චීන රජය සහ එරට පාලන චීන කොමියුනිස්ට් පක්ෂය විසින් මෙතෙක් කිසිඳු බලපෑමක් නොකළ එරට විශාලතම නව ක්‍රිස්තියානි ආගමික ව්‍යාපාරය වන ද චර්ච් ඔෆ් අල්මයිටි හී කණ්ඩායම් සමාජිකයින්ව අත් අඩංගුවට ගැනීමට පියවරගෙන තිබේ.
මීට පෙර චීන කොමියුනිස්ට් පක්ෂය විසින් සිය සම්ප්‍රදායික නිරීක්ෂණ කටයුතු ගෙනයාමක් සිදු නොකළ අතර එම ආගමකි කණ්ඩාය සිය ආගමකි ප්‍රචාරණ කටයුතුද පවත්වාගෙන යාමක් සිදුවිය. මේ අතර චර්ච් ඔෆ් අල්මයිටි හී සමාජිකයින් මාධ්‍යවෙත පවසා ඇත්තේ දරුණුතම දඬුවම් නියම වී ඇත්තේ සෙයිජියන් සහ ෆූජියයන් සහ ජියෑනග්සූ පළාත්වල බවයි.
ඉකුත් ජූලි 15 වැනිදා තුලදී පමණක්, ෂෙජියැන්ග් පළාතේ අවම වශයෙන් චර්ච් ඔෆ් අල්මයිටි සාමාජිකයින් එක්දහස් හතලිස් දෙනෙකු (1,043) අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මේවන විටත් හාරසිය අටදෙනෙකු තවමත් අත්අඩංගුවේ පසුවන අතර, නඩු පැවරීමට සහ දඬුවම්වලට මුහුණ දී සිටිති. මේ අතර අත් අඩංගුවට පත්වූ එක් කාන්තාවක් ඇය අත්අඩංගුවට ගෙන දින තුනකට පසුව මිය ගියාය.
වාර්තා වන අන්දමට චීන පොලිසිය විසින් ඔෆ් අල්මයිටි හී නායකයින් සහ සක්‍රීය ක්‍රියාකාරීන් විශේෂයෙන් සොයමින් අත් අඩංගුවට ගැනීම සිදුකර ඇති බවටද වාර්තාවේ. අත් අඩංගුවට පත් වූ පිරිස දැඩි අඩත්තේට්ටම් වලට මුහුණ දීමට සිදුව ඇති බවටද ඔෆ් අල්මයිටි හී සමාජිකයින් චෝදනා කරයි.
චීන රජය විසින් නිරන්තරයෙන් ආගමික කටයුතු සම්බන්ධයෙන් දැඩි විමර්ශනයක නිරතවන අතර එහිදී එම කටයුතු දැඩි ලෙස පාලනය කිරීමට කටයුතු කරයි. මෙහිදී සමාජ මාධ්‍ය මගින් ආගමකි අදහස් දක්වන පිරිස්ද දැඩි නිරීක්ෂණය කිරීමටද චීනය රජය පියවර ගෙන තිබේ.