ගෑස් පෝලිං, ඉන්ධන පොලිං නැති කර රට ශක්තිමත් කළ නායකයා යන තේමාව යටතේ දේශපාලනය ප්රවර්ධනය කරමින් මැතිවරණයට ඉදිරිපත්වන ජනාධිපති රනිල් වික්රමසිංහට සිය ඡන්ද ලකුණ ලෙස ගෑස් සිලින්ඩරය ලැබී තිබේ.
2024 ජනාධිපතිවරණය සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහ එක් වන්නේ ස්වාධීන අපේක්ෂකයෙක් ලෙසිනි.
ඡන්ද අපේක්ෂකයින් වෙත ලකුණු බෙදා දීම නාමයෝජනා භාර ගැනීමෙන් අනතුරුව මැතිවරණ කොමිෂන් සභාව විසින් සිදුකළේය.
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් 39 දෙනෙක් ඉදිරිපත් වෙති.







