අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතාව රවටා මිලියන ගණන් මුදල් වංචාකළ ලාබෙට බඩු වෙබ් අඩවිකරු අත්අඩංගුවට…

by editor
ඔක්තෝබර් 20, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෘහ විද්‍යුත් උපකරණ හා පරිගණක ජංගම දුරකථන ඇතුළු ඩිජිටල් උපාංග කොරියාවේ ඇති සමාගමේ මිලටම ලබා දෙන බව ප්‍රකාශ කර “ලාබෙට බඩු“ නමින් වෙබ් අඩවියක් පවත්වාගෙන යමින් ජනතාවගෙන් රුපියල් ලක්ෂ ගණනින් වංචාකළ 23 හැවිරිදි තරුණයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඩිජිටල් වෝහාරික පරිගණක විද්‍යාගාරයේ නිලධාරීන් විසින් ඊයේ (19) සවස අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ  උදාර චාමික නැමැති   හබරාදූව අගුලුගල  පදිංචි තරුණයෙකි.

ඔහු දැඩි ලෙස මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ තැනැත්තෙක් බව විමර්ශන අංශ කියයි.

වෙළෙඳපලේ ඇති මිලට වඩා බෙහෙවින්ම අඩු මුදලකට මෙම ඩිජිටල් විද්‍යුත් උපාංග ගෙන්වා දෙන බවට සිය වෙබ් අඩවියට අදාල එෆ්බී ගිණුමේ දැන්වීම් පලකරමින් ඔහු මෙම ජාවාරම පවත්වාගෙන ගොස් ඇත.

එල්.ඊ.ඩී රූපවාහිනී රුපියල් 7000 සිටත් ලැප්ටොප් පරිගණක රුපියල් 19000 සිටත් අලෙවි කරන බවට ඉතාම ආකර්ෂණීය දැන්වීමක් පලකරමින් ඔවුන් එය මුහුණු පොත හරහා ප්‍රචාරය කර ඇත්තේ ව්‍යාජ ගිනුම් භාවිතයෙන් බව විමර්ශන අංශ කියයි.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

සිය ගැනුම් කරුවන් ඇනවුම් කරන භාණ්ඩවලට අදාල මුදල බැර කිරීම සඳහා ගිණුම් අංකයක් දක්වා  මෙම සැකකරු මාස 06ක කාලයක් තිස්සේ මෙම වංචාව කරගෙන ගොස් ඇත. භාණ්ඩ  ප්‍රමාදවන වීම ගැන විමසන විට ඔහු පවසා ඇත්තේ ඩොලර් අර්බුදය හේතුවෙන් භාණ්ඩ මාස තුනක් පමණ ප්‍රමාද වන බවත්,  එතෙක් සිටිය නොහැකිනම් මුදල් යළි බැර කළ හැකි බවත්  ඔහු විසින් දන්වා ඇත.

මේ තත්ත්වය තුළ බොහෝ ගැනුම්කරුවන් තවත් මාස ගණනක් භාණ්ඩ අපේක්ෂාවෙන් ගතකිරීමට එකඟ කරවා ගැනීමට අපරාධකරු සමත් වී තිබේ.

එහෙත් භාණ්ඩ නොලැබීම නිසා ඇතිවූ සැකය මත  අඩු මිලට භාණ්ඩ ගෙන්වා ගැනීම සඳහා මුදල් තැන්පත් කළ ගැනුම් කරුවන් විසින් ඔහුගේ වංචාව පිළිබඳව  කළ පැමිණිලි රට පුරා පොලිස් ස්ථාන සියයකට වැඩි ප්‍රමාණයකට ලැබී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

මාස 06ක් තුළ ඔහුගේ ගිනුමට රට පුරා පුද්ගලයින් තැන්පත් කර ඇති මුදල රුපියල් ලක්ෂ 56ක් බව ද විමර්ශන අංශ කියයි.

මෙම ගිණුම  අකුරුස්සේ පදිංචිකාරියක් වන මෙම තරුණයාගේ  පෙම්වතිය බව කියන තරුණියකගේ මිය ගිය මවගේ බැංකු ගිණුම බවද විමර්ශන අංශ හෙළි කරගෙන ඇත.

එමෙන්ම දැන්වීමට අදාලව පල කර ඇති දුරකථන අංකය ද මියගිය පුද්ගලයෙකුගේ නමට ලබා ගත් එක්ක බව හෙළි වී තිබේ.

එම ගිනුමේ මුදල් ඔහු ඒටීඑම් කාර්ඩ්පතක් මගින් ලබාගෙන තිබේ. විටින් විට විවිධ පුද්ගලයින් යොමු කරමින්ද ඔහු මුදල් ලබාගෙන ඇත.

මේ ජාවාරම සඳහා සැකකරු සමග මත්කුඩු භාවිතා කරන පුද්ගලයින් 12 දෙනෙකු ආසන්න කණ්ඩායමක් සම්බන්ධවී ඇතැයි දැනට හෙළි කරගෙන තිබේ.

ඩිජිටල්  වෝහාරික පරිගණක විද්‍යාලගාර නිලධාරීන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආර්ථික අර්බුදයේ වගකීම බාරගෙන බ්‍රිතාන්‍ය අග්‍රාමත්‍යවරිය දින 44න් ගෙදර යයි !

Next Post

ගෝඨා මහින්දට එරෙහිව වැඩ අරඹලා…!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.