තම සමාගම් සතුව පවතින පොහොර පිළිබඳව සංඛ්‍යාලේඛන නිසිලෙස ඉදිරිපත් කර ගැනීමට නොහැකි වූ රාජ්‍ය පොහොර සමාගම් දෙකේ සභාපතිවරුන් දෙදෙනා අදාළ සංඛ්‍යාලේඛන රැගෙන එන තෙක් රැස්වීමෙන් ඉවත් කිරීමට අද පෙරවරුවේ පැවති රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන ඇත.
පොහොර අර්බුදය සම්බන්ධයෙන් අදාළ සියලු පාර්ශ්වවල මූලිකත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැති මෙම රැස්වීමේදී ජනාධිපතිවරයා විසින් විමසන ලද සංඛ්‍යාෙල්ඛන නිසි ලෙස ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ මෙම සභාපතිවරුන් දෙදෙනාට රැස්වීමෙන් පිටතට ගොස් නිලධාරීන්ට දුරකථන ඇමතුම් ලබා දී මෙම තොරතුරු වහා රැගෙන යළි පැමිණෙන්නැයි ජනාධිපතිවරයා එහිදී නියෝග කර ඇත.
කාබනික පොහොර සම්බන්ධයෙන් තම ප්‍රතිපත්තියේ වෙනසක් සිදුව නොමැති බවට අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අමාත්‍යංශ ලේකම්වරයාද දෝෂදර්ශනයට ලක් කළේ අමාත්‍යංශ ලේකම්වරයා රජයේ ප්‍රතිපත්තියට එරෙහිව රසායනික පොහොර භාවිත කළ යුතු බවට කරන ප්‍රකාශයද විවේචනය කරමිනි.
ලේකම්වරයා හෝ එවැනි ප්‍රතිපත්තියට එරෙහි නිලධාරීන් ඉවත් කළ යුතු බවද පැවසූ ජනාධිපතිවරයා මේ ප්‍රතිපත්ති සමඟ එකඟවන ඊට අනුගතව වන පිරිස සමග ක්‍රියා කළ යුතු බවටද අවධාරණය කළේය.