සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති අගමැතිව ඉද්දී කෘෂිකර්ම අමාත්‍යාංශයට මාට්ටු කළ සබීතාගේ ගොඩනැගිල්ල ගැන විගණනයෙන් තවත් හෙළිදරව්වක්…

by editor
දෙසැම්බර් 30, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ලලිත් චාමින්ද –

  • ගොඩනැගිල්ල භාවිතා නොකල කාලසිමාව වෙනුවෙන්ද රුපියල් මිලියන 310ක මුදලක්  ගෙවලා.

  • රුපියල් මිලියන 63ක තැන්පත් මුදල නැවත ලබා දි නැහැ. ගොඩනැගිල්ලට වි ඇති හානි සම්බන්ධයෙන් කෘෂිකර්ම අමාත්‍යංශට රුපියල් මිලියන 15.54ක මුදලක් වැඩිපුර ගෙවිමේ අවදානමක්

කෘෂිකර්ම අමාත්‍යංශය සදහා   බදු පදනම මත ලබාගත් රාජගිරිය ශ්‍රී ජයවර්ධනපුර මාවතේ පිහිටි  ගොඩනැගිල්ල භාවිතා නොකල  කාලසීමාව  වෙනුවෙන් ද  රුපියල් තිස් එක් කෝටි අනූ හතර දාහක්    ( මිලියන 310.94) බදු කුලී ලෙස ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසයි.

එමෙන්ම  බදු දිමනාකරු විසින් බදු ගැනුම්කරුවන කෘෂිකර්ම අමාත්‍යංශය වෙත  ආපසු ගෙවිය යුතු රුපියල් මිලියන 63ක  තැන්පතු මුදල ද ලබා  දි නොතිබු බව  විගණනය මගින් අනාවරණය කොට ඇත. 

තවද මෙකී ගොඩනැගිල්ලට වි ඇති හානි හා පාඩු සම්බන්ධයෙන් සිදුකළ තක්සේරු වාර්තා පිළිබඳ  දේපාර්ශවය අතර මතභේදාත්මක තත්වයක් නිර්මාණය  විම හේතුවෙන්  කෘෂිකර්ම අමාත්‍යංශයට රුපියල් මිලියන 15.54ක වැඩිපුර  මුදලක් ගෙවිමේ අවදානමක් මතුවි ඇති බවද විගණන වාර්තාවේ සදහන් වේ. 

ගොඩනැගිල්ල බදු පදනම මත ලබා ගැනිමේ දී  බදු ගැනුම්කරුට හා  බදු දිමනාකරුට බදු ගිවිසුම අවසන් කළ හැකි ආකාරය  සම්බන්ධයෙන්වන කොන්දේසියක්  බදු ගිවිසුමට ඇතුළත්ව නොතිබුණි. 

මෙම තත්වය නිසා  වසර 05ක කුලී පදනම මත ලබාගෙන තිබු මෙම ගොඩනැගිල්ල  සිව්වන වසරේදි ආපසු  භාරදෙන අවස්ථාව වන විට  ඉතිරිව තිබු බදු කාලයට  සමානුපාතිකව බදු කුලී ප්‍රමාණයක් අඩුකර ගැනිමට  තිබු අවස්ථාව අහිමි වි  තිබුණි. එම නිසා  ගොඩනැගිල්ල භාවිතා නොකළ කාල සිමාව වෙනුවෙන්ද රුපියල් මිලියන 310.94ක මුදලක් ගෙවිමට සිදුවි තිබුණි..

RelatedPosts

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

එමෙන්ම බදු ගිවිසුමේ කොන්දෙසි අනුව  ගිවිසුම අවසන් වි බදු දේපළ භාරදිමෙන්  මාසයක කාලයක් තුළ  බදු දිමනාකරු විසින්  රුපියල් මිලියන 63ක තැන්පතු මුදල  බදු ගැනුම්කරුවෙත ලබාදීමට කටයුතු කළ යුතුවේ. එහෙත් කෘෂිකර්ම අමාත්‍යංශ විසින් බදු දේපල භාරදි ගිවිසුම අවසන් කිරිමට  ක්‍රියාකරණ ලද සෑම අවස්ථාවකදිම  බදු දිමනාකරු ඊට එරෙහිවි තිබුණි. 

