නීතිය ක්‍රියාත්මක කිරීම, සෞඛ්‍ය සේවා හා අධ්‍යාපනය ඇතුලු චීන රජයේ සෑම අංශයකින්ම නව දූෂිත සිද්ධීන් නිරන්තරයෙන් අනාවරණය වෙමින් පවතින හෙයින්, ගැටලු රාශියක් චීන පාලන පද්ධතිය හා සමාජය තුළ ගැඹුරින් මුල් බැස ඇති බව ‘මෙධේෂ්වනි’ ඉදිරිපත් කළ වාර්තාවක සඳහන් වේ.
මේධාෂ්වනී යනු 2005 දී ස්ථාපිත කරන ලද නේපාලය මූලික කර ගත් ප්‍රකාශනයකි.
රටේ බහුතර බලය හිමි චීන කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයින් කිහිප දෙනෙකුම දූෂණ සිදුවීම්වලට හසු වී ඇති අතර ඔවුන් පෞද්ගලික වාසි තකා දේශපාලන අධිකාරිය අවභාවිතා කරන බව සඳහන් ය.
සීසීපී සාමාජිකයින් සිය පෞද්ගලික වාසිය උදෙසා මහජන මුදල් සොරකම් කිරීමට උපාය මාර්ග දෙකක් භාවිතා කරනු ලබන බව මේධාෂ්වනී උපුටා දක්වමින් ‘ලේටස්ට් එල්වයි’ පෙන්වා දෙයි. ඉන් එකක් වන්නේ, පුද්ගලික ප්‍රතිලාභ සඳහා වන වියදම් නීතිමය නිල වියදම් ලෙස ලැයිස්තුගත කිරීමයි. අනෙක් ක්‍රමය ලෙස බොහොමයක් ප්‍රාදේශීය දේශපාලඥයින් සිය භූමි ප්‍රදේශ ඵලදායි ලෙස ‘මාෆියා රාජ්‍යයන්’ බවට පරිවර්තනය කිරීමයි. ඒ හරහා ඔවුන් වංක ව්‍යාපාරිකයින් හා වංචාකාරයින් සමඟ නීතිවිරෝධී ක්‍රියාකාරකම්වල නිරත වෙයි.
අනාගත චීනය දේශපාලනය හා ආර්ථිකය තුළ, පුළල්ව පැතිරුණු දූෂණයන් ස්ථාවරව තිබෙනු ඇතැයි වැඩිදුරටත් සඳහන් වේ.







