ශ්‍රියානි විජේසිංහ –
කළමනාකරණ සේවා කොමිසමේ අත්තනෝමතික සහ අදූරදර්ශී ක්‍රියාමාර්ග හේතුවෙන් මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය මුහුණ පා ඇති අර්බුදය ඉක්මවා එය ඛේදවාචකයක් දක්වා ගමන් කිරීම හේතුවෙන් නුදුරු අනාගතයේදීම මෙරට පර්යන්ත රෝහල් පද්ධතිය සම්පූර්ණයෙන්ම වැසී යාම වැළැක්විය නොහැකි වනු ඇති රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
සෞඛ්‍ය අමාත්‍යාංශය අවශ්‍ය තොරතුරු, පැහැදිලි කිරීම් සහ සාධාරණීකරණයන් දිගින් දිගටම ලබාදී තිබියදීත්, නවක වෛද්‍යවරුන්ට පත්වීම් ලබාදීම සහ අනුමත වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව යාවත්කාලීන කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කළමනාකරණ සේවා කොමිෂන් සභාවේ අඥාන ක්‍රියාමාර්ගවල ස්වරූපය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ජනාධිපතිවරයාට ලිඛිතව කරුණු ඉදිරිපත් කර ඇති බවද එම නිවේදනයේ දැක්වේ.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් හරිත අලුත්ගේ ගේ අත්සනින් යුතුව නිකුත් කර ඇති එම නිවේදනයේ පවතින බිහිසුණු තත්ත්වය පිළිබඳ අවධාරණය කරමින් පෙන්වා දෙන්නේ මේ ව්‍යාකූල තත්ත්වය ඇති කරන කළමනාකරණ සේවා කොමිසම ජනාධිපතිවරයා යටතේම පවතින ආයතනයක් බවය.
උදාහරණ දක්වමින් සංගමය පන්වා දෙන්නේ කලුතර, ගල්ලැස්ස නව මාතෘ රෝහලට අවශ්‍ය වෛද්‍යවරුන් සංඛ්‍යව – 72ක් සඳහා අවශ්‍ය වුවද අනුමැතිය ලැබි ඇති වෛද්‍යවරුන් සංඛ්‍යාව – 25 ට බවත් පේදුරුතුඩුව මූලික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට වෛද්‍යවරුන් අනුයුක්ත කර නැති බවත් මේ අන්දමින්ම කිලිනොච්චිය දිස්ත්‍රික් මහ රෝහලේ නව මාතෘ ප්‍රතිකාර ඒකකයට සහ මාන්කුලම්ක රෝහලේ පුනරුත්ථාපන ඒකකයටවෛද්යවරුන් අනුයුක්ත කර නොමැති බවත්ය.
එසේම උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අක්මා බද්ධ කිරීමේ ඒකකය – වෛද්‍යවරුන් අනුයුක්ත කර නොමැති වීමෙන් රෝගීන් දැඩි දුෂ්කරතාවන්ට මුහුණ පා සිටින බවද එම නිවේදනයේ දැක්වේ. .
දැනට උද්ගතව ඇති ගැටලුව විසඳීමට වගකිවයුත්තන් අපොහොසත් වන්නේ නම් වෛද්‍යවරුන් නොමැතිව අඩපණ වී ඇති පර්යන්ත රෝහල් වසා දැමීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉදිරි මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කර තීරණය කිරීමට සිදුවනු ඇති බවද රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය නිවේදනය කරයි.
එම නිවේදනය පහත දැක්වේ.