මේ සඳහා එරෙහිවිම හා  ගිවිසුමේ මුලික කොන්දේසිවලට අනුකුලව  ක්‍රියාකරමින් ඇති නිසා  මෙම තැන්පතු  මුදල ලබා ගැනිමට නොහැකි වි තිබුණි.

එමෙන්ම  බදු ගැනුම්කාර පාර්ශවයෙන් ගොඩනැගිල්ලට වි ඇති හානිය සම්බන්ධයෙන්  දේපාර්ශවයේ  එකගතාවයෙන්  සුදුසු තාක්ෂණික ආයතනයක් මගින්  අලාභහානි සම්බන්දයෙන් වාර්තාවක් කැඳවිය යුතු බවට  ගිවිසුම තුළ කොන්දෙසියක් ඇතුළත්කොට නොතිබුණි. 

මෙම තත්වය නිසා කෘෂිකර්ම අමාත්‍යංශයේ නිලධාරින් විසින් සිදුකර තිබු තක්සේරුවට අනුව  ගොඩනැගිල්ලට වි ඇති හානිය රුපියල් මිලියන  12.71කි. 

බදු දීමානාකා සමාගම විසින්  සිදුකළ තක්සේරුවට අනුව  ගොඩනැගිල්ලට වි ඇති හානිය  රුපියල් මිලියන 28.25ක් ලෙස තක්සේරුකොට තිබුණි.

මෙම ගොඩනැගිල්ල සඳහා  බදු ගිවිසුමට අත්සන් කර තිබුණේ කෘෂිකර්ම අමාත්‍යාංශය වෙනුවෙන් හිටපු ලේකම් ඩී. විජේරත්නය.  ගොඩනැගිල්ල හිමි සමාගම  වෙනුවෙන් ඩී.පී.ජයසිංහ, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල සමාජික උපාලි ජයසිංහ සහ ප්‍රවීන රංගන ශිල්පී සබීතා පෙරෙරාය.

ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශයට ලබා ගැනීම පිළිබඳව  බරපතල වංචා දූෂණ, රාජ්‍ය සම්පත්,  වරප්‍රසාද, බලය සහ අධිකාරිය  අනිසි ලෙස භාවිතා කිරීම සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභාවේ දී හෙළි වූයේ  මෙම ගොඩනැගිල්ල බදු පදනම මත රැගෙන ඇත්තේ එවකට අගමැතිවරයා වූ  වත්මන් ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවකට  අනුව බවය. 

එහිදී  හිටපු අග්‍රාමාත්‍ය, වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජනාධිපති කොමිසම ඉදිරියේ   සාක්ෂි දෙමින් පිළිගත්තේ   රාජගිරියේ ගොඩනැගිල්ලට රජය කළ මුළු වියදම රුපියල් බිලියන දෙකකට අධික  නමුත් ඉන්  බලාපොරොත්තු වූ ප්‍රතිඵල නොලැබුණු  බවය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

පරිත්‍යාගාශීලීන්ගේ ප්‍රදාන පිළිගන්න විශේෂ කවුළුවක් විවෘත කරන්න… GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලයි… 

Next Post

සියලුම මහජන මුදල් ලබන පෙබරවාරිවනවිට ගෙවා මුදල් ව්‍යාපාර කටයුතුවලින් ඉවත් වෙන්න… කැන්රිච් ෆිනෑන්ස් ලිමිටඩ් වෙත මහ බැංකුව නියෝග කරයි…

Related Posts

පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
පුවත්

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026
පුවත්

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ජූලි 13, 2026

ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

ජූලි 12, 2026
ADVERTISEMENT
  • දෙබිඩි නිවුන් දරුවෝ...

    ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!
  • ඩෙංගු මදුරු දෂ්ඨනයෙන් දරුවන් බේරාගන්න පාසල් නිල ඇඳුමට අමතරව අත් පා ආවරණයවන ඇඳුම්වලට අවසර!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.