සර්ව පාක්ෂික ආණ්ඩුව සමග පිහිටුවීමට යෝජිත ජාතික සභාවට එක්වන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහට දන්වා ඇත.
ජාතික සභාවට එක්වන ලෙසට ජනාධිපතිවරයා කර ඇති ආරාධනය භාරගන්නවා ද නැද්ද යන්න පිළිබඳව රනිල් වික්‍රමසිංහ මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නැති බව මේ සම්බන්ධව සිදුකළ විමසීමක දී එ.ජා.ප ජ්‍යෙෂ්ඨ ක්‍රියාකාරිකයෙක් ලංකාසරට පැවසීය.
වත්මන් ජනාධිපති සහ අගමැති යටතේ සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමෙන් පලක් නොවන බැවින් ඊට එක් නොවීමට මීට ඉහත දී එකසත් ජාතික පක්ෂය තීරණය කර තිබිණි.
කෙසේ නමුත් ජාතික සභාවට සහභාගී වෙනවා ද නැද්ද යන්න සම්බන්ධව අවසන් තීරණයක් ගනු ලබන්නේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මේ පිළිබඳව සාකච්ඡා කිරීමෙන් පසුව බව ඉහත ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.







