අම්පාර ගල්ඔය ගඟේ කොටවෙහෙර ප්‍රදේශයේ ඉවුර කැඩී යාමේ අවදානම වලක්වා ගැනීම සඳහා එම ස්ථානයේ වැලි ඉවත් කිරීම අද සවස සිට අරඹන බව වාරිමාර්ග සහ ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ පැවසීය.
සේනානායක සමුද්‍රයේ සිට කිලෝමීටර 17ක් පහළින් ගල්ඔය ගඟේ මේ අවදානම මතුව තිබෙන බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා අදාළ ස්ථානයේ වැලි කියුබ් දහසක් පමණ එකතු වී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී ඇතැයි කීය.
වැලි ඉවත් කළ විට ඉවුර කැඩී යාමේ අවදානම අඩු කර ගැනීමට හැකි බව වාරිමාර්ග ඉංජිනේරුවරුන් දැනුම් දී ඇති බවත්, වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ , අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂ සහ අම්පාරේ වාරිමාර්ග ඉංජිනේරුවන් කැඳවා සාකච්ඡා කොට තාවකාලික පිළියමක් ලෙස අදාල තීරණ ගත් බවත් නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ සඳහන් කළේය.
මේ වනවිට පහළ අවදානමට ලක් විය හැකි සුදුවැල්ල ගම්මානයේ පවුල් සියයක් සිය නිවාසවලින් ඉවත් කර ප්‍රදේශයේ විහාරස්ථානයක ලැගුම් ගැනීමට සලස්වා ඇත. අම්පාර සේනානයක සමුද්‍රය දැන් වේගයෙන් පිරෙමින් පවතින බැවින් එහි වාන් දොරටු විවර කරන්නට සිදුවහොත් ඒ ජලය මුදා හැරෙන්නේ ගල්ඔයට බැවින් තීව්‍ර අවදානමක මේ ගැමියෝ පසුවෙති.
මේ ලිපියත් බලන්න….
ගල් ඔයේ ඉවුරු බිඳෙයි… විනාශය වැලි කොට්ටාවලින් නවත්වන්න බෑ… පවුල් 100ක් ගම්මානවලින ඉවතට…







