බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චිත්‍රපටියක් වගේ… උසාවියෙන් පැනල කිලෝ මීටර 400ක් බයිසිකල් පැදලා බෝට්ටුවක් හොරකම් කරන් ඉන්දියාවෙන් ලංකාවට පැනපු මහ කුඩ්ඩාගේ පුදුම හිතෙන පැනිල්ල!

by editor
අගෝස්තු 17, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ මධ්‍යම බන්ධනාගාරය සහ විශෝධන මධ්‍යස්ථානය පිහිටා ඇත්තේ ත්‍රිසූර් දිස්ත්‍රික්කයේය. මෙම බන්ධනාගාරයේ රඳවා සිටින අපරාධකරුවන් සහ සැකකරුවන් අතර ශ්‍රී ලාංකිකයෝ ද වෙති. ඒ අතර වැඩි දෙනෙක් සිටින්නේ මුහුුදු මාර්ගයෙන් මත්ද්‍රව්‍ය ජාවාරම් කරන්නට ගොස් අත්අඩංගුවට පත්වූවන්ය.

මත්කුඩු ජාවාරමට අසුව ත්‍රිසූර් බන්ධනාගාරයේ රඳවා සිටි ශ්‍රී ලාංකික සිරකරුවෙක් පසුගියදා බන්ධනාගාර පොලිස් අත්අඩංගුවෙන් මිදී බෝට්ටුවක්ද සොරාගෙන මෙරටට පැන ආවේය. 2021 වසරේ අප්‍රේල් මාසයේදී ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් හෙරොයින් කිලෝ 340ක් සමඟ අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කළ ශ්‍රී ලාංකිකයන් පස් දෙනා අතර සිටි ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවෙක් වන කිඹුලා ඇළ ගුණාගේ සමීපතමයෙක් වන මොහු අඟුලාන සමුද්‍රාසන්න මාවතේ පදිංචිකරුවෙක් වූ 52 හැවිරිදි වර්ණකුලසූරිය පටබැඳිගේ අජිත් නිශාන්ත නමැති අයෙකි. සොරා ගත් ෆයිබර් බෝට්ටුවකින් ඉන්දියාවෙන් පැනගත් ඔහුට මෙරටදී ගැලවිල්ලක් නොවුණේ ඉකුත් 10 වැනිදා වෙන්නප්පුව තල්දෙක (කඩවත) මුහුදු තීරයේදී වෙන්නප්පුව පොලිස් අත්අඩංගුවට පත් වූ බැවිනි.

ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කන්‍යාකුමාරි ධීවර වරායෙන් සොරාගත් බෝට්ටුවක නැඟ දින තුනක් තිස්සේ ඉර නැගෙන දෙස බලා මෙරටට ආ බව කියන අජිත් නිශාන්ත කොටුවන්නේ මෙරට ධීවරයින් පොලිසියට හා නාවික හමුදාවට වෙරළ තීරයට කිට්ටුවෙන් යාත්‍රාවක් පාවෙමින් ඇති බවට දුන් ඔත්තුවකට අනුවය. ඒ කල්පිටිය මුහුදු තීරයේ දී අජිත් රැගෙන ආ බෝට්ටුව ඉන්ධන නොමැතිව පාවෙමින් තිබියදීය. නාවික හමුදාව හා පොලිසිය මෙම යාත්‍රාව ගැන සොයන්නේ එහි සිටින්නේ ශ්‍රී ලංකිකයෙක් බව හෝ ඔහු ඉන්දියාවෙන් පලා එන සිරකරුවෙක් බව නොදැනය.

