාගේ සේවකයෙක් කියන සංකල්පයට අපේ රටේ දේශපාලනය පරිවර්තනය කරනවා. අපේ රටේ තිබුණු පළි ගැනීමේ දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා. අපි දිනලා ජයග්‍රහණය සැමරීමේ ආදර්ශයත් අපි මේ රටට දෙමු. පියවරෙන් පියවර මේ රට හදන්න පටන් ගනිමු.

පළමුව ජාතික සමගිය ගොඩනගන්න ඕනෑ. අලුත් ව්‍යවස්ථාවක් අපි සම්මත කර ගන්නවා. කතා කරන භාෂාවේ අයිතිය, අදහන ආගමේ අයිතිය, අනුගමනය කරන සංස්කෘතියේ අයිතිය පිළිගන්නා රාජ්‍යයක් බවට පරිවර්තනය කරනවා. හැමෝටම සමානව සලකන ආණ්ඩුව බවට පත් කරනවා.

අපි සියලු දෙනා එකතු වෙලා, සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එකතු වෙලා, විශ්වාසය තිබෙන ආණ්ඩුවක්, විශ්වාසය තිබෙන පාලනයක් ගොඩනගමු. ඒ වෙනුවෙන් සැප්තැම්බර් මාසේ 21දා ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරවන්න වැඩ කරන්න, මැදිහත් වෙන්න, එකතු වෙන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

දිඹුලාගල කැණිම් කරන්න ගිය පුරාවිද්‍යා කණ්ඩායමකට ආර්.පි.ජී. මෝටාර් උණ්ඩයක් හමුවෙයි!

Next Post

ග්‍රීක බැඳුම්කර වංචාව – තාක්ෂණික දෝෂමත නිදහස් වුන කබ්රාල්ට අල්ලස් කොමිසම යළිත් නඩු පවරයි!

Related Posts

පුවත්

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ
පුවත්

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026
පුවත්

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!

ජූනි 27, 2026
HORMUZ

නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…

ජූනි 27, 2026

කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

ජූනි 27, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • 06 ශ්‍රේණියේ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට සියලු කටයුතු සූදානම්!
  • නැවත ඇතිවන ගින්නක බිහිසුණු පුළුටු ගඳ විඳිමින්…
  • කරන්දෙණිය රාජුට  හොර පාස්පෝට් හැදූ ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් රිමාන්ඩ් !… ඉතින්  මේ අධිකරණ ක්‍රියාවලිය කුඩු කරන්න එකතු වෙමු!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.