ලබන 20දා නව ජනාධිපතිරවයෙක් තෝරා පත්කරගැනීමට ක්‍රියා කිරිමේ දී ඒ සම්බන්ධව ජාතික ජන බලවේගයේ හැර අනෙක් සෑම පක්ෂයකම අභ්‍යන්තර අර්බුද නිර්මාණය වී ඇතැයි වාර්තා වේ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, සමගි ජන බලවේගය, දෙමළ ජාතික සංධානය යන පක්ෂවල මතුව ඇති අභ්‍යන්තර අර්බුද නිසා ලබන 20 දා වනවිට එම පක්ෂ දෙකඩ වීමේ තත්ත්වයක් මේ වනවිට නිර්මාණය වී ඇතැයි අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග කියයි.
ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ රනිල් වික්‍රමසිංහට සහාය පල කරන බව එහි මහලේකම් ප්‍රකාශ කරද්දී සභාපති ප්‍රකාශ කර ඇතතේ ඩලස් අලහප්පෙරුමට සහයෝගය දෙන බවය.
මේ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙපිලකට බෙදී ඇති තත්ත්වය මත එහි මන්ත්‍රීවරු කීපදෙනෙක් ඩලස් සහ රනිල් යන දෙදෙනාටම සහයෝගය නොදිය යුතුය යන ස්ථාවරයේ සිට කටයුතු කිරීම ආරම්භ කර ඇත.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඩලස් අලහප්පෙරුමට සහයෝගය දැක්වීමට ගෙන ඇති තීරණයට පටහැනිව යමින් එහි මන්ත්‍රීවරු පිරිසක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට ඉදිරිපත් වී තිබේ.
පුරප්පාඩු වී තිබෙන විධායක ජනාධිපති ධුරය සඳහා තමන් තරඟ කරන බව සමගි ජන බලවේගයේ නායක, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිවේදනය කර ඇත. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් බහුතර බලය, හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වයට පැවතියද සත්‍ය ජය ගනු ඇති බවට තමා විශ්වාස කරන බව විපක්ෂනායකවරයා Twitter පණිවිඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.
මේ අතර සමගි ජන බලවේගයේ කණ්ඩායමක් රනිල් වික්‍රමසිංහට ඡන්දය පාවිච්චි කිරීමට එකඟතාවය පල කර ඇත. එම එකඟතාවය පල කර ඇත්තේ සමගි ජනබලවේගය සමග එක්ව සිටින දේශපාලන පක්ෂ කීපයක මන්ත්‍රීවරු කීප දෙනෙකි. ඔවුන් රනිල්වික්‍රමසිංහ සමග විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබේ.
දෙමළ ජාතික සංධානයේ සහාය සජිත් ප්‍රේමදාසට සහයෝගය දීමට සාකච්ඡා ආරම්භ වී ඇත. එම සන්ධානයේ මන්ත්‍රීවරු කිහිප දෙනෙක් රනිල් වික්‍රමසිංහට සහයෝගය දැක්වීමට අවශ්‍ය බටව විසංවාදයක් ගොඩනගා ඇත.
ඒ අතර සජිත් ප්‍රේමදාස අවසන් මෙහොතේ ජනාධිපති තරගයෙන් ඉවත්ව ඔහුගේ සහයෝගය ඩලස් අලහප්පෙරුමට ලබා දීමට සැලැස්මක් ඇති බවත් ලංකාසරට වාර්තා වේ.
කෙසේ වෙතත් උද්ගතවී ඇති තත්ත්වය මත ලබන 20 වැනිදා වනවිට පක්ෂ අතර අභ්‍යන්තර අර්බුද තීව්‍ර වී පක්ෂ බිඳී යෑමේ අවදානමක් බව දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි.







