ජනාධිපතිවරයා විසින් සියලු දිස්ත්‍රික් ලේකම්වරුන්, අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් ලෙස පත් කිරිමට පියවර ගෙන තිබේ.
මුදල් ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා මෙම පත්වීම් සිදුකරනු ලබන්නේ 2002 අංක 24 දරන සුබසාධක ප්‍රතිලාභ පනතේ වගන්තිවලට අනුව එම පනතේ අරමුණු ක්‍රියාත්මක කිරීම සඳහා,
නොවැම්බර් මස පළමු දින දක්වා ක්‍රියාත්මකවන පරිදි පසු දාතම් කර අදාළ පත් කිරීම් සිදු කර ඇත.
මෙම අතිරේක සුබසාධක කොමසාරිස්වරුන් හා නියෝජ්‍ය සුබසාධක කොමසාරිස්වරුන් සඳහා සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය විසින් රාජකාරි පැවරීම සිදු කරනු ඇත.







