දිවයිනෙන් බැහැරව ජපානයේ සහ පිලිපීනයේ නිල සංචාරයක නිරතව සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ පවතින අමාත්‍යාංශවල රාජකාරි වගකීම් එම රාජ්‍ය ඇමතිවරුන් වෙත පවරා ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශ කියයි.
ඒ අනුව වැඩ බලන රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, වැඩ බලන මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති ඇමති ලෙස ෂෙහාන් සේමසිංහ, වැඩ බලන ආයෝජන ප්‍රවර්ධන ඇමතිවරයා ලෙස දිලුම් අමුණුගම, වැඩ බලන තාක්ෂණ අමාත්‍යවරයා ලෙස කනක හේරත්, වැඩ බලන ළමා කටයුතු සහ රාජ්‍ය සවිබලගැන්වීමේ අමාත්‍යවරයා ලෙස අනුප පැස්කුවල් පත් කර තිබේ.