බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා විරෝධී පාලකයින්ට එරෙහිව හමුදාව සහ පොලිසියත් නැගී සිටින බව පාලකයින් සිහි තබා ගත යුතුයි – අනුර කුමාර දිසානායක

by editor
සැප්තැම්බර් 25, 2022
in පුවත්
Anura-Kumara-Dissanayaka
Share on FacebookShare on Twitter
  • ඇඟ බැඳපු අපරාධකරුවන්වන ප්‍රසන්නලා ඇමතිකම් කරන රටේ ඊයේ අත්අඩංගුවට පත් වුනේ එක පැයක්වත් බන්ධනාගාරයේ නොසිටිය යුතු තරුණ පිරිසක්…

මීනී මරුවන්, අපරාධකරුවන් උසාවියෙන් දඩ නියම වී වසර හතර පහ ඇඟ බැඳපු   මැරයින් ඇමතිකම් කරන රටක    ඊයේ  (24) පොලිිසිය විසින් අත්අඩංගුවට ගත් කිසිම තරණයෙක්  එක පැයක් හෝ රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටිය යුතු අය නොවන බව  ජනතා විමුක්ති පෙරමුනේ  නායක අනුර කුමාර දිසානායක පැවසුවේය..

අවුරුදු හතරක් ඇඟ බැඳපු ප්‍රසන්න රණතුංගත් මේ රටේ ප්‍රබල  කැබිනට්  ඇමතිවරයෙක් බව කී අනුර කුමාර දිසානායක මේ  තරුණ තරුණියන්   මහජනයාගේ දේපළ සොරකම් කළ අපරාධ කරුවන් නොවන බව කීවේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (25)ජනතා විමුක්ති පෙරමුණු මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

“ඇතුලේ ඉන්න ඕනෙ මිනිස්සු පාර්ලිමේන්තුවේ ඇමති ධුර දරන ගමන් මේ රටටත්, මේ රටේ ජනතාවටත් ඇත්තටම ආදරය කරන මිනිස්සු හිරේට යවන කොට කෝපයක් සහ වේදනාවක් ඇතිවෙනවා.“ ඔහු කීවේය.

මන්ත්‍රීවරයා අනතුරු අඟවමින් ප්‍රකාශ කළේ ජන විරෝධී නායකයන්ට එරෙහිව හමුදාව පොලීසිය   නැගිටින බව මේ පාලකයින් මතක තබා ගත යුතු බවත් ඔවුන්ට පාරා වළල්ලක් වන්නේ මේ මර්ධනයම බවත්ය.

“රනිල් වික්‍රමසිංහ බියගුලු නායකයෙක්. එයා පාර්ලිමේන්තුවේ 134කගෙන් බලයට ආපු කෙනා. ජනතාවගේ කැමැත්තක් නැති කෙනා. ඒ නිසා මහා රළක් වගේ එන ජනතාවගේ බලයට බියෙන් අධිආරක්ෂිත තුළ සැඟවිලා ඉන්න බලනවා. “

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

“ජනවරමක් නැති නායකයෝ හැම වෙලාවේම ඉන්න උත්සාහ කරන්නේ බැරැක්ක ඇතුලේ. ඒ නිසා රනිල් වික්‍රමසිංහ තමන්ටම වූ කලාප නිර්මාණය කරගෙන ඉන්න උත්සාහ කරන බවයි පෙන්නුම් කරන්නේ.“

“හමුදා වළලු කිහිපයක් තබාගෙන අඩි 15ක් විතර තාප්ප ගහගෙන ජනාධිපති මන්දිරය ඇතුලේ බංකර් හදාගෙන හිටි නායකයන්ට මොකද වුණේ කියලා අපි දැක්කා.“

“මේ කඩදාසි කොළවලින් නම් කරන අධිආරක්ෂිත කලාපවලින් රටක් පාලනය කරන්න පුළුවන් ද? ඔයවගේ ඉරි ගහලා, සිතියම් ඇඳලා, ජනතාවගේ නැගිටීම් වළක්වන්න බැහැ. තමන්ගේම බල ප්‍රදේශ හදාගෙන ජීවත්වෙන්නේ ජනතාවගේ වරමක් නැති ජනතාව ගැන විශ්වාසයක් නැති නායකයන්. “

“දැනටමත් ලක්ෂ ගණනකට රැකියා අහිමි වී ව්‍යාපාර කඩා වැටී හමුදාවේ පොලීසියේ රාජ්‍ය සේවයේ වැටුපෙන් ණය ගත් අය යන සියලු දෙනා මේ අර්බුදයේ ගොදුරු බවට පත්වී තිබෙනවා. රාජ්‍ය සේවකයන්ගේ ණය වාරික ගෙවන්න මුළු වැටුපම මදි වී තිබෙනවා. ගොවි ජනතාවගේ වියදම් අසීමිතව වැඩි වී, ධීවර ජනතාවට බෝට්ටුව දියත්  කර ගන්න බැරි වී තිබෙනවා. පාස්පෝට් ගන්න දහස් ගණන් පෝලිමේ ඉන්නවා. ජනතාවගේ වේදනාව, පීඩාව, බුර බුරා නැගෙමින් තිබෙනවා.“

“ජනතාවගේ මේ වේදනාව වඩා සංවිධානාත්මක මහජන නැගිටීමක් බවට පත්වීම වැළැක්වීමට මේ වගේ මර්දනයන් දියත් කර තිබෙනවා. සමාජය ඇද දමා තිබෙන ඛේදවාචකයන් හමුවේ, විගඩම්වලින් ජනතාවගේ විරෝධය සහ නැගිටීම පාලනය කරන්න බැහැ. “

“හමුදාවේ පොලීසියේ නිලධාරින් අපට කියන්නේ ඔවුන්ගේ ගෙවල්වලත් මේ ප්‍රශ්න සියල්ලම තිබෙන බවයි. ජන විරෝධී නායකයන්ට එරෙහිව හමුදාව පොලීසිය පවා නැගිටින බව පාලකයන් මතක තබා ගත යුතුයි. කෙටි කාලයකට තමන්ගේ බලය පවත්වාගෙන යන්න රනිල් වික්‍රමසිංහලාට මර්දනය තුළින් හැකි වූවත් දිගු කාලීනව ඔවුන්ට එරෙහිව නැගිටින්නේත් මේ මර්දනයම බව ඔවුන් මතක තබා ගත යුතුයි.“

අනුර කුමාර දිසානායක කීවේය.

 

 

Share69Tweet43
Previous Post

හිටපු ජනපති බිරිය අයෝමා රාජපක්ෂගෙන් කප්පම් ඉල්ලා තර්ජනය කළ පුද්ගලයෙක් අත්අඩංගුවට…

Next Post

ජනපති එනකම් වැඩ බලන රාජ්‍ය ඇමතිවරු වැඩ බලන ඇමතිවරු වෙති…

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.