සෙනසුරාදා, ජූනි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

මින්පසු රසායනික පොහොර ගැන කතා කළොත් කෘෂිකර්ම ලේකම්ව එළවා දමන්න… ජනපතිගෙන් නියෝගයක්!

by editor
නොවැම්බර් 23, 2021
in පුවත්
Share on FacebookShare on Twitter
  • රටේ ජාතික ප්‍රතිපත්තිය කාබනික ගොවිතැනයි… ඊට විරුද්ධ කිසි කෙනෙක් එම තනතුරුවල සිටිය යුතු නෑ. ඔවුන් පන්නා දමනවා…

  • මහා ලොකු විද්‍යාඥයො ඇවිත් කතා කරනවා රසායනික පොහොර ගැන…හොයන් යනකොට ඔවුන් රසායනික පොහොර සමාගම්වල අධ්‍යක්ෂවරු…

  • රටේ ජාතික ප්‍රතිපත්තිය කාබනික ගොවිතැන වග සියල්ලන් සිහි තබා ගත යුතුයි… රසායනික ද්‍රව්‍ය ගෙන්වන්න අවශ්‍ය නම් පුද්ගලික අංශය එය කරයි. රජය නොවෙයි!

යූරියා නරක පොහොරක් නොවනවා සේම  ඇඟේ ගාන්නට නිශ්පාදනය කරන ක්‍රීම් වර්ගවල ඇත්තේ යූරියා බවත්  නියමිත ප්‍රමිතියක් සහිත රසායනික ශාඛ පෝෂක ආනයනය කිරීමට කටයුතු කරන බවත් කී කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම් උදිත් කේ. ජයසිංහ  රජයේ ප්‍රතිපත්තිය අනුව වැඩ නොකරන්නේ නම් පන්නා දමන බව ජනාධිපතිවරයා ඊයේ (22) ප්‍රකාශ කළේය.

වයඹ විශ්විද්‍යාලයේ උපකුලපතිවරයාව සිටි ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උදිත් කේ. ජයසිංහ පසුගිය අවුරුදු දෙක තුළ  කෘෂිකර්ම අමාත්‍යාංශයට පත්වුණු 03වන ලේකම්වරයා ය. මින් පෙර සිටි ලේකම්වරුන් දෙපළම ධුරයේ කටයුතු කළ නොහැකිව ඉල්ලා අස් විය.

කෘෂිකර්ම ලේකම්වරයා  පන්නා දමන බව කී ජනාධිපතිවරයා වැඩිදුරටත් කීවේ  මෙතෙක් පැවති  ව්‍යුහය හදා ඇත්තේ  රසායනික පොහොර   සමාගම් හා සම්බන්ධ එම නිශ්පාදන  ප්‍රචලිත කරන අය විසින් බවය.   ඔවුන් ඉවත් කර ජාතික ප්‍රතිපත්තියවන   කාබනික පොහොර ප්‍රචලිත කරන ලෙස ජනාධිපතිවරයා ප්‍රධානීන්ට දැන්වීය.

මේ තත්වය තුළ කෘෂිකර්ම ලේකම්වරයා රසායනික පොහොර අවශ්‍ය බව කිවහොත් එවැන්නෙක් තමන්ට අවශ්‍ය නැති බවත්, ජාතික ප්‍රතිපත්තිය එතැනින් නිමාවන බවත්, මින් මතු එසේ කිවහොත් ඔහුව එළවා දමන ලෙසත් ජනාධිපතිවරයා නියෝග කළේය.

RelatedPosts

KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

ශෂී වීරවංශගේ අභියාචනය මහාධිකරණය ප්‍රතික්ෂේප කරයි: වසර දෙකක සිරදඬුවම ස්ථීරයි!