ප්‍රතිකාර ගනිමින් සිටිනා අජිත්…

පා වෙමින් තිබූ ධීවර බෝට්ටුවක සිටි පුද්ගලයා

මෙරට ධීවරයින්ගේ ඇස ගැටෙන විටත් කල්පිටිය මුහුදු තීරයේ සිට වෙන්නප්පුව දෙසට ක්‍රමයෙන් පාවෙමින් තිබූ බෝට්ටුව 10 වැනිදා සවස් කාලය වන විට වෙන්නප්පුව තල්දෙක වෙරළ තීරයට කිට්ටුවට ඇදී ගොස් ඇත. මෙම ආගන්තුක බෝට්ටුව දුටු ප්‍රදේශවාසීන් හා ධීවරයින් වෙන්නප්පුව පොලිසිය වෙත නොකඩවා කළ දැනුම්වත් කිරීමෙන් අනතුරුව වෙන්නප්පුව පොලිස් ස්ථානාධිපති තිලිණ හෙට්ටිආරච්චි ඇතුළු කණ්ඩායමක් වෙරළ තීරයට පැමිණෙන්නේ ආගන්තුක බෝට්ටුව පිළිබඳ සොයා බැලීමටය. ඒ වන විටත් බෝට්ටුවේ සිටි පුද්ගලයා මුහුදුට පනින්නට ගත් උත්සාහය ව්‍යර්ථ වන්නේ ඉහළින් ආ විශාල රළ පහර බෝට්ටුවේ බඳෙහි වැදී කණපිට පෙරැළි ඒ පුද්ගලයාද බෝට්ටුවට යට වීම හේතුවෙනි.

එසැණින් ක්‍රියාත්මක වූ ධීවරයින් හා ප්‍රදේශවාසින් බෝට්ටුවට යටවී සිටි පුද්ගලයාගේ දිවි බේරාගෙන රෝහලට රැගෙන යන්නේය. ඉන්දියානු බෝට්ටුවකින් මෙමරටට ආවත් ඔහු ඉන්දියානුවෙක් නොව ඉන්දියානු හිරෙන් පැන්න ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවකු බව හෙළිවන්නේ රෝහල්ගත කිරීමෙන් අනතුරුව කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේදීය.

RelatedPosts

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

කිඹුලා ඇලේ ගුණාගේ මත්ද්‍රව්‍ය ඇද්ද දූ ශෂිලා යාත්‍රාවේ සිටි අජිත්

අජිත් නිශාන්ත නමැති මෙම මත්කුඩු ජාවාරම්කරු කිඹුලා ඇළ ගුණාගේ මත්කුඩු ජාවාරමට සම්බන්ධ අයෙක් බව මේ වන විටත් හෙළිවී හමාරය. වෙනත් මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග ඇති සම්බන්ධතා ගැන යම් යම් තොරතුරු ඇතත් ප්‍රශ්න කිරීම් හමුවේ කිඹුලා ඇළ ගුණා සමඟ තමාට ඇති සම්බන්ධකම් ගැන මිස වෙන කිසිවෙක් ගැන ඔහු කෙළ බිඳක් කටින් හෙළා නැති බව විමර්ශන අංශ කියයි. කිඹුලා ඇළ ගුණාගෙන් ලද දැනුම්දීමකට අනුව තමා තවත් තිදෙනෙක් සමඟ මීගමුව ධීවර වරායෙන් 2021 වසරේ මාර්තු 20 වැනිදා “දූ ශෂිලා“ නමැති බහුදින ධීවර යාත්‍රාවෙන් ජාත්‍යන්තර මුහුදු සීමාවට ගිය බව ඔහු ප්‍රශ්න කිරීම් හමුවේ පවසා තිබුණේ නොපැකිළිවය.

මේ කියන වකවානුවේදී කිඹුලා ඇළ ගුණා සිටියේ චෙන්නායි පොලිස් අත්අඩංගුවේය. කිඹුලා ඇළ ගුණා ඇතුළු පිරිස එරට පොලිස් අත්අඩංගුවට පත්වන්නේ 2021 පෙබරවාරි මාසයේදී දිල්ලි බලා ගමන් කරන්නට චෙන්නායි ගුවන්තොටුපොළේ සිටින විටය. කිඹුලා ඇළ ගුණා සමඟ ඔහුගේ පුතා හා සහෝදරයාද, එල්.ටී.ටී.ඊ.යේ වෙඩික්කරුවෙක් වූ පාතාලයේ බුම්මාද ඒ අතර සිටියේය.

ඒ වන විට කිඹුලා ඇළ ගුණා ඇතුළු ඔහුට සම්බන්ධ මෙරට පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් 09 දෙනෙක් ඉන්දීය ආරක්ෂක අංශවල අත්අඩංගුවේ සිටියේය. ඔවුන්ව රඳවා තැබුවේ චෙන්නායි හී පිහිටි විවෘත රැඳවුම් මධ්‍යස්ථානයකය. කිඹුලා ඇළ ගුණා එම රැඳවුම් මධ්‍යස්ථානයේ රඳවා සිටියදී ඔහුට සම්බන්ධකම් ඇතැයි කියූ හෙරොයින් ප්‍රවාහනය කරමින් තිබුණු ශ්‍රී ලාංකේය බහුදින යාත්‍රාවක් ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් අල්ලා ගන්නේ 2021 මාර්තු 25 වෙනිදා කේරළයේ vizhinjam ප්‍රදේශයෙන් ඔබ්බට වූ මුහුදු තීරයේදීය.

