පළිබෝධනාශක 5ක් භාවිතය තහනම් කරමින් මීට පෙර නිකුත් කර තිබු ගැසට් නිවේදනයක් අවලංගු කිරීම හේතුවෙන් පළිබෝධනාශක රෙජිස්ටාර් ආචාර්ය ජේ.ඒ. සුමිත්ට එරෙහිව විනය පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පැවසීය.
ඊයේ නිකුත්කළ නව ගැසට් නිවේදනය අවලංගු කරන ලෙස ද තමා පළිබෝධනාශක රෙජිස්ටාර්වරයාට නියෝග කළ බව ඔහු පැවසුවේය.
ග්ලයිෆොසේට් ඇතුළු පළිබෝධනාශක 5ක් භාවිතය සහ විකිණීම තහනම් කරමින් 2014 වසරේ නිකුත් කළ ගැසට් පත්‍රය අවලංගු කරමින් පළිබෝධනාශක රෙජිස්ටාර්වරයා විසින් ඊයේ අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කළේය.
ග්ලයිෆොසෙට්, ප්‍රොපනිල්, කාබරීල්, ක්ලොෆයිරිපොස්, කාබොෆියුරාන් අඩංගු පළිබෝධනාශක සඳහා පනවා තිබු තහනම ඉවත් කරමින් පලිබෝධ නාශය රෙජිස්ටාර්වරයා මෙම ගැසට් පත්‍රය නිකුත් කර තිබිණි.
මේ පිළිබඳව ඇමති මහින්දානන්ද කියා තිබුණේ විනය පරීක්ෂණයෙන් පසු රෙජිස්ටාර්වරයා ධුරයෙන් ඉවත් කරන බවය. ඊයේ ගැසූ ගැසට් පත්‍රය අවලංගු කරන බවත් ඔහු කීවේය.
ඒ ගැසට් නිවේදනය පහත දැක්වේ.