ඇමෙරිකානු ප්‍රහාරයෙන් ඉරානයේ 20,000කට ජලය අහිමි වෙයි: යුද අපරාධ චෝදනා එල්ල වීමේ අවදානමක්! ‘ද නිව්යෝක් ටයිම්ස්’ විශේෂ විමර්ශනයක් මෙන්න

ලේකම්වරයා හෝ පොහොර අධ්‍යක්ෂවරයා හෝ ඕනෑම කෙනෙක් මෙම ජාතික ප්‍රතිපත්තියට විරුද්ධව නම්  කරන්නට පුලුවන් අයට එම තනතුරු දී ඉවත් වී යා යුතු බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

නොයෙක් විද්‍යාඥයන් පැමිණ රසායනික පොහොර පිළිබඳ කතා කරන බව කී ජනපතිවරයා ඔවුන්ගේ කාර්යය කුමක් දැයි විමසා බැලුවහොත් ඔවුන් රසායනික පොහොර සමාගම්වල හොඳම අධ්‍යක්ෂවරුන් බව කීවේය. ඔවුන් සමග ජාතික හරිත ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළ නොහැකි බව හෙතෙම අවධාරණය කෙළේය.

එහිදී ජනාධිපතිවරයා අදහස් දැක්වූයේ මෙසේය.

ප්‍රතිපත්තියක් වශයෙන් රජයෙන් අපි කරන්නේ, මේ කාබනික කෘෂිකර්මාන්තය, හරිත කෘෂිකර්මාන්තය පමණයි. ඒක මතක තියාගන්න ඕනේ ලේකම්වරුයි අනිත් හැමකෙනෙක් ම. රසායනික පොහොර ඒක පුද්ගලික අංශයට භාරදෙන්න. ඕන එක්කෙනෙකුට ඕන නම් ගෙන්නලා ඒක එකතොට ගොවියට අපිට ලබාදෙන්න පුළුවන්. එතකොට Available තියෙනවානේ. එතකොට කාටවත් කියන්න බැහැ මේක නැහැයි කියලා. හැබැයි සහනාධාරය දෙද්දි ප්‍රමුඛත්වය දෙන්නේ මේ කාබනික පොහොරවලට විතරයි.

එතකොට ගොවියා ඉබේම ඒකට යනවා. ප්‍රශ්නේ වෙලා තියෙන්නේ ගොවියව දැනුවත් වෙලා නැහැ. ගොවියාට විශ්වාසයක් නැහැ මොකද්ද පොහොර යොදන්නේ කියලා. අපි පොහොර බෙදන එක තාමත් සිද්ධවෙලා නැහැ. මේවා ගැන ප්‍රශ්න ඇතිවුණාම තමයි ඒගොල්ලෝ උද්ඝෝෂණය කරන්නේ. නැත්නම් මේ කන්නය සම්පූර්ණයෙන්ම ආසාර්ථක වෙනවානේ. එහෙම වෙන්න දෙන්න බැහැනේ. හැබැයි අපි සමස්තයක් වශයෙන් මේ පොහොර ගෙන්වීම හා කිසිම සම්බන්ධයක් රජයෙන් ගන්න නරකයි.

පහළ මට්ටමේ ඉඳලා ඉහළ මට්ටමට යනකම් මේවට කිසිම උනන්දුවක් නැහැ. ඒ හින්දා තමයි මේ ප්‍රශ්න මතුවෙන්නේ. මේ ව්‍යුහය තාම හැදිලා තියෙන්නේ ඒකේ ඉන්නේ මේ රසායනික පොහොර හා සම්බන්ධ අපේ රසායනික සමාගම් හා සම්බන්ධ ඒකත් ප්‍රචලිත කරන අය. ඒ අය අහක් කරලා කාබනික පොහොර ප්‍රචලිත කරන්න. ඒක තමයි ජාතික ප්‍රතිපත්තිය. ලේකම්තුමාම ගිහිල්ලා කිව්වොත් රසායනික පොහොර ඕන කියලා එතකොට ඉතින් මට වැඩක් නැහැනේ. එතකොට ජාතික ප්‍රතිපත්තිය එතනින් ඉවරයිනේ. මීට පස්සේ එහෙම කිව්වොත් එහෙම එයාව එළවලා දාන්න. ලේකම්වරයා හරි පොහොර අධ්‍යක්ෂවරයා හරි ඒ හැම කෙනෙක්ම ප්‍රතිපත්තියට විරුද්ධව කතා කරොත් එයා ඒකට විරුද්ධවයි. විරුද්ධ නම් එතනින් අයින් වෙලා යන්න ඕන පුළුවන් අයට දීලා. මම දන්නවා විද්‍යාඥයෝ අරගොල්ලො මේගොල්ලෝ ඇවිල්ලා කිව්වට ඒ ගොල්ලන්ගේ කාර්යය මොකද්ද කියලා බැලුවොත් පොහොර සමාගමෙන් දීලා නැහැ. සමහර අය අධ්‍යක්ෂවරු. සමහර සමාගම්වල හොඳම අධ්‍යක්ෂවරු. මේ කන්නයේ දැනට තියෙන ඒවට Immediately දෙන්න ඕන ගොවියන්ට ඒ උත්තරය දෙන්න ඕන.”

