බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මහත්වරුන්ගේ ක්‍රීඩාව දුවන්නේ  ඉන්දීයානු   ප්‍රමිතියට  ද?

by editor
නොවැම්බර් 16, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබුවේය.  ඒ නවසීන්තය සමග ඊයේ  පැවැති පළමු අවසන් පූර්ව වටයේ තරගය ලකුණු 70කින් ජයග්‍රහණය කරමිනි.

වෙන්කඩේ ක්‍රීඩාංගනය ඉන්දියාව සලකන්නේ තමන්ට වාසනාව ගෙන දෙන ක්‍රීඩාංගනයක් ලෙසය.  තරගය පැවතුනේ වෙන්කඩේ ක්‍රීඩාංගනයේය.

කාසියේ වාසිය දිනූ ඉන්දියානු කණ්ඩායම පිතිකරණය තේරුවේය. කඩුළු 04ක් දැවී ලකුණු 397ක් රැස් කළේය.

වෙන්කඩේ තණතීරුව පන්දු යවන්නට කිසිම සහයක් නොදැක්වූ බව පෙනුණි. නවසීලන්ත පන්දු යවන්නො දැඩි පීඩාවකට ලක් වූහ.  මේ තරගය විරාට් කෝලිගේ තරගයක් විය. ඔහු සිය එක් දින දිවියේ ශතක 50ක් සම්පූර්ණ කළේය. ඒ ශතක 49ක් ලබාගෙන වසර විස්සක් නොබිඳී තිබුණු තෙණ්ඩුල්කාර්ගේ වාර්තාව බිඳ හෙළමිනි.

තරග 10ක දී 50කට වැඩි ඉනිම් 08ක් ක්‍රීඩා කර ලෝක කුසලානයක දී  ලකුණු 50කට වැඩි ඉනිම් 07ක් ක්‍රීඩා කළ තෙන්ඩුල්කාර්ගේ වාර්තාව බිඳහෙළුවේය.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

එමෙන්ම ලෝක කුසලාන තරගාවලියක වැඩිම ලකුණු ලාභියා ලෙස තෙන්ඩුල්කාර්  තැබූ වාර්තාවත් අද විරාත් කෝලි  අතින් බිඳ හෙලිනි.

වාර්තා බිඳ දැමූ කෝලි…

විරාත් කෝලි අද ලකුණු 117කි. ඊට හතරේ පහර 09ක් සහ හයේ පහර 03කි. ශ්‍රෙයාස් ලියර් හතරේ පහර 04ක් සහ හයේ පහර 8ක් සමගින් ලකුණු 105කි. ශුබ්මන් ගිල් නොදැවී ලකුණු 80කි. රෝහිත් ෂර්මා ලකුණු 47කි.  කේ.එල්. රාහුල් නොදැවී ලකුණු 39කි. සූර්යකුමාර් යාදේව් 1 ලකුණකි.  ඉන්දියාව 397ට කඩුළු 04කි. ඉන් කඩුළු 03ක් දවා ගත්තේ ටිම් සව්තිය. ට්‍රෙන්ට් බෝල්ට් කඩුල්ලක් ලැබුවේය.

බැලූ බැල්මටම තරගය තිබුණේ ඉන්දියාව අතේය. 398ක් වැනි ලකුණක් හඹා ගොස් ජයග්‍රහණය  පහසු නැත. එසේ මේ තරගාවලියේ දී හැකි වී නම් ශ්‍රී ලංකාවේ වාර්තාව බිඳින්නේ ඉන්දියාවය. ඒ වැඩිම ලකුණු ප්‍රමාණයක් හඹායන්නට දී පැරදුන රට ලෙසය.

පිලිතරු ඉනිම ක්‍රීඩා කිරීමට පැමිණි නවසීලන්ත කණ්ඩාමට මොහොමඩ් ෂමී ගෙන් එල්ල වූ පීඩනය සුළුපටු එකක් වූයේ නැත. නවසීලන්තයේ ප්‍රබල ආරම්භක පිතිකරුවන්වන රචින් රවීන්ද්‍ර සහ ඩෙවොන් ක්‍රොන්වේ ලකුණු 13 බැගින් ලබා සිටිද්දී දැවී ගියහ. ලකුණු 39 දී කඩුළු 02ක් බිඳවැටිනි. එතැන් සිට තුන්වෙනි කඩුල්ල වෙනුවෙන් නායක කේන් විලියම්සන් සහ ඩැරී මිචෙල් ලකුණු 191ක මනරම් සම්බන්ධයක් ගොඩනැගූහ.