“රවි හංසි නමැති එම බහුදින යාත්‍රාව තුළ තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 300කට වැඩිය. එම මත්කුඩු තොගයේ ඇසුරුම්වල පියාඹන අශ්වයකුගේ සලකුණකි. ඒ හැරුණු කොට ඒ.කේ. 47 වර්ගයේ මැෂින් තුවක්කු 05ක්ද මිලිමීටර් 09 වර්ගයේ ගිනිඅවිවලට යොදා ගන්නා පතරොම් 1000ක් ද ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් සොයා ගත්තේ යාත්‍රාවේ සිටි ශ්‍රී ලංකිකයන් පස් දෙනෙක්ද අත්අඩංගුවට ගනිමිනි. අත්අඩංගුවට පත් වූවන් අදටත් රඳවා ඇතැයි පැවසෙන්නේ කේරළයේ පිහිටි බන්ධනාගාරයකය.

අජිත් නිශාන්ත ගමන් කළ “ දූ ශෂිලා“ නමැති බහුදින යාත්‍රාව ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාවට හසුවන්නේ මීගමුවෙන් පිටත්ව ගොස් දින කිහිපයකට පසුවය. කොචින් සිට කිලෝමීටර් 200ක් පමණ දුර කේරළයේ vizhinjam ප්‍රදේශයේදීම ඉන්දියානු නාවික හමුදාවේ ස්වර්ණ නෞකාව විසින් අල්ලා ගත් මෙම යාත්‍රාවේ තිබී සොයා ගත් හෙරොයින් ප්‍රමාණය කිලෝ 340කි. කිඹුලා ඇළ ගුණා විසින් ලබාදුන් උපදෙස් මත තමා තවත් දෙදෙනකු සමඟ මීගමුවෙන් බහුදින යාත්‍රාවේ නැඟී ගමන් කළ බව ප්‍රශ්න කිරීම් හමුවේ අජිත් පැවසුවද ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව මෙම යාත්‍රාව කොටුකර ගන්නා විට ඒ තුළ අජිත් සමඟ පස් දෙනෙක් සිට ඇත. ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සිය මෙරටට දැනුම්දී තිබුණු තොරතුරුවලට අනුව ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව “දූ ශෂිලා“ යාත්‍රාවේ සිටියදී අත්අඩංගුවට ගෙන ඇති ශ්‍රී ලාංකිකයන් ගණන 05කි.

එකල වයස අවුරුදු හතළිස් නවයක් වූ අජිත් නිශාන්ත, පනස් අට හැවිරිදි වියේ පසුවූ විමලසිරි, එම වයසේම පසුවූ සෝමසිරි, හතළිස් අට හැවිරිදි වියේ පසුවූ ආරියරත්න පෙරේරා හා පනස් පස් හැවිරිදි වියේ පසුවූ ධර්මදාස එසේ අත්අඩංගුවට පත් වූවන්ය. මෙම යාත්‍රාව සමඟ සති දෙකක් තුළ ඉන්දීය වෙරළාරක්ෂක හමුදාව විසින් කේරළයට ආසන්න වෙරළට ඔබ්බෙන් අල්ලා ගත් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබුණු ශ්‍රී ලංකේය තෙවැනි යාත්‍රාව වූයේ “දූ ශෂිලා“ය.