ජනාධිපතිවරයා කළ ප්‍රකාශය පහත දැක්වේ.

මේ කතාවත් කියවන්න…

යූරියා තමයි අපි ඇඟේ ගාන ක්‍රීම්වලත් තියෙන්නෙ… නරක නම් ඇඟේ ගාවියෑ…. කෘෂිකර්ම ලේකම් අද කිව්ව අමුතු කතාව

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ජනපති සමාගම් සභාපතිවරුන් දෙදෙනෙකු රැස්වීමෙන් එළියට දමයි!

Next Post

ඊයේ පළිබෝධ නාශක තහනම ඉවත්කර ගැසට් ගැසූ  පළිබෝධ නාශක රෙජිස්ටාර්ට ඇමතිගෙන් විනය පරීක්ෂණයක්!

Related Posts

Hiphop-Sangee
පුවත්

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
පුවත්

බාල වයස්කාර දැරිය දූෂණ චෝදනාවට පල්ලේගම හේමරතන DNA පරීක්ෂාවකට…

ජූනි 12, 2026
Air-Canada
පුවත්

අප්පගේ පොරක්…  වසර 17ක් පුරා හොර ලයිෂන් පිට  මගී ගුවන් යානා පැදවූ එයාර් කැනඩා නියමුවෙක් අත් අඩංගුවට..

ජූනි 12, 2026

Comments 1

  1. 29efca54ad19c16737cf506dcf55ff63 says:
    වසර 5ක් ago

    හොද වැඩේ පණ්ඩිත මහචාරියට.. අපේ ස තරම් වැඩ කරපු එකෙක් නැ යකෝ.. එතුමා අවුරුදු 30ක යුද්දයක් නැවැත්තුවේ.. පෝර මහා බක්කක් නෙවෙයි

    පිළිතුරු සැපයීම

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Hiphop-Sangee

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…

ජූනි 13, 2026
America

FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’

ජූනි 13, 2026
homuz

නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

ජූනි 13, 2026
ADVERTISEMENT
  • Niroshan_ D

    මේ හාදයා නැතිව අපිට ක්‍රිකට් ගහන්න බැරි ද?. පරිවර්තන කමිටුව පුනරුත්ථාපනය කිරීමට නොලැබේවා!

    172 shares
    Share 69 Tweet 43
  • රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු ප්‍රධානී සුරේෂ් සලේගේ බිරිය සහ පුත් සලේ ට සාධාරණයක් ඉල්ලා මල්වතු අස්ගිරි මහා නාහිමිවරුන් බැහැදකින්න ඇවිත්!!

    172 shares
    Share 69 Tweet 43
  • KP සතු වූ ටොන් ගණනක රන්වලට සිදුවූ දේ විමසීමට ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා අල්ලස් කොමිසමට කැඳවයි!

    172 shares
    Share 69 Tweet 43
  • සරණ  හිරේ…

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු ඇමැති පාඨලී මා සමඟ ඇති දේශපාලන අමනාපයට බොරු පැමිණිල්ලක් දාලා – උදය ගම්මන්පිල මහාධිකරණයේ දී කියයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත් අඩංගුවට ගත් දෙමළ රැප් ගායකයා නිදහස් කිරීම ගැන නාමල් සතුටෙන්…
  • FIFA 2026 ලෝක කුසලානය උණුසුම් වෙයි: අමෙරිකාවට විශිෂ්ට ජයක් – කැනඩාව සම තත්ත්වයෙන් තරගය නිමා කරයි’
  • නැටූ නැටුමෙන් පසු බෙරේ පලුවක් අහිමි වීමට නියමිත ට්‍රම්ප්ගේ යුද්ධය ගැන කතාවක්…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.