පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සතු අශ්වයින්ට මෙතෙක් ලබා දුන් ආනයනික ආහාර ලබා දිමට නොහැකි විනිමය ප්‍රශ්නයක් ඇති වී තිබීම හේතුවෙන් දේශීය ආහාර ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ බවත් එය සාර්ථක වූ බවත් ලෙිස් ආශ්වාරෝහක කොට්ඨාසය පවසයි.
මෙතෙක් හුරු වී තිබූ ආනයනය කරන ආහාර වර්ග නොමැතිවීම හේතුවෙන් පසුගිය කාලසීමව තුළ මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් අඩුවී ඔවුන් කෘෂ වීමට පටන් ගත් ගෙන තිබුණ බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේය.
මේ තත්ත්වය තුළ, පසුගිය මාස තුනක කාලයේදී අශ්වයින්ට කොල්ලු, කඩල, මුං ඇට සහ බඩඉරිගු වැනි දේශීය ආහාර ලබාදීමට පියවර ගෙන තිබිණි.
මෙම නව ආහාර රටාවත් සමග මේ වන විට මෙම අශ්වයින්ගේ බර ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව පොලිස් අශ්වාරෝහක කොට්ඨාසය සඳහන් කළේය.
දෙරණ –