අජිත් නිශාන්ත ඇතුළු පිරිස ත්‍රිසූර් මධ්‍යම බන්ධනාගාරයට

කේරළයට ඔබ්බෙන් මුහුදු තීරයේදී හෙරොයින් කිලෝ 340ක් සමඟ අල්ලා ගත් අජිත් නිශාන්ත ඇතුළු පිරිස ඉන්දියානු වෙරළාරක්ෂක හමුදාව විසින් රැගෙන එන්නේ කේරළයේ කොචින් වෙතය.. ඉන්දියානු ජාතික විමර්ශන ඒජන්සියට ඔවුන් සියලු දෙනා භාර දුන් පසු කෙරුණු ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ඔවුන්ව රඳවා තබන්නේ මට්ටන්චේරි බන්ධනාගාරයේය. 2021 අප්‍රේල් 30 වැනිදා දිස්ත්‍රික් උසාවියට ඉදිරිපත් කිරීමෙන් අනතුරු මට්ටන්චේරි සිට කිලෝමීටර් 93ක් පමණ දුරකින් පිහිටි ත්‍රිසූර් මධ්‍යම බන්ධනාගාරය වෙත මෙම පිරිස රැගෙන යන්නේය. දීර්ඝ කාලයක් ත්‍රිසූර් බන්ධනාගාරයේ රඳවා සිටි බැවින් අජිත් නිශාන්ත ඇතුළු පිරිස කේරළයේ භාවිත වන මලයාලම් භාෂාව මෙන්ම දෙමළ භාෂාවද හැසිරවීමට හොඳින් හුරුව සිටියෝය. මෙරට බන්ධනාගාරවල මෙන්ම කේරළයේ බන්ධනාගාරවලද දුරකථන අඩුවක් නොවූ බැවින් හිතු හැටියට ඔවුන්ට තමන්ට කැමැති අයෙකු හා කතා කරන්නට අවස්ථාව ලැබී තිබිණි.

ඉන්දියානු බන්ධනාගාර පාලනය වන්නේ අපේ රටේ මෙන් බන්ධනාගාර නිලධාරීන් විසින් නොව ඉන්දියානු පොලිසියේ නිලධාරීන් විසිනි. අපේ රටේ මෙන්ම ඉන්දියානු පොලිසියේද පගාකරුවෝ වෙති. බන්ධනාගාරය තුළ දුරකථන නිදහසේ පරිහරණය කරන්නට අවස්ථාව ලැබෙන්නේ එවැනි නිලධාරීන්ගේ සහායෙනි. එහෙත් පසුගිය ජූලි මාසයේදී බන්ධනාගාරය තුළ විශේෂ සෝදිසි මෙහෙයුමක් දියත් වන්නේ බන්ධනාගාරයේ ආරක්ෂිත පොලිස් නිලධාරීන්ට ද නොදන්වාය.

එහිදී බන්ධනාගාරයේ රඳවා සිටින සැකකරුවන් කිහිප දෙනෙක් සතුව තිබූ ජංගම දුරකථන රැසක් සොයා ගන්නා අතර අජිත් නිශාන්තගේ ජංගම දුරකථනයද විය. එම වැටලීම කළ පොලිස් නිලධාරීන් අජිත්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළේය. ඒ වන විටත් හෙරොයින් කිලෝ 340ක් ප්‍රවාහනය කිරීම, ළඟ තබාගැනීම , ජාවාරම් කිරීම සම්බන්ධයෙන් ඇප නොලබා වසර තුනක් තිස්සේ බන්ධනාගාරගතව සිටි අජිත්ට තවත් නඩුවක් ගොනු වන්නේ කේරළයේ “තිරුවාරුර් “ දිසා අධිකරණයේය.‍

උසාවියෙන් පැන්න හැටි

ඉකුත් ජූලි 24 වැනිදා උදෑසන බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව සහිත බස් රථයකින් ත්‍රිසූර් බන්ධනාගාරයේ සිට අජිත් ඇතුළු පිරිස “තිරුවාරුර්“ දිසා අධිකරණය වෙත රැගෙන යන්නේ මේ දුරකථන නඩුව සඳහාය. අධිකරණය පිහිටා තිබෙන්නේ බන්ධනාගාරයේ සිට කිලෝ මීටර හත අටක තරම් කෙටි දුරකිනි. රැගෙන ගිය අජිත් ඇතුළු සැකකරුවන්ගේ මාංචු ගැලවෙන්නේ මේ අධිකරණ පරිශ්‍රයේදීය. සියලු දෙනා පෝලිමට සිටුවා විනිසුරුවරයා වෙත රැගෙන රැඳවූවන් අතර ඉදිරියෙන්ම සිටියේ අජිත්ය. විනිසුරුවරයා අජිත්ගෙන් ප්‍රශ්න කර ඔහුගෙන් පසු සිටි අයව ඉදිරියට ගනිමින් සිටියදී අජිත් පස්සෙන් පස්සට යන්නේ පෝලිමේ අගට එකතු වීමේ අපේක්ෂාව ඇතිවය.

“ පෝලිමේ කෙළවර පොලිසියේ අය ආරක්ෂාවට හිටියේ නැහැ. මගේ ගැන අවධානයක් පොලිසියේ දෙන්නටම තිබුණෙත් නැහැ. පනින්න හොඳම වෙලාව මේක කියල මට හිතුණා. දෙපාරක් නොහිතාම මම පස්සෙන් පස්සට ඇවිත් උසාවියෙන් එළියට දුවගෙන ආවා. ඒ ඇවිත් උසාවිය ඉස්සරහා පාරේ නවත්තල තිබුණු බයිසිකලයක් අරන් මුළු ඇඟේම හයිය දාලා පදින්න ගත්තා“ එදා හිරෙන් පැන්න හැටි අජිත් හෙළිකරන්නේ එසේය.

දවස් තුනක් කිලෝමීටර 400ක් පා පැදියෙන්…

අජිත් පවසන්නේ ඔහුට හිරෙන් පනින්න කල්තියා සැලසුමක් නොතිබුණු බවය. ලද අවස්ථාවෙන් ප්‍රයෝජනය ගත් බව පමණක් ඔහු කියා තිබිණි. අධිකරණය ඉදිරිපිටින් සොරාගත් පාපැදියේ නැඟී ඔහු දින තුනක් තිස්සේ කිලෝමීටර් 400කට ආසන්න දුරක් ගමන්කර ඇත්තේ කේරළයේ සිට තමිල්නාඩුවේ කන්‍යාකුමාරි ප්‍රදේශයටය. කිලෝමීටර් 350කට ආසන්න දුරක් කේරළ ප්‍රාන්තය ඔස්සේය ගමන් කළ අජිත් තමිල්නාඩුවට ඇතුළු ඇතුළු වී තිබිණි. අනතුරුව කන්‍යාකුමාරි දක්වා කිලෝමීටර් 55ක් පමණ වූ දුරක් ඔහු පා පැදියෙන්ම ගමන් කළේය. කන්‍යාකුමාරි යනු තමිල්නාඩුවේ ඇති සංචාරක කලාපයකි. ඉන්දියාවේ හතර වටින්ම විවිධ ප්‍රාන්තවල වැසියෝ කන්‍යාකුමාරි වෙත පැමිණෙති.

කන්‍යාකුමාරිවල තිබෙන ධීවර වරාය අපේ ධීවර වරායන් මෙන් දෙතුන් ගුණයක් විශාලය. අජිත් නිශාන්ත පවසන්නේ අරමුණක් නොමැතිව ඔහු කන්‍යාකුමාරි වෙත පැමිණි බවය. ඒ ගමනේදී ඔහු රැය පහන් කර තිබුණේ කඩපිල්වලය.

කේරල පොලිසියේ මෙහෙයුම

කන්‍යාකුමාරි වෙත ඔහු පැමිණෙන විට කේරළයේ පොලිසිය පලා ගිය අජිත් නිශාන්තව සොයා මෙහෙයුමක් ද දියත්කර තිබිණි. මහ මඟ යන එන වාහන පවා දැඩි පරීක්ෂාවකට ලක්කළ කේරළ පොලිසිය අජිත් පාපැදියෙන් පලා යනු කිසිසේත් විශ්වාස කර නැත. කේරළ ප්‍රාන්තය තුළ අජිත් සොයා ගන්නට නොහැකි වූ තැන අජිත් තමිල්නාඩුවේ රාමේෂ්වරන් වෙත පලා යන්නට ඇතැයි පොලිසිය අනුමාන කරන්නේ රාමේෂ්වරන් කේන්ද්‍රකරගෙන ශ්‍රී ලාංකේය ජාවාරම්කරුවන් නිතර ගැවසුණු නිසාය. ඒ අනුව කේරළ පොලිසිය විසින් තමිල්නාඩු පොලිසිය දැනුම්වත්කර රාමේෂ්වරන්වල මෙහෙයුමක් දියත් කළද අජිත් ගැන කිසිදු හෝඩුවාවක් සොයා ගැනීමට පොලිසිය අසමත් විය. අජිත් ඒ වන විට රැඳී සිටියේ කන්‍යාකුමාරිවලය.

අජිත් ගේ සැලසුම වූයේ බෝට්ටුවක් සොරාගෙන කන්‍යාකුමාරිවල ශ්‍රී ලංකාවට පැන ගැනීමටය. සැලසුම සිතේ තබා ගෙන දින තුන හතරක් තිස්සේ කන්‍යාකුමාරි ධීවර වරායේ රැඳී සිටිමින් තමා බෝට්ටුවලින් ලීටර් 10 ප්‍රමාණයේ ඩීසල් කෑන් 10ක් සොරාගත් බව අජිත් පවසයි. ඒ අතරතුර ධීවරයන් සමඟ හිතවත්කම් ගොඩනඟා ගෙන ශ්‍රී ලංකාව ඇත්තේ කුමන දිශාවේ දැයි දැනගත් බවද පොලිස් ප්‍රශ්න කිරීම් හමුවේ අජිත් පවසා ඇත.

