ජනපති පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාල ගැසට්ටුවට ජනාධිපති අනුර කුමාර දිසානායක මීට ස්වල්ප වෙලාවකට පෙර අත්සන් තබා ඇත.
නව කැබිනට් මණ්ඩලය සහ අමාත්‍යාංශ ලේකම්වරු පත් කිරීමෙන් අනතුරුව එළඹෙන මහ මැතිවරණයට අදාල ප්‍රතිපාදන වෙන් කරගැනීම කැබිනට් මණ්ඩලයෙන් අනුමත කරගැනීමෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැර තිබේ.
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරින ඕනෑම අවස්ථාවකදී එම දිනයේ සිට දින 52ත් 66ත් අතර කාලය තුළදී මැතිවරණයක් පැවැත්වීමට මැතිවරණ කොමිසම බැඳී සිටින බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක අද විශේෂ පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පැවසුවේය.







