අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය කල් දැමීමට ආණ්ඩුව අවසන් තීරණාත්මක තුරුම්පුව එළියට අදින්නට සූදානම්…

by editor
පෙබරවාරි 11, 2023
in පුවත්
Share on FacebookShare on Twitter

මැතිවරණයට අවශ්‍ය මුදල් ලබා නොදීමෙන්   අවසාන මොහොතේ මැතිවරණය කල් දැමීමේ සැලසුම  මේ වනවිට ක්‍රියාත්මකවී ඇති බව විශ්වාසකටයුතු අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ග හෙළිදරවු කරයි.

මේ වනවිට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් රජයේ වියදම් තවදුරටත් සීමා කිරීමට උපදෙස් ලබාදුන් බව දන්වා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් පසුගිය 31 දා ජනමාධ්‍ය නිවේදනයක් කර තිබේ.

ඊට අදාළව ජනාධිපති කාර්යාලයද   මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර ඇත්තේ රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධනය, ඖෂධ සහ ණය ගෙවීම හැර අනෙකුත් සියලුම වියදම් දැරීමට මේ මොහොතේ මහා භාණ්ඩාගාරයට අපහසු වී ඇතැයි ජනාධිපතිවරයා විසින් දන්වා ඇති බවය.

මේ වන විටත් ක්‍රියාත්මක බදු සංශෝධන මගින් උපයා ගැනීමට සැලසුම් කර ඇති ආදායම ලැබෙන තෙක් රජයේ වියදම් තවදුරටත් කප්පාදු කිරීමට හෝ කල් දැමීමට සිදුවන බව ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ සඳහන් කළ බව ජනාධිපති ලේකම් කාර්යාලය එම නිවේදනයෙන් දන්වා ඇත.

එමෙන්ම මහා භාණ්ඩාගාර ලේකම් කේ.එම්.මහින්ද සිරිවර්ධන විසින් රජයේ වියදම් පාලනය කිරීම සඳහා රාජ්‍ය මුදල් නිදහස් කිරීම සීමා කරන ලෙස දන්වමින් චක්‍රලේඛයක්ද නිකුත් කර අවධාරණය කර තිබුණේ, මෑතකදී කරන ලද බදු සංශෝධන තුළින් අපේක්ෂිත ආදායම් ඉලක්ක සපුරා ගන්නා තෙක් අත්‍යවශ්‍යම රාජ්‍ය සේවා, බාධාවකින් තොරව පවත්වාගෙන යෑමේ අරමුණින් රාජ්‍ය වියදම් දැඩි කොන්දේසි යටතේ සීමා කරන බවය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව, වැටුප්, විශ්‍රාම වැටුප්, සුබසාධන වියදම්, වෛද්‍ය සැපයීම්, ණය සේවාකරණය සහ අංක 01/2023 සහ අංක 09/2022 යන අය-වැය චක්‍රලේඛ මඟින් ප්‍රමුඛතා කර ඇති අත්‍යවශ්‍ය වියදම් සඳහා පමණක් මුදල් නිදහස් කිරීමට භාණ්ඩාගාරය කටයුතු කරන බව ද මහා භාණ්ඩාකර ලේකම්වරයා එම චක්‍රලේඛයෙන් දන්වා ඇත.

මෙම කොන්දේසිවලට පටහැනිව යම් බැඳීමක් නිලධාරීන් විසින් ඇති කර නොගත යුතු අතර, එවැනි නියමයන් කඩ කරන නිලධාරීන් පෞද්ගලිකවම ඒ සඳහා වගකිව යුතු බවද අදාළ චක්‍රලේඛයේ දක්වා තිබේ.‍ෙ

මෙම මැතිවරණයට අවශ්‍ය සමස්ත වියදම ලෙස රුපියල් බිලියන 10ක මුදලක් ඇස්තමේන්තුගත කර ඇති අතර, සිය මුලික වියදම් ලෙස ඉන් රුපියල් මිලියන 770ක මුදලක් කොමිසම මහා භාණ්ඩාගාරයෙන් ඉල්ලා ඇති නමුත් එම මුදල් මෙතෙක් නිසි ආකාරයෙන් නිකුත් කර නොමැති පසුබිමක  මැතිවරණ කොමිසමට කළ හැක්කේ විසර්ජන පනතින් තමන්ට ලැබුණු මුදල් තමන් වෙත ලබා දෙන ලෙස පාර්ලිමේන්තුවෙන් ඉල්ලීම බව ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක පෙන්වා දී තිබේ.

මේ සම්බන්ධව බීබීසී සේවය වෙත අදහස් දක්වමින් මංජුල ගජනායක පවසන්නේ බොහෝවිට පාර්ලිමේන්තුවේ දී මෙම ඉල්ලීම පරාජය වීමේ හැකියාවක් ඇති බවය.

“පාර්ලිමේන්තුවත් බලාගෙන ඉන්නේ මෙවැනි යෝජනාවක් එනකම්. මෙවැනි ප්‍රජාතන්ත්‍ර විරෝධී යෝජනා සම්බන්ධයෙන් ඔවුන් දැනටමත් බහුතරය රැස්කරගෙන ඉන්නේ. එතැනදී, මේකට බෙදීමක් අවශ්‍යයි කියල පක්ෂ නායකයෝ තීරණය කළොත්, එතැනදී මුදල් නිකුත් නොකර ඉන්න යම් තීරණයක් ගන්න පුළුවන්.” ඔහු පෙන්වා දෙන්නේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඩොලර් හිඟය නිසා පොලිස් අශ්වයින්ට දේශීය ආහාර… වැඩේ සාර්ථක බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය කියයි!

Next Post

අපි ඉල්ලන්නේ  මාස 08ක් තිස්සේ ක්‍රියාත්මක මැතිවරණ ක්‍රියාවලිය සඳහා  වරින් වර වියදම් කරන්න රටේ දවස් දෙකක ආදායමයි… මැතිවරණ කොමසාරිස් කියයි.

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.