බෝට්ටුව හොරකම් කරන් පැන්න හැටි

“දවස හරියටම මට මතක නැහැ. මා ගාව ඒ වෙනකොට ඩීසල් කෑන් 10ක් තිබ්බා. එදා උදේ මුහුදු ගිහින් ආපු බෝට්ටුවක් නවත්තල හතර දෙනෙක් බැහැල ගියා. ඒ බෝට්ටුව මගේ වැඩේට හොඳ බව තේරුණා. ඩීසල් කෑන් ටික බෝට්ටුවට පටවගෙන එතැනින් පැන ගත්තා.“ කන්‍යාකුමාරිවලින් පැනගත් අයුරු අජිත් එසේ හෙළි කළේය.

කන්‍යාකුමාරි සිට අජිත් බෝට්ටුව පදවා ඇත්තේ නැඟෙනහිර දිශාවටය. ඒ නැඟෙනහිර පැත්තේ ලංකාව ඇතැයි කන්‍යාකුමාරිවල ධීවරයෙක් ඔහුට පවසා තිබුණු නිසාවෙනි. දිශාව බලා ගත නොහැකි වූ බැවින් ඔහු රාත්‍රී කාලයේදී බෝට්ටුවේ එන්ජිම අක්‍රියකර මුහුදේ පාවෙමින් සිටියේය. දින කිහිපයකට අවශ්‍ය තරම් ආහාරද ගබඩාකර ගෙන තිබිණි. අජිත් ගමන් කළ යාත්‍රාව මෙරට මුහුදු සීමාවට ළං වන්නේ දින තුනකට පසුවය. කල්පිටිය සීමාවට පැමිණෙන විට අජිත් ගේ අවාසනාවට ඉන්ධන අහවරවි බෝට්ටුවේ එන්ජිම නතර වන්නේය. ඉන්දියාවේ සිට කිසිදු බාධාවකින් තොරව කිලෝමීටර් හාර පන්සීයක් දුර ගෙවා මෙරටට පැන ගත් අජිත් අවසානයේදී කොටුවන්නේ වෙන්නප්පුව පොලිසියටය.

තමා අධිකරණයෙන් පැන පාපැදියක නැඟී කන්‍යාකුමාරි වෙත පැමිණ දින කිහිපයක් එහි රැඳී සිටිමින් ඩීසල් රැස්කර බෝට්ටුවක් සොරාගෙන මෙරටට ආ බවට අජිත් කීවද කිඹුලා ඇළ ගුණාගේ කල්ලිය සමඟ හිරේදීත් සම්බන්ධකම් පැවැත්වූ ඔහුට ඒ සඳහා සුළුවෙන් හෝ උදව්වක් ලැබී නොතිබුණා නම් මෙතරම් හරියක් කළ නොහැකි වනු ඇත. ඒ ගැන නිසි විමර්ශනයක් මෙතෙක් මෙරටදී සිදුව නැතත් ඉන්දියාව දැනටමත් සූදානමින් සිටින්නේ මේ පිළිබඳ පුළුල් විමර්ශනයක් කිරීමටය.
ඒ උදර්පන නීතිය මෙන්ම දකුණු ආසියාතික රටවල් අතර අත්සන් තබා ඇති සිරකරුවන් හුවමාරු කිරීමේ විධි විධාන ඔස්සේ අජිත්ව එරටට ඉල්ලමිනි. – ගයාන් කුමාර වීරසිංහ – ( සිළුමිණ පුවත්පතේ පළ වූ ලිපියක් ඇසුරින් සැකසිනි.)

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

“මංකිෆොක්ස් “ රටට ඇතුළුවීම වැළැක්වීමට විශේෂඥ උපදෙස් පමණක් රැගෙන වැඩ පිළිවෙළක් හදන්න… GMOA සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලයි!

Next Post

NPP නායක අනුර කුමාර දිසානායක අමරපුර මහා නිකායේ මහා නායක හිමිවරුන් හමුවෙයි!

Related Posts

පුවත්

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026
පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!

ජූනි 4, 2026

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • අඟුරුවාතොට වැඩිහිටි නිවාසයේ ගින්නෙන් මියගිය ගණන 12 දක්වා ඉහළට!
  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.