ලලිත් චාමින්ද –
ගාල්ල දිස්ත්‍රික්කය තුළ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් මෙවර මහකන්නයේ දී දැනට සිදුකොට ඇති වි අස්වනු සමික්ෂණ ප්‍රතිඵලවලට අනුව අක්කරයකට වි බුසල් 65ක සාමාන්‍ය අස්වැන්නක් ලබාගෙන ඇති බවට තහවුරුවි ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස් ජේ.ඩබ්ලිව්.එස් .ප්‍රියන්ජන් පවසයි.
ගාල්ල දිස්ත්‍රික්කය තුළ වි අස්වනු සමික්ෂණ 970ක් සිදුකිරිමට සැලසුම්කොට ඇති අතර මේ වනවිට ඉන් 138ක වි අස්වනු සමික්ෂණ කටයුතු සිදුකොට ඇති බැව් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා පවසයි.
ඉදිරි අස්වනු සමික්ෂණ වල ප්‍රතිඵල අනුව මෙම දත්ත වෙනස්විය හැකි බව පවසන ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා වලහන්දුව ගොවිජනසේවා බල ප්‍රදේශය තුල කෘපනිස වසම් 26කින් 24ක මේ වනවිට වි අස්වනු සමික්ෂණ ඉතා සාර්ථක ලෙස සිදුකොට ඇති බවද පවසයි.
වලහන්දුව ගොවිජන සේවා බල ප්‍රදේශය තුළ අක්කරයකට බුසල් 40 සිට 80 දක්වා වි අස්වැන්නක් ලබාගෙන ඇති බවද ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා පවසයි.
මෙවර මහකන්නයේ දි ගොවින් කාබනික දියර පොහොර සහ ශාක පෝෂක යොදා වි වගා කළ බවත් ඇතැම් කුඹුරු ඉතා සරුවට පවතින් අතර වගාහානිවු කුඹුරුද තිබෙන බවත් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා පවසයි.
අක්මිමන තල්ගස්යාය ප්‍රදේශයේ වාරිමාර්ග ගැටළු පරික්ෂා කිරිම සදහා සිදුකළ නිරික්ෂණ චාරිකාවකින් පසුව මාධ්‍යයට අදහස් දක්වමින් ගාල්ල දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන සහකාර කොමසාරිස්වරයා මේ බව සදහන් කළේය.
මෙම අවස්ථාවට ගාල්ල කඩවත්සතර හා තල්ප පත්තුවේ ප්‍රධාන අධිකරණ සංඝනායක සද්ධර්ම කිර්තිශ්රි මතුගම ගුණරත්න නාහිමියන් ද වැඩමකොට සිටි අතර වලහන්දුව ගොවිජන සංවර්ධන ප්‍රාදේශිය නිලධාරි කේ.එච්.ජේ සදමාලි ඇතුළු ප්‍රදේශයේ ගොවින් කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරින් මේ සදහා එක්ව සිටියහ.