ඩැරිල් මිෂෙල් හතරේ පහර 09ක් සහ හයේ පහරක් සමග ලකුණු 134ක් ලැබුවේය.

එක් අවස්ථාවක තරගිය දෙපසට දෝලනය වෙමින් තිබිණි. ලකුණු 39ට කඩුළු දෙකක් දැවී ගොස් තිබුණු බව සැබෑය. ලකුණු 220 වනවිටත් කඩුළු දෙකකි. පන්දු ඕවර 32.2 දී නායක කේන් විලියම්සන් මොහොමඩ් ෂමීගේ පන්දුවකට සූරිය කුමාර් යාදේව් අතට උඩ පන්දුවක් දෙමින් සංයමකින් යුතුව ගොඩනැගූ  ඔහුගේ ඉනිම නිමා කළේය.ඒ ලකුණු 69 දී ය.

ලකුණු 220 දී කේන් ගේ දැවී යෑම ඉනිම බිඳ වැටීමම විය. 220 දීම සිව්වන කඩුල්ලදැවී යන්නේය. ඒ ටොම් ලැතම් මොහොමඩ් ෂමීට ගොදුරු වීමෙනි.

අනතුරුව ග්ලෙන් පිලිප්ස් පන්දු 33ක දී ලකුණු 41ක් ලබාගෙන නොදැවී එක් අන්තයක සිටි ඩැරිල් මිෂෙල් සමග තරගය යළිත් ඔසවා තබන්නට උත්සාහ කළේය. එහෙත් ඔහුගේ දැවී යාමත් සමග හුදකලා සටනක් කිරීමට උත්හාස කළ ඩැරිල් මිෂෙල් තනි විය.  ඔහු හතරේ පහර 09ක් සහ හයේ පහරක් සමග ලකුණු 134ක් ලැබුවේය.

පන්දු ඕවර 48.5ක දී නවසීලන්තය ලකුණු 327කට දැවී ගියේය. ඉන්දියාවට ලකුණු 70ක ජයග්‍රහණයක් අත් විය.

මේ තරගයේ අමතක නොවන පන්දු යැවීම කළේ මොහොමඩ් ෂමීය. ඔහු කෝලිගෙන් තරගයේ වීරයා සම්මානයත් උදුරා ගත්තේය. ෂමී ලකුණු 57ට  කඩුළු 07කි. ජස්පිට් බුම්රා , මොහොමඩ් සිරාජ්, කුල්දීපි යාදේව් කඩුල්ල බැගින් ලැබූහ.

ඉන්දියාවේ ක්‍රියා කලාපය නිවැරදි ද?

තණ තිරුව පරීක්ෂා කරන රෝහිත්….

ඉන්දීය කණ්ඩායමේ සුපිර දක්ෂතාවය සම්බන්ධව  කිසිම ගැටලුවක් නැත. එම දක්ෂතා ලෝකයේ ඉහළින්ම ඉන්නා කණ්ඩායම් අතර තරගකාරීව ඉදිරියෙන් සිටින්නේය. ගැටලුව ඇත්තේ ඔවුන් වෙනුවෙන්  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය අයි.සී.සී. වෙත බලපෑම් කරමින් හැසිරෙන බව පෙනෙන ප්‍රශ්න සහගත පිළිවෙළය.

නවසීලන්තය සමග අත්පත් කරගත්  මේ ජයග්‍රහණ සම්බන්ධව ලෝකයා බලන්නේ දැඩි විවේචනයන් සහිතවය. ඒ මහත්තුරුන්ගේ ක්‍රීඩාව ඉන්දීයකරණය වී ඇති බව කියමිනි.

ඉන්දියාවේ අභිලාෂය හොඳින් හෝ නරකින්  මෙවර ලෝක කුසලානය  ජයග්‍රහණ කිරීම  බව ලෝක ක්‍රිකට් ලෝලීහු කියති. ඒ වෙනුවෙන් ක්‍රිකට්වල ජීව ගුණය මරණ අජාසත්ත ක්‍රියාකලාපය අයි.සී.සී.ය විසින් නිශ්ශබ්දව දරාගෙන සිටින බවට ක්‍රිකට් ලෝලීන්ගෙන් චෝදනා එල්ල වී ඇත.

තරගයට දිනක් තිබිය දී, වන්කඩේ ක්‍රීඩා පිටියේ  ක්‍රීඩා කිරීමට නියමිතව තිබූ තණතිරූව ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය විසින්  වෙනස් කර තිබුණු කියැවිනි.

ලෝක කුසලානය ආරම්භයේ පැවැති කාල සටහන අනුව, මෙම තරගය ක්‍රීඩා කිරීමට නියමිතව තිබුනේ මෙතෙක් භාවිතා නොකළ නැවුම් තණතීරුවක් වූ  වන්කඩේ නොම්මර 7 තණතීරුවේ බවත්, එය එක් කණ්ඩායමකට අමතර වාසියක් එක් නොකරනා, සාපේක්ෂව සාධාරණව හැසිරීමට තිබූ තණ තීරුවක් බවටත් මත පල වෙමින් ඇත.

කෙසේ වෙතත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා, පුහුණුකරු රාහුල් ඩ්‍රාවිඩ් ඇතුලු පිරිසක් පෙරේදා වන්කඩේ තනතීරු පරීක්ෂාවක් සිදු කර නොම්බර 06 තණතීරුවට තරගය මාරු කළ බවට චෝදනා එල්ල වී ඇත.

මෙ තණතිරුව මීට පෙර අවස්ථා 02ක දි භාවිත කළ කඩතොළු සහිත තණතීරුවක් බව වාර්තා විය.   උස නවසීලන්ත ක්‍රීඩකයන්  අපහසුවන ලෙස පන්දුව ඉපිලීම අඩු මන්දගාමී තණතිරුවක්   වීම නිසා මෙම තණතිරුව ඉන්දියාවට වැඩි වාසියක් ගෙන දෙනු ඇතැයි තරගය ආරම්භයට පෙර ඊයේ දවස පුරා සමාජ මාධ්‍ය තුළ සංසරණය වූ තොරතුරුවල කියැවිනි.

තරගාවලිය පුරාම මේ බලපෑම සිදුවී ඇති ආකාරය පිළිබඳවත් චෝදනා එල්ල වී ඇත.

කෙසේ වෙතත්  මේ යන රිද්මය අනුව අවසන් මහා තරගයේ දි දැඩි බරක් සහිත අවධාරණාත්මක තරග විලාශයක හැඩය සුළු වශයෙන් හෝ වෙනස් වන්නේ නම් පූර්ණ බලය යොදා කුසලතා පූර්ණ ඉන්දියානු කණ්ඩායම ලෝක කුසලානය අත්පත් කරගනු ඇත. ප්‍රබල දකුණු අප්‍රිකානු කණ්ඩායම මින් පෙර ඉන්දියාව හමුවේ ලකුණු  86කට දැවී ගියේය. ඔස්ට්‍රේලියානු කණඩායම ලකුණු 200කට අඩුවෙන් දැවී ගියේය. අවසන් මහා තරගයට එනු ඇත්තේ මේ කණඩායම් දෙකෙන් එකකි.

ලෝක කුසලාන  අවසන් මහා තරගයක ජීව ගුණය ආරක්ෂා වන ආකාරයේ තරගයකට අවශ්‍ය සාධාරණ වටපිටාවක් සහිත තරග පරිසරයක් නිර්මාණය වනු දැකීම ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන්ගේ අපේක්ෂාවය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ඉන්දීය ධීවරයෙකුට උතුරේ අධිකරණයකින් වසර දෙකක ස්ථිර සිර දඬුවමක්… ධීවරයින් 21කට අත්හිටවූ සිර දඬුවම්!

Next Post

ජනපති සියලුම දිස්ත්‍රික් ලේකම්වරුන්ට අතිරේක සුබසාධන කොමසාරිස්වරුන්ගේ වගකීම පවරයි